93. කලින් ඇසූ/පුරුදුකළ ධර්මය මරණින් පස්සෙත් පිහිටවෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. කලින් ඇසූ/පුරුදුකළ ධර්මය මරණින් පස්සෙත් සිහිවෙනවා/පිහිටවෙනවා ද?

A. "මහණෙනි, වචනයෙන් පුරුදු කරණ ලද, සිතින් ලබන ලද, දෘෂටියෙන් පිළිවිදිනා ලද, ඤාණසොතයෙන් ව්‍යවස්ථා කරණ ලද ධර්‍මයන්ට ආනිසංස සතරක් කැමතිවිය යුතුය. කවර සතරක්ද යත්.

"මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වෙදල්ල නම් ධර්‍මය පුරුදු කරයිද, ඔහුට ඒ ධර්‍මයෝ කණට වැදුනාහු වෙත්ද, වචනයෙන් පුරුදුවූවාහු වෙත්ද, සිතින් බලන ලද්දාහු වෙත්ද, දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, හෙතෙම මුළා සිහි ඇතිව කාලක්‍රියා කරන්නේ, එක්තරා දිව්‍ය නිකායක උපදී."

"එහි සුව ඇත්තාවූ ඔහුට ධර්‍ම පදයන් වැටහෙත්. සිහි ඉපදවීම ප්‍රමාදය. ඉක්බිති ඒ සත්ත්‍ව තෙම වහාම විශෙෂගාමී (නිර්‍වාණගාමී) වේ. මහණෙනි, වචනයෙන් පුරුදු සිතින් බලන ලද, දෘෂ්ටියෙන් පිළිවිදි, ශ්‍රොතයට පැමිණි ධර්‍මයන්ගේ මේ පළමුවෙනි ආනිසංසය කැමති විය යුතුය..."

R. සොතානුගතසුත්තං - සොතානුගත සූත්‍රය.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll