Q. සවනක් ඝන බුදුරැස් ලෙස හදුන්වන ඒ බුදුරැස් ගැන සරල පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි.
A / R. "අභිධර්ම ප්‍රකරණයන් අතුරෙනුදු අනන්ත නය සමන්වාගත ප්‍රස්ථාන මහා ප්‍රකරණය විශේෂයෙන් ඥාන වර්ධනය කරන්නා වූ, ඥානය ප්‍රසන්න කරන්නා වූ, ඥානය තියුණු කරන්නා වූ ප්‍රකරණයෙකි. තථාගතයන් වහන්සේ බෝධි මූලයේ දී සව් කෙලෙසුන් නසා බුදු වූයේ වී නමුදු සම්බුද්ධත්වයට පැමිණි පළමුවන දෙවන තුන්වන සති වලදී නීල පීතාදි රශ්මීහු නො නික්මුණාහුය. සතරවන සතියෙහි රතන ඝරයෙහි වැඩහිඳ ධම්මසංගණියේ පටන් ක්‍රමයෙන් අභිධර්ම ප්‍රකරණයන් මෙනෙහි කරමින් ගොස් තථාගත ඥානය ප්‍රස්ථාන මහා ප්‍රකරණයට බස්වා එය මෙනෙහි කරන්නට පටන්ගත් කල්හි ඒ අනන්ත නය සමන්වාගත මහා ප්‍රකරණයෙහි උන් වහන්සේ ගේ ඥානයට රිසි සේ හැසිරෙන්නට ලැබීමෙන් එය අතිශයින් ප්‍රසන්න විය. ඥානය ප්‍රසන්න වනු සමග ම තත් සම්ප්‍රයුක්ත කාමාවචර මහාක්‍රියා චිත්තය ද තත් සම්ප්‍රයුක්ත අන්‍ය චෛතසිකයෝ ද ප්‍රසන්න වූහ. ප්‍රසන්න චිත්තයට නිඃශ්‍රය වන හෘදය වස්තුව ද ප්‍රසන්න විය. අතිප්‍රසන්න වූ චිත්තයෙන් උපදවන චිත්තජ රූපයෝ ද චිත්තය සේ ම ප්‍රසන්න වූහ. ප්‍රසන්න චිත්තජ රූපයන්ගේ ස්පර්ශයෙන් තථාගතයන් වහන්සේගේ සකල ශරීරය ම ප්‍රසන්න විය. ප්‍රසන්න වූ තථාගත ශරීරයේ ඒ ඒ තැන්වලින් නීල පීත ලෝහිතාවදාත මාඤ්ජිෂ්ඨ ප්‍රභාස්වර සංඛ්‍යාත ෂඩ්වර්ණය ඇති ආලෝක ධාරාවෝ අධිෂ්ඨානාදි ක්‍රියාවක් නැතිව ම ලෝකය ඒකාලෝක කෙරෙමින් නික්මෙන්නට පටන් ගත්හ. තථාගත ශරීරයෙහි කේශාදි නීලවර්ණ ස්ථානයන්ගෙන් නීලරශ්මි ධාරාවෝ නික්මුණාහු ය. සම ආදි පීතවර්ණ ස්ථානයන්ගෙන් පීත වර්ණ රශ්මිධාරාවෝ නික්මුණාහුය. ලේ ආදි රක්ත වර්ණ ස්ථානයන්ගෙන් ලෝහිත රශ්මීහු නික්මුණාහුය. දන්තාදි ශ්වේතවර්ණ ස්ථානයන්ගෙන් අවදාත රශ්මීහු නික්මුණාහුය. ශරීරයේ ඒ ඒ තැන්වලින් මාඤ්ජිෂ්ඨ ප්‍රභාස්වර රශ්මීහු ද නික්මුණාහු ය. එදින පටන් තථාගත ශරීරයෙන් අසූරියනක් තැන පැතිරෙන රශ්මියක් සැම කල්හි ම විහිදෙන්ට පටන් ගත්තේ ය."
A. "සවණක් ඝණ බුදුරැස් විහිදීම.
බුද්ධත්වයෙන් හතරවැනි සතියේ බුදුරජාණන් වහන්සේ විසින් රුවන්ගෙයි වැඩ සිටිමින් සතියක් මුළුල්ලේම අනුලෝමවත් ප්‍රතිලෝමවත් අභිධර්මය මෙනෙහි කළ බවත් ප්‍රකට කරුණක්. අභිධර්මයේත් ගැඹුරුතම කොටස වූ අනන්ත නය සමන්ත (සමන්නාගත / සම්මන්නාගත) පට්ඨානය මෙනෙකි කරන විට උන්වහන්සේගේ සර්වඥතා ඥාණය රිසි සේ හසුරුවන්නට අවස්ථාව උදා වුණා. සිත ප්‍රභෝදමත් වුණා. සම්ප්‍රයුක්ත චෛතසික ධර්ම ප්‍රභෝදමත් වුණා. චිත්තජ රූප කලාප ප්‍රභෝදමත් වුණා. මේ අවස්ථාවෙදි තමයි කෙස් ලොම් හා ඇසේ කළු කොටස් වලින් නිල් වර්ණ රශ්මියත්, සමෙන් කහ (පීත) වර්ණ රශ්මියත්, ලෙයින් රතු (ලෝහිත) වර්ණ රශ්මියත්, දත් ඇට හා ඇසේ සුදු කොටස්වලින් සුදු (ඕදාත) වර්ණ රශ්මියත්, මාංශ ආදියෙන් තැඹිලි (මාඤ්ජේෂ්ඨ) වර්ණ රශ්මියත්, ඒ සියළු කයින් ප්‍රභාශ්වර පැහැයත් නිදහස් වෙමින් සවණක් ඝණ බුද්ධ රශ්මිය පහළ වුණේ." ["දේහරශ්මීහු."]
"බුදුරැස් විහිදීම
අභිධර්මය මෙනෙහි කිරීමෙන් තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දේහයෙන් සවණක් රැස් විහිදීම ආරම්භ වූ සැටි දම්සඟුණු අටුවාවෙහි මෙසේ දක්වා ඇත්තේ ය. අප මහාබෝධිසත්ත්වයන් වහන්සේ ඒ වෙසක් පුණුපොහෝ දිනයෙහි මහාබෝධි මූලයේ වජ්‍රාසනයෙහි වැඩ හිඳ රාත්‍රියේ පශ්චිම යාමයේ එක්දහස් පන්සීයක් කෙලෙසුන් නසා සර්වඥත්වයට පැමිණ ඒ ප්‍රීතියෙන් තමන්වහන්සේ විසින් ප්‍රතිවේධ කළ ධර්‍මයන් සිහි කරමින් ඒ පළඟ නො බිඳ එහි ම සතියක් වැඩහුන් සේක. ඉක්බිති ඒ පර්‍ය්‍යංකයෙන් නැඟී බෝධිය සමීපයේ අන් තැනක මා මේ අසුනෙහි හිඳ සර්වඥත්වයට පැමිණියෙමි යි ඒ දෙස ඇසිපිය නො හෙළා බලමින් සතියක් හුන්සේක. උන්වහන්සේ පර්‍ය්‍යංකය දෙස බලා සිටිනු දුටු ඇතැම් දෙවියෝ සිද්ධාර්ථ කුමාරයන් මේ පර්‍ය්‍යංකයේ ආලය නො හැර තවමත් බලා සිටින්නේ උන්වහන්සේ ගේ වැඩ තවම නො නිම වී තවත් ඉදිරියට කළයුතු දෑ ඇති නිසා ය යි සිතූහ. ඒ දෙවියන් ගේ සැකය දුරලනු පිණිස අහසට නැඟී යමාමහපෙළහර දක්වා ඔවුන් ගේ සැක දුටු කොට බෝධිපර්‍ය්‍යංකයටත් සිටි තැනටත් අතරට අහසින් බැස සක්මන් කළ සේක. බුදු වී විසි එක් දිනක් ගතවිය. එතෙක් උන්වහන්සේ ගේ දේහයෙන් රශ්මියක් නො නික්මිණි. උන්වහන්සේ බුදුවීමෙන් සතරවන සතියෙහි ශ්‍රී මහා බෝධියෙන් වයඹදිග රුවන්ගෙයි වැඩ හිඳ බෝධිමූලයේ දී ලද සර්වඥතාඥානය මෙහෙයා අභිධර්මය මෙනෙහි කරන්නට වූහ. අභිධර්මය මෙනෙහි කළා වූ තථාගතයන් වහන්සේ අනන්ත නය සමන්වාගත පට්ඨාන මහාප්‍රකරණය මෙනෙහි කරන්නට වන් කල්හි ඉතා තියුණු වූ ද, ශක්තිමත් වූ ද, වේගවත් වූ ද, සර්වඥතාඥානය රිසි සේ හසුරුවන්නට අවකාශ ලැබිණ. ධම්මසංගණී ආදි අභිධර්ම ප්‍රකරණ සර්වඥතාඥානය රිසි සේ හසුරුවන්නට ප්‍රමාණවත් නො වීය. සර්වඥතාඥානය රිසි සේ හසුරුවන්නට පට්ඨානප්‍රකරණයෙහි දී අවකාශ ලැබීමෙන් තථාගතයන් වහන්සේ ගේ සිත අතිශයින් ප්‍රීතිමත් විය. පෙර කිසිකලෙක නො ලැබූ තරමේ ප්‍රීතියක් උන්වහන්සේට ඇතිවිය. ඒ ප්‍රීතියේ බලයෙන් උන්වහන්සේ ගේ ශරීරයත් අතිශයින් දීප්තිමත් විය. දීප්තිමත් වූ බුද්ධ දේහයෙන් ඒ ඒ තැන්වලින් නීල පීත ලෝහිත ඕදාත මාඤ්ජේෂ්ඨ ප්‍රභාෂ්වර යන ෂට්වර්ණ රශ්මීන් විහිදෙන්නට විය. බුදුරැස් විහිදීම ආරම්භ වූයේ අභිධර්මය නිසා ය. බුද්ධ දේහයෙන් රැස් විහිදෙන බව සැමදෙන ම පිළිගන්නා කරුණකි. බුදුපිළිමවලට රැස්වළල්ලක් තනන්නේ ඒ නිසා ය. අභිධර්මපිටකය බුද්ධදේශනයක් නො වේය කියා එය අවලංගු කරන්නෝ බුද්ධචරිතයේ ඉතා වැදගත් කොටසක් වන සතරවන සතිය පිළිබඳ වූ බුද්ධචරිතය අවලංගු කරන්නෝ ය. එය ඉමහත් පාපයෙකි. පට්ඨානපකරණය මෙනෙහි කිරීමෙන් බුදුරැස් විහිදීම ආරම්භ වූ බව අභිධර්ම අටුවාවෙහි පමණක් නොව සූත්‍රපිටකයේ මජ්ඣිම නිකායේ පාසරාසි සූත්‍ර අටුවාවෙහි ද විස්තර කර ඇත්තේ ය.
මෙහි දක්වා ඇත්තේ අන්තරාභවය පිළිබඳව කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ස්වල්පයකි. මේ පිළිබඳ ගැඹුරු කරුණු කිසිවක් මෙයට ඇතුළත් නො කළ බව ද සැලකිය යුතු ය."
https://pitaka.lk/books/patichcha-samuppada-vivaranaya/16-7.html
“අථ පල්ලඞ්කස්ස ච ඨිතට්ඨානස්ස ච අන්තරා පුරත්ථිමපච්ඡිමතො ආයතෙ රතනචඞ්කමෙ චඞ්කමන්තො සත්තාහං වීතිනාමෙසි, තං ඨානං රතනචඞ්කමචෙතියං නාම ජාතං. තතො පච්ඡිමදිසාභාගෙ දෙවතා රතනඝරං මාපයිංසු, තත්ථ පල්ලඞ්කෙන නිසීදිත්වා අභිධම්මපිටකං විසෙසතො චෙත්ථ අනන්තනයසමන්තපට්ඨානං විචිනන්තො සත්තාහං වීතිනාමෙසි, තං ඨානං රතනඝරචෙතියං නාම ජාතං. එවං බොධිසමීපෙයෙව චත්තාරි සත්තාහානි වීතිනාමෙත්වා පඤ්චමෙ සත්තාහෙ බොධිරුක්ඛමූලා යෙන අජපාලනිග්‍රොධො ¶ තෙනුපසඞ්කමි, තත්‍රාපි ධම්මං විචිනන්තොයෙව විමුත්තිසුඛඤ්ච පටිසංවෙදෙන්තො නිසීදි, ධම්මං විචිනන්තො චෙත්ථ එවං අභිධම්මෙ නයමග්ගං සම්මසි – පඨමං ධම්මසඞ්ගණීපකරණං නාම, තතො විභඞ්ගපකරණං, ධාතුකථාපකරණං, පුග්ගලපඤ්ඤත්තිපකරණං, කථාවත්ථු නාම පකරණං, යමකං නාම පකරණං, තතො මහාපකරණං පට්ඨානං නාමාති.
තත්ථස්ස ¶ සණ්හසුඛුමපට්ඨානම්හි චිත්තෙ ඔතිණ්ණෙ පීති උප්පජ්ජි; පීතියා උප්පන්නාය ලොහිතං පසීදි, ලොහිතෙ පසන්නෙ ඡවි පසීදි. ඡවියා පසන්නාය පුරත්ථිමකායතො කූටාගාරාදිප්පමාණා රස්මියො උට්ඨහිත්වා ආකාසෙ පක්ඛන්දඡද්දන්තනාගකුලං විය පාචීනදිසාය අනන්තානි චක්කවාළානි පක්ඛන්දා, පච්ඡිමකායතො උට්ඨහිත්වා පච්ඡිමදිසාය, දක්ඛිණංසකූටතො උට්ඨහිත්වා දක්ඛිණදිසාය, වාමංසකූටතො ¶ උට්ඨහිත්වා උත්තරදිසාය අනන්තානි චක්කවාළානි පක්ඛන්දා, පාදතලෙහි පවාළඞ්කුරවණ්ණා රස්මියො නික්ඛමිත්වා මහාපථවිං විනිවිජ්ඣිත්වා උදකං ද්විධා භින්දිත්වා වාතක්ඛන්ධං පදාලෙත්වා අජටාකාසං පක්ඛන්දා, සීසතො සම්පරිවත්තියමානං මණිදාමං විය නීලවණ්ණා රස්මිවට්ටි උට්ඨහිත්වා ඡ දෙවලොකෙ විනිවිජ්ඣිත්වා නව බ්‍රහ්මලොකෙ වෙහප්ඵලෙ පඤ්ච සුද්ධාවාසෙ ච විනිවිජ්ඣිත්වා චත්තාරො ආරුප්පෙ අතික්කම්ම අජටාකාසං පක්ඛන්දා. තස්මිං දිවසෙ අපරිමාණෙසු චක්කවාළෙසු අපරිමාණා සත්තා සබ්බෙ සුවණ්ණවණ්ණාව අහෙසුං. තං දිවසඤ්ච පන භගවතො සරීරා නික්ඛන්තා යාවජ්ජදිවසාපි තා රස්මියො අනන්තා ලොකධාතුයො ගච්ඡන්තියෙව.”
“අථස්ස පුරත්ථිමකායතො සුවණ්ණවණ්ණා ඝනබුද්ධරස්මියො උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, තථා පච්ඡිමකායතො දක්ඛිණපස්සතො වාමපස්සතො සුවණ්ණවණ්ණා ඝනබුද්ධරස්මියො උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, උපරිකෙසන්තතො පට්ඨාය සබ්බකෙසාවට්ටෙහි මොරගීවරාජවණ්ණා අසිතා ඝනබුද්ධරස්මියො උට්ඨහිත්වා ගගනතලෙ අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, හෙට්ඨාපාදතලෙහි පවාළවණ්ණා රස්මියො උට්ඨහිත්වා ඝනපථවියං අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, දන්තතො අක්ඛීනං සෙතට්ඨානතො, නඛානං මංසවිමුත්තට්ඨානතො ඔදාතා ඝනබුද්ධරස්මියො උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, රත්තපීතවණ්ණානං සම්භින්නට්ඨානතො මඤ්ජෙට්ඨවණ්ණා රස්මියො උට්ඨහිත්වා අසීතිහත්ථට්ඨානං අග්ගහෙසුං, සබ්බත්ථකමෙව පභස්සරා රස්මියො උට්ඨහිංසු. එවං සමන්තා අසීතිහත්ථට්ඨානං ඡබ්බණ්ණා බුද්ධරස්මියො විජ්ජොතමානා විප්ඵන්දමානා විධාවමානා කඤ්චනදණ්ඩදීපිකාදීහි ¶ නිච්ඡරිත්වා ආකාසං පක්ඛන්දමානා මහාපදීපජාලා විය, චාතුද්දීපිකමහාමෙඝතො නික්ඛන්තවිජ්ජුලතා ¶ විය ච දිසොදිසං පක්ඛන්දිංසු. යාහි සබ්බෙ දිසාභාගා සුවණ්ණචම්පකපුප්ඵෙහි විකිරියමානා විය, සුවණ්ණඝටතො සුවණ්ණරසධාරාහි ආසිඤ්චියමානා විය, පසාරිතසුවණ්ණපටපරික්ඛිත්තා විය, වෙරම්භවාතෙන සමුද්ධතකිංසුකකණිකාරකොවිළාරපුප්ඵචුණ්ණසමොකිණ්ණා විය, චීනපිට්ඨචුණ්ණසම්පරිරඤ්ජිතා විය ච විරොචිංසු.”