686. "ජවන සිත්" (ජවන් සිත්) කියන්නේ මොනවා ද? කීය ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ජවන සිත් ගැන විස්තරයක් කරන්න පුළුවන් ද?

A. "සිත්වල ප්‍ර‍ධාන කොටස ජවන් සිත් ය. භවාඞ්ග සිත් ඇරුණාම සත්ත්වයකු තුළ වඩා උපදින්නේ ජවන් සිත් ය. අරමුණ හොඳට දැන ගන්නේත්, ක්‍රියා සිදු කරන්නේත්, පින් - පව් වන්නේත් ජවන් සිත් ය."
https://pitaka.lk/books/abhidharma-margaya/4-3.html

Q. ජවන් සිත් කීයක් තියෙනව ද?

A. අකුසල් සිත් දොළොසය - හසිතුප්පාද සිතය - මහා කුසල් සිත් අටය - මහා ක්‍රියා අටය - මහද්ගත කුසල් නවයය - මහද්ගත ක්‍රියා නවයය - ලෝකෝත්තර සිත් අටය යන මේ සිත් පනස් පස (55) ජවන චිත්තයෝ ය.

["මෙසේ කුසල-අකුසල-ක්‍රියා-විපාක (ඵල) චිත්තයන් ගේ වශයෙන් පස්පනස් (55) ජවනයෝ දතයුතු වෙත්."
https://pitaka.lk/books/vishuddhi-margaya/16-3.html
"තං තං ජවතීති එවං පඤ්චපඤ්ඤාසාය කුසලාකුසලකිරියවිපාකවිඤ්ඤාණානං ජවනවසෙන පවත්ති වෙදිතබ්බා."

Q. 1. කාමාවචර ජවන් සිත් කීයද?
2. ඒ මොනවාද?

A. 1. විසිනවයකි = 29 කි.
[කාම ජවන් එකුන් තිසය.
එකුන් තිස් කාම ජවනයන්.
කාමාවචර ජවන් එකුන් තිසය.]

2. අකුසල් සිත් දොළොසය - හසිතුප්පාද සිතය - මහා කුසල් සිත් අටය - මහා ක්‍රියා අටය.
(12 + 1 + 8 + 8 = 29)

{"කාමාවචරජවනානි ච කුසලාකුසලනිරාවජ්ජනකිරියවසෙන එකූනතිංස, ..."
https://tipitaka.app/?a=6i11-30-si}

Q / A. මහද්ගත ජවන අටලොසකි / අටළොසකි = 18 කි.
[මහද්ගත කුසල් නවය + මහද්ගත ක්‍රියා නවය.]

ලෝකෝත්තර ජවන අටකි = 8 කි.
[ලෝකෝත්තර මාර්ග සිත් 4 + ලෝකෝත්තර ඵල සිත් 4.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll