718. මෙච්චර ම බෝවෙන්නේ කොහින් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බැක්ටීරියා, ශුද්‍ර ජීවීන් අපිරිසුදු සහ කුණු ගොඩවල් දාන්න දාන්න සීමාවක් නැති (unlimited) ට්‍රිලියන ගණනක බොවෙන්න තරම් ආත්ම කොහොමද ඇති වෙන්නේ?

A. 1. අන්තවත් (කෙළවරක් ඇති / සීමාවක් ඇති / ප්‍රමාණයක් ඇති / කවදා හෝ කුමන ක්‍රමයකින් හෝ අඩු-වැඩි වන) දේවල් / කොටස් / මාතෘකා.

2. අනන්තවත් (කෙළවරක් නැති / සීමාවක් නැති / ප්‍රමාණයක් නැති / කවදා හෝ කුමන ක්‍රමයකින් හෝ අඩු-වැඩි නොවෙන) දේවල් / කොටස් / මාතෘකා.

කියලා, කොටස් දෙකක් තියනවා / ඉන්නවා. දෙවෙනි කොටසට තමා ඔබ ඔය කියන “ආත්ම”, සත්තු, අවකාශය, කාලය, වගේ මාතෘකා අයිති වෙන්නේ.

(“අන්තවත්” හා) විශේෂයෙන් ම “අනන්තවත්” දේවල් / කොටස් / මාතෘකා ගැන හරියට ම තේරුණොත් හරි; නැත්තං, ඔය වගේ ප්‍රශ්න එනවා ම තමයි - හරියට ම තේරුම් ගන්න එක හිතන තරං ලේසිත් නෑ.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll