866. තමන් සෝවහන් ද කියල දන්නේ කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සෝතාපන්න පුද්ගලයාට ප්‍රත්‍යාවේක්ශ ඥාන පහක් පහල වේ ඒ මොනවාද ?????
දන්න අය කියමු බලන්න !!!!! (ප්‍රත්‍යවේක්ෂා ඤාණ පහක් තියනවා ද?)

A. 1. සෝවාන් ඵල සිත් අනතුරුව භවාංග උපදිනුයේ ඒ සිඳ, තමා ලබාගත් සෝවාන් මාර්ග ඤාණය ප්‍රත්‍යවේක්ෂා කරනු වස්, එයින් ‘මවිසින් මෙවන් මාර්ගයෙන් ඒකාන්තයෙන්ම නිවනට වන්නෙමි’යි ප්‍රත්‍යවේක්ෂා කෙරෙත්. නැවත සිත භාවාඟයට බසිත්.

2. නැවත, මාර්ග ප්‍රත්‍යවෙක්ෂණයට අනතුරුව ඵලය ප්‍රත්‍යවේක්ෂා කරනු වස් ‘මවිසින් මෙවන් ඵල අනුසස් ලබන ලද්දෙමි’යි යනුයෙන් දක්නා ප්‍රත්‍යවේක්ෂා සත් කාමාවචර ජවන සිත් උපදිත්. නැවත භවාංග වෙත්.

3. අනතුරුව, ඵලය ප්‍රත්‍යවෙක්ෂණයට අනතුරුව ‘මෙනම් වූ ක්ලේශයෝ පහ කරන ලද්දේය’යි ප්‍රහීණ කෙලෙසුන් ප්‍රත්‍යවේක්ෂා කරනු වස් ප්‍රත්‍යවේක්ෂා සත් කාමාවචර ජවන සිත් උපදිත්. නැවත භවාංග වෙත්.

4. නැවත, පහ කරන ලද කෙලෙසුන් දක්නා අනතුරුව, ‘මෙනම් ක්ලේශයෝ ඉතිරි වී ඇත්තේය’යි දක්නා ඉතිරි වූ කෙලෙසුන් ප්‍රත්‍යවේක්ෂා කරනු වන සත් කාමාවචර ජවන සිත් උපදිත්. නැවත භවාංග වෙත්.

5. අවසන්ව, ‘ම විසින් මේ ධර්මය අරමුණු කෙරෙමින් ප්‍රතිවේධ කරන ලද’යි අමුර්ත වූ නිර්වාණ ධාතුව ප්‍රත්‍යවේක්ෂා කරනු සඳහා චිත්ත වීථියෙක් උපදිනුයේ නැවත භවාංගයට බසිත්. මෙනයින් පංච විධ වූ ප්‍රත්‍යවෙක්ෂා ඤාණයෝ උපදිනුයේ වෙත්.

මේ වනාහි සෝවාන් ආර්ය පුද්ගල උදෙසා උත්කෘෂ්ට පරිච්චේද ලෙස කියන ලදුයේය. ඇතැම් මන්ද ප්‍රාඥ වූ ශෛක්‍ෂ ආර්යන් උදෙසා ප්‍රහින හා ශේෂ ක්ලේශ උදෙසා ප්‍රත්‍යවේක්ෂා ඤාණ නොවන බව දත යුතු.

{S. අභිධම්මත්ථ (අභිධර්මාර්ථ) ප්‍රදීපිකා - 1 - පිටු - 347 - 349}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll