Q. සමේ පැහැය අනුව රාගය ඇති වන පුද්ගලයෙකු එයින් මිදෙන්නේ කෙසේද... පැහැදිලි කරදෙන්න... තෙරුවන් සරණයි..!!!!
A. ඇසට පෙනෙන්නේ කුසල කර්මයෙන් / පිනෙන් (කර්ම ප්‍රත්‍යයෙන්) හටගත් සමේ වර්ණයයි - ඇසට එය කොහොමත් ප්‍රිය ය.

2. එහෙත් සම සැදී ඇත්තේ (ඉතා පිළිකුල් ශුක්‍රාණු හා ඩිම්බ එක්වූ යුක්තාණු සහ බලු වමනයක් බදු ආහාර නමැති) පිළිකුල් දෙයින් පිළිකුල් ලෙස ය.
ඇසට පෙනෙන්නේ සමේ වර්ණය (වර්ණ සටහන] ම පමණි; “සම/හම” අත ගෑවොත් අසු වන්නේ වෙනත් ධාතු තුනකි; ඇඟේ හෝ අංග, ප්‍රත්‍යංගවල හැඩය අතට අසු නොවේ - හැඩය (පැහැසටහන) අසුවන්නේ ද ඇසට හා සිතට ම පමණි; සිපගතහොත් හෝ ලෙව කෑවොත් හෝ ... - ඒ අර පිළිකුල් (ජරා) දෙය යි.
මේ කාරණා වෙන්කොට නුවණින් නිතරම බලන්න / නුවණින් නිතරම විමසන්න / නුවණින් නිතරම සිතන්න.
{A / R. (https://tipitaka.lk/library/258/download)}
A. දර්ශනකාමය (Voyeurism) හා ප්‍රදර්ශනකාමය (Exhibitionism) ලෙසින් මනෝ ව්‍යාධීන් (මානසික රෝග / මානසික අසමතුලිතතාවයන්) දෙකක් ද (එහි මූලික අවස්ථා ද) ඇති බැවින්, ඒවා පිළිබඳව දැනුවත් වීම ද - ඒ සඳහා ද පිළිකුල් / අශුභ භාවනා, සතිපට්ඨාන භාවනා, (ඉහත මා සඳහන් කළ ක්‍රමය ද ඇතුළත්ව) අනිත්‍ය - දුක්ඛ - අනාත්ම - අශුභාදී විදර්ශනා භාවනා ආදිය වැඩීම (අවශ්‍ය නම් “නිසි මනෝ වෛද්‍ය උපදෙස්” ලබා ගැනීම) ද වටී.