826. පිං කරන්ඩ එපා ද? පිං කරොත් සසර දික් වෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. 1. "පිනක්" ලෙස හැඳිනෙවෙන්නේ කුමක්ද?

2. පින් රැස් කිරීම යනු සංස්කාර රැස් කිරීම නොවේද?

3. එසේ නම් පින් රැස් කිරීම සිදුවන්නේ අවිද්‍යාව නිසාම නොවේද?

A. 1. "පින කියන සිංහල වචනයේ පාලි වචනය තමයි පුඤ්ඤං. මේ පුඤ්ඤං කියන පදෙන් කියවෙන්නේ ඒකේ ධාතු ප‍්‍රකෘතිය පූ පවනේ කියන ධාතුව පවනේ කියන්නෙ පිරිසිදු බව. පවිත‍්‍ර අර්ථය. පු කියන පවිත‍්‍රාර්ථ ධාතුවට යටින් ණ්‍ය කියල ප‍්‍රත්‍යයක් එනවා. මූර්ධජ ණයන්නට යන්සය එනවා. ඒකට ආදේශ වෙනවා අල් ඤයන්නක්. ඒක ද්විත්ව වෙනවා. ද්විත්ව වෙලා අර යන්සය තිබුණ අයන්න එකතු වුනාම පුඤ්ඤ කියල පදයක් හැදෙනවා. එතකොට එතනින් කියන්නෙ පිනවීම නෙවෙයි. පිරිසිදු වීම. යම්කිසි සිතක පිරිසිදුවීමක් තියෙනව නම් ඒක පුඤ්ඤ."

{R. "පූ පවනෙ. පවනං සොධනං. පුනාති. පුඤ්ඤං, පුත්තො, දන්තපොණං.
එත්ථ ච පුඤ්ඤන්ති අත්තනො කාරකං පුනාති සොධෙතීති පුඤ්ඤං. අථ වා යත්ථ සයං උප්පන්නං තංසන්තානං පුනාති විසොධෙතීති පුඤ්ඤං. කින්තං? සුචරිතං කුසලකම්මං. සකම්මිකත්තා ධාතුස්ස කාරිතවසෙන අත්ථවිවරණං ලබ්භති. පුත්තොති අත්තනො කුලං පුනාති සොධෙතීති පුත්තො. එවඤ්ච සති හීනජච්චානං චණ්ඩාලාදීනං පුත්තො නාම න භවෙය්‍යාති න වත්තබ්බං සද්දානමත්ථකථනස්ස නානප්පකාරෙන පවත්තිතො, තස්මා අත්තනො පිතු හදයං පූරෙතීති පුත්තොති එවමාදිනාපි නිබ්බචනං ගහෙතබ්බමෙව. නානාධාතුවසෙනපි හි පදානි සිද්ධිං සමුපගච්ඡන්ති."}

අකුසල් මල තාවකාලිකව ආදී වශයෙන් සෝදා හරින බැවින් පිං / පින නම් වේ.
{"අකුසලමලං තදඞ්ගාදිප්පහානෙන පුනාතීති පුඤ්ඤං"}

A / R. 2 / 3. “මේ සංස්කාරයෝ වනාහි කුමක් නිදාන කොට ඇත්තෝද, කුමක් සමුදයකොට ඇත්තෝද, කුමක් ජාතිකොට ඇත්තෝද, කුමක් ප්‍රභවකොට ඇත්තෝද, කුමක් ඇති කල සංස්කාරයෝ ඇතිවෙත්ද, කුමක් නැති කල සංස්කාරයෝ ඇති නොවෙත්ද කියායි. හෙතෙම විමසන්නේ මෙසේ දනියි. (කෙසේද?) සංස්කාරයෝ අවිජ්ජාව නිදානකොට ඇත්තෝය. අවිජ්ජාව හේතුවකොට ඇත්තෝය. අවිජ්ජාව ජාතිකොට ඇත්තෝය. අවිජ්ජාව ප්‍රභවකොට ඇත්තෝය. අවිජ්ජාව ඇති කල සංස්කාරයෝ ඇති වෙයි. අවිජ්ජාව නැති කල සංස්කාරයෝ ඇති නොවෙති කියායි. හෙතෙම සංස්කාරයන්ද දනියි. සංස්කාරයන්ගේ හේතුවද දනියි. සංස්කාර නැතිවීමද දනියි. සංස්කාර නැතිවීමට සුදුසුවූ, යම් මාර්ගයක් වෙයිද, එයත් දැනගනියි. නිවනට අනුකූල පිළිවෙතෙහි පිළිපදින්නේද වෙයි. මහණෙනි, මේ මහණතෙම සියලු ආකාරයෙන් දුක් නැතිකිරීම පිණිස, සංස්කාර නැතිකිරීම පිණිස පිළිපන්නේයයි කියනු ලැබේ.

“මහණෙනි, අවිජ්ජාවෙන් යුක්තවූ, මේ පුද්ගලතෙම ඉදින් කුශලකර්ම රැස්කෙරෙයිද, (ඔහුගේ) විඤ්ඤාණය කුශල සහගත වෙයි. ඉදින් අකුශල කර්ම රැස් කෙරෙයිද, (ඔහුගේ) විඤ්ඤාණය අකුශල සහගත වෙයි. ඉදින් අරූපාවචර කර්ම රැස් කෙරෙයිද (ඔහුගේ) විඤ්ඤාණය අරූපාවචර කුශල සහගත වෙයි.

“මහණෙනි, යම් කලක වනාහි මහණහුගේ අවිද්‍යාව නැතිවූයේ වෙයිද, අර්හත් මාර්ගඥානය පහළවූයේ වෙයිද, හෙතෙම අවිද්‍යාව දුරුවීමත් අර්හත් මාර්ගඥානය ලැබීමත්, හේතු කොටගෙන කුශල කර්මද රැස් නොකෙරෙයි. අකුශල කර්මද රැස් නොකෙරෙයි. අරූපාවචර කර්මද රැස් නොකෙරෙයි. රැස් නොකරන්නේ, සිත නොමෙහෙයවන්නේ ලෝකයෙහි කිසිවක් (තණ්හාදී වශයෙන්) නොගනියි. (තණ්හාදී වශයෙන්) නොගන්නේ භය නොවෙයි. භය නොවන්නෙන්, තෙමේම පිරිනිවන් පායි. ඉපදීම ක්ෂය වූයේය. බ්‍රහ්මචරියාවෙහි හැසිර, නිමවන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මේ ආත්මයෙහි කළයුතු අනිකක් නැතැයි දැනගනියි."

Q. පිං කරන්ඩ එපා ද? පිං කරොත් සසර දික් වෙනවා ද?

A / R. “මහණෙනි, මේ පින් කිරියවත් තුනෙකි. කවර තුනෙක්ද යත්? දානමය පුණ්‍යක්‍රියාවස්තුවය. ශීලමය පුණ්‍යක්‍රියා වස්තුවය, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තුවය, මහණෙනි, මේ වනාහි තුන් පින් කිරියවතියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“හෙතෙමේ මත්තෙහි අග්‍රවූ හෝ මත්තෙහි උතුම්වූ හෝ අතිශයින් අග්‍රවූ හෝ මනොඥ ඵලයෙන් අග්‍රවූ හෝ සැප විපාක ඇති පිනම රැස්කරන්නේය. දානයද චරියාවවූ ශීලයද මෙත් සිතද වඩන්නේය. සප්‍රාඥතෙම සුව අනුසස් ඇති මේ කුසල ධර්ම තුන වඩා නිදුක්වූ සුවවූ බඹ ලොවට උත්පත්ති වශයෙන් පැමිණේයයි.”

A / R. “ස්වාමීනි, ආශ්චර්‍ය්‍යය, ස්වාමීනි, අද්භූතයෙකි. ස්වාමීනි, යම්බඳුවූ පුණ්‍යයෝ නම් දෙවිවූවහුටත් උපකාර වෙද්ද, මනුෂ්‍යවූවහුටත් උපකාර වෙද්ද, ස්වාමීනි, මේ දන් දෙන්ට ඉතාම සුදුසුය, පින් කරන්ට සුදුසුමය” යි කීයේය.
“සුමනාවෙනි, මේ කාරණය මෙසේය, සුමනාවෙනි, මේ කාරණය මෙසේය, සුමනාවෙනි, දන් දෙන්ට සුදුසුමය. පින් කරන්ට සුදුසුමැයි. දෙවිවූවහුටද උපකාරයෝ පින්ය. මනුෂ්‍යවූවහුටද උපකාරයෝ පින්ය. පැවිදිවූවහුටද උපකාරයෝ පින්ය.” යි වදාළ සේක.

‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං, භන්තෙ! යාවඤ්චිදං, භන්තෙ, අලමෙව දානානි දාතුං අලං පුඤ්ඤානි කාතුං; යත්‍ර හි නාම දෙවභූතස්සාපි උපකාරානි පුඤ්ඤානි, මනුස්සභූතස්සාපි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්සාපි උපකාරානි පුඤ්ඤානී’’ති. ‘‘එවමෙතං, සුමනෙ! අලඤ්හි, සුමනෙ, දානානි දාතුං අලං පුඤ්ඤානි කාතුං! දෙවභූතස්සාපි උපකාරානි පුඤ්ඤානි, මනුස්සභූතස්සාපි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්සාපි උපකාරානි පුඤ්ඤානී’’ති ."

A / R. “මහණෙනි, පින් වලට භය නොවව්. යම් ඒ පිනක් වේනම්, එය සැපතට එක්තරා නමකි. මහණෙනි, බොහෝ කල් කරණ ලද පින්වල හේතුවෙන් බොහෝ කල් කැමති විය යුතු, සිත් අදනාවූ, මන වඩන්නාවූ විපාකය වින්දෙමි.

‘‘මා , භික්ඛවෙ, පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සෙතං, භික්ඛවෙ , අධිවචනං යදිදං පුඤ්ඤානි."

{"පුජ්ජභවඵලනිබ්බත්තනතො පුඤ්ඤං, අත්තනො සන්තානං පුනාතීති වා."
https://tipitaka.app/?a=ma0-49-si

"පුනාතීති සොධෙති අපුඤ්ඤඵලතො දුක්ඛසංකිලෙසතො ච, හිතසුඛජ්ඣාසයෙන පුඤ්ඤං කරොතීති තංනිප්ඵාදනෙන කාරකස්සජ්ඣාසයං පූරෙතීති පුඤ්ඤො, පූරකො පුජ්ජනිබ්බත්තකො ච නිරුත්තිලක්ඛණෙන “පුඤ්ඤො”ති වෙදිතබ්බො."
https://tipitaka.app/?a=6b5-41-si

"ආවාසං පුඤ්ඤකම්මිනන්ති ආවසන්ති එත්ථ පුඤ්ඤකම්මිනො ජනාති ආවාසො. “ආවාසො”ති වත්තබ්බෙ “ආවාස”න්ති ලිඞ්ගභෙදං කත්වා වුත්තන්ති වෙදිතබ්බං. පඤ්ඤායති තෙනාති පුඤ්ඤං, කුලරූපමහාභොගිස්සරියවසෙන පඤ්ඤායතීති අත්ථො. පුනාතීති වා පුඤ්ඤං. සබ්බකුසලමලරජාපවාහකත්තා පුඤ්ඤං කම්මං යෙසං අත්ථි තෙ පුඤ්ඤකම්මිනො, තෙසං පුඤ්ඤකම්මිනං ආවාසභූතන්ති අත්ථො."
https://tipitaka.app/?a=jk2-20-si

"එවංවිධං දුල්ලභට්ඨෙන මහප්ඵලට්ඨෙන ච සිද්ධං රතනභාවං රතනත්තයං නමස්සමානො යං පුඤ්ඤාභිසන්දං අලත්ථං අලභිං. අකුසලමලං තදඞ්ගාදිප්පහානෙන පුනාතීති පුඤ්ඤං. කිලෙසදරථප්පටිප්පස්සද්ධියා සීතලත්තා චිත්තං අභිසන්දෙතීති අභිසන්දො. පුඤ්ඤඤ්ච තං අභිසන්දො චාති පුඤ්ඤාභිසන්දො, තං පුඤ්ඤාභිසන්දං. ගණ්ඨිපදෙ පන “පුඤ්ඤමහත්තං”න්ති භණන්ති, “විපුල”න්ති වචනතො සො අත්ථො න යුජ්ජතීති ආචරියො. අථ වා පුඤ්ඤානං අභිසන්දො පුඤ්ඤාභිසන්දො ¶, තං පුඤ්ඤාභිසන්දං. සන්ද සවනෙති ධාතු. තස්මා පුඤ්ඤසොතං පුඤ්ඤුස්සයන්ති අත්ථො යුජ්ජති, තං පන විපුලං, න පරිත්තන්ති දස්සිතං විපුල-සද්දෙන."
https://tipitaka.app/?a=5h0-134-si (Up)

"යං පුඤ්ඤං පත්තන්ති කාරකං පුනාතීති පුඤ්ඤං, පුජ්ජභවඵලනිප්ඵාදනතො වා “පුඤ්ඤ”න්ති සඞ්ඛං ගතං යං කුසලකම්මං අපරිමෙය්‍යභවපරියන්තං පසුතං අධිගතං."
https://tipitaka.app/?a=5m35-106-si

"උපෙතපුඤ්ඤො යො සුගතො වරබොධිමූලෙ සසෙන මාරං ජිනිත්වා අරුණොදයම්හි බොධිං අබොජ්ඣි මාරජිනං අභඞ්ගං, තං සුගතං අහං නමාමීති සම්බන්ධො. තත්ථ උපෙතපුඤ්ඤොති සම්පන්නදානසීලාදිපාරමීපුඤ්ඤවා. දානසීලාදි පාරමීපුඤ්ඤෙන සමන්නාගතො වා. දානසීලාදිපාරමීපුඤ්ඤෙන උපෙතො සමුපෙතො උපගතො සමුපගතො සම්පන්නො සමන්නාගතොති අත්ථො. අයං පනෙත්ථ වචනත්ථො, උපන්නො සම්පන්නො හුත්වා එති ගච්ඡති පවත්තතීති උපෙතං, පුඤ්ඤං. උපපුබ්බඉධාතු ගතියං ත. පුනාති අත්තනො කාරකන්ති පුඤ්ඤං, පාරමීපුඤ්ඤං ලබ්භති. පුධාතු පීණනෙ සොධනෙ වා ණ්‍යො. තස්ස ඤො. තත්ථ අත්තනො කාරකන්ති පුනප්පුනං පවත්තියා සචිත්තසන්තතිඤ්ච සංජනිතපණීතරූපවිසටෙන සනිස්සය රූපසන්තතිඤ්ච පුනාති පීණෙති සොධෙති වාති අත්ථො. අයං පටිසම්භිදාමග්ගගණ්ඨිපදෙ වුත්තො. පූරෙති අජ්ඣාසයන්ති වා පුඤ්ඤං. පූරධාතු ණ්‍ය. යො පුග්ගලො පුඤ්ඤං කරොති තස්ස අජ්ඣාසයං පූරෙතීති අත්ථො.
අථ වා පුජ්ජඤ්ච භවං නිබ්බත්තෙතීති පුඤ්ඤං. නිබ්බත්තිතද්ධිතායං. පූජ පදං ණ්‍යපච්චයො. යො පුඤ්ඤං කරොති, තස්ස පූජිතබ්බං භවං පවත්තෙතීති අත්ථො. තෙන වුත්තං සම්මොහවිනොදනී අට්ඨකථායං “පුනාති අත්තනො කාරකං පූරෙති චස්ස අජ්ඣාසයං පුජ්ජඤ්ච භවං නිබ්බත්තෙතීති පුඤ්ඤො”ති. මූලටීකායඤ්ච “පුනාතීති සොධෙති අපුඤ්ඤඵලතො දුක්ඛසංකිලෙසතො ච හිතජ්ඣාසයෙන පුඤ්ඤං කරොතීති තං නිප්ඵාදනෙන කාරකස්සජ්ඣාසයං පූරෙතීති පුඤ්ඤො. පූරකො පුජ්ජනිබ්බත්තකො ච නිරුත්තිලක්ඛණෙන පුඤ්ඤොති වෙදිතබ්බො”ති වුත්තං ¶. විසුද්ධිමග්ගමහාටීකායඤ්ච- “පුනාති අත්තනො සන්තානං අපුඤ්ඤඵලතො දුක්ඛසංකිලෙසතො ච විසොධෙතීති පුඤ්ඤං. හිතසුඛජ්ඣාසයෙන පුඤ්ඤං කරොතීති තංනිප්ඵාදනෙන කාරකස්ස අජ්ඣාසයං පූරෙති, පුජ්ජභවං නිබ්බත්තෙතීති වා පුඤ්ඤං. ඉති පූරකො පුජ්ජනිබ්බත්තකො ච නිරුත්තිනයෙන පුඤ්ඤන්ති වෙදිතබ්බො”ති වුත්තං. උපෙතං සම්පන්නං පුඤ්ඤං පාරමීපුඤ්ඤං යස්ස සොති උපෙතපුඤ්ඤො, සුගතො ලබ්භති."
https://tipitaka.app/?a=sa1-172-si}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴

෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll