359. දස අව්‍යාකෘත ප්‍රශ්න?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අව්‍යාකත පැනයන් 10 මොනවා ද? (ඒකාන්ත පිලිතුරක් නොදුන් - අව්‍යාකෘත ප්‍රශ්න දහය.)

A / R. “1. ලෝකය සදාකාලිකය කියාද, 2. ලෝකය සදාකාලික නොවේය කියාද, 3. ලෝකය කෙළවරක් ඇත්තේය කියාද, 4. ලෝකය කෙළවරක් නැත්තේය කියාද, 5. ඒ ජීවයම ඒ ශරීරයයි කියාද, 6. ජීවය අනිකෙක ශරීරය අනිකෙක කියාද, 7. සත්වයා මරණින් පසු ඇතිවේය කියාද, 8. සත්වයා මරණින් පසු ඇති නොවේය කියාද, 9. සත්වයා මරණින් පසු ඇතිවේද ඇතිනොවේද කියාද, 10. සත්වයා මරණින් පසු ඇතිනොවේය ඇති නොවන්නේත් නොවේය කියාද, භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලද, තබන ලද, ප්‍රතික්ෂෙප කරන ලද යම් මේ දෘෂ්ටීහු වෙත්ද, භාග්‍යවතුන් වහන්සේ මට ඒ දෘෂ්ටි ප්‍රකාශ නොකළහ.”
https://pitaka.lk/?node=19113&para=122&coll=cs,aps

https://pitaka.lk/?node=15184&para=420&coll=cs,aps
< https://pitaka.lk/?node=241911&para=420&coll=cs,aps
https://pitaka.lk/?node=32151&coll=cs,aps

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll