Q. පෘථග්ජන පුද්ගලයාගේ වර්ගීකරණයක් තියෙනවා ද?
A / R. "සසර සැරි සරන කිසි ම පුද්ගලයෙකුට අෂ්ට ලෝක ධර්මයට යට නොවී නො විසිය හැකි ය. පෙරළෙන්නා වූ ලෝක ධර්මය අනුව සිත පෙරළෙන්නට නොදී යම් කිසිවකුට නො සැලී සම සිතින් විසිය හැකි නම් ඒ පුද්ගලයා උත්තම පුද්ගලයෙකි. ලෝක ධර්මයන් නිසා සර්වාකාරයෙන් නො සැලී සිටීමට සමත් වන්නේ රහතුන් පමණෙකි. පෘථග්ජනයෝ ලෝක ධර්මයෙන් සැලෙති. එහෙත් ඔවුන්ගේ වෙනසක් ඇත. අන්ධ පෘථග්ජනයාය, කල්‍යාණ පෘථග්ජනයායයි පෘථග්ජනයෝ දෙදෙනෙකි. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ප්‍රතීත්‍ය සමුත්පාදාදි ධර්ම විභාග නො දන්නා වූ සංස්කාරයන්ගේ ත්‍රිලක්‍ෂණය නො දන්නා වූ පෘථග්ජනයා අන්ධ පෘථග්ජනයා ය. ඔහුට ලාභ යස ප්‍රශංසා සුඛයන්ගේ අනිත්‍යතාව නො වැටහෙන බැවින් ඔහු ඒවායේ තදින් ඇලේ. ඒවා නිසා උඩඟු වේ. අලාභ අයශ නින්දා දුක්වලදී දොම්නසට පැමිණේ. බිය වේ. බැගෑපත් වේ.
"එවං සෝ අනුරෝධ විරෝධ සමාපන්නෝ න පරිමුච්චති ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛෙහි දෝමනස්සේහි උපායාසේහි න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි"
(අංගුත්තර අට්ඨක නිපාත)
යනුවෙන් මෙසේ ලෝක ධර්මයන්හි ඇලීම හා විරෝධය ඇති පුද්ගල තෙමේ ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයන්ගෙන් පරිදේවයන්ගෙන් දුඃඛයන්ගෙන් දෞර්මනස්‍යයන්ගෙන් උපායාසයන්-ගෙන් නො මිදේ. දුකින් නො මිදේය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය.
ස්කන්ධාදි ධර්ම විභාග ගැන හා සංස්කාරයන්ගේ ත්‍රිලක්‍ෂණය ගැන උගෙනීම් පිළිවිසීම් ඇත්තා වූ බුද්ධ ධර්මය උගත් පෘථග්ජන පුද්ගලයා කල්‍යාණ පෘථග්ජනයා ය. ඔහු ලෝක ධර්මයන්ගේ අනිත්‍යතාව දුඃඛතාව දන්නා බැවින් අෂ්ටලෝක ධර්මයන්හි තදින් නො ඇලේ. ඒවා නිසා උඩඟු නො වේ. අෂ්ට ලෝක ධර්මයන් නිසා ශෝක නො වී බැගෑපත් නො වී නො කිපී මැදහත් ව වෙසේ. අලාභයක් කෙළේ ය, පිරිස භේද කෙළේ ය, නින්දා කෙළේ ය කියා අන්‍යයන්ගෙන් පළි ගැනීම් වශයෙන් අපරාධ නො කරයි. ලාභාදිය පිණිස පව් කම් නො කරයි. එසේ ලෝක ධර්මයන්හි සමව හැසිරෙන පුද්ගලයාට මෙලොව ද ලෝක ධර්මයන් නිසා වන මානසික පීඩා මඳ ය. දුකින් මිදිය හැකි වන්නේ ද ලෝක ධර්මයන්හි සමව පැවතිය හැකි පුද්ගලයන්ට ය. ලෝක ධර්මයන්හි නො සැලී විසිය හැකි තත්ත්වය ඇති කර ගත හැක්කේ බුදුන් වහන්සේ ගේ ධර්මය උගෙනීමෙනි. ලෝක ධර්මයන්හි නො සැලී සිටිය හැකි බව මංගල සූත්‍රයේ වදාරා ඇති අටතිස් මඟුල් කරුණු වලින් ද එකකි."
["ධර්මයක් නැති ධර්මය නො දත් පව්කම්හි ඇලී සිටින අන්ධ පෘථග්ජන පුද්ගලයන්ට කිසි ලෙසකින් ආර්‍ය්‍යයන් හැඳින ගත නො හැකිය. එබැවින් ඔවුනට ආර්‍ය්‍යයන් නො දකිනු කැමැත්තක් ඇතිවේ. මෙහි ආර්‍ය්‍යයන් නො දකිනු කැමැත්තය යි කියන ලදුයේ ආර්‍ය්‍යයන් දුටහොත් අහක බලා ගන්නා බව හෝ ඇස පියා ගන්නා බව හෝ ආර්‍ය්‍යයන් ඇතය කියන තැනකට නොයන බව හෝ නො වේ. ආර්‍ය්‍යයෝ ද, තරමකට ආර්‍ය්‍ය ගුණ ඇති කළ්‍යාණ පෘථග්ජනයෝ ද පව්කම් වලින් වැළකී සිටිති. කුශල ක්‍රියාවෙහි යෙදෙති. තමන්ට හමුවන තමන් වෙත පැමිණෙන අයට ධර්මයෙන් අනුශාසනා කෙරෙති. ධර්මයක් නැති ධර්මය නොදත් පව්කම් හි ඇලී ධර්මයෙන් ඈත්ව සිටින පාප පුද්ගලයන්ට ප්‍රිය ඔවුන් ගේ ජාතියේ පව් කරන පුද්ගලයෝ ය. ධර්මයක් ඇති තමන්ට හමුවන්නවුන්ට ධර්මයෙන් අනුශාසනා කරන ආර්‍ය්‍ය පුද්ගලයන් හා කල්‍යාණ පෘථග්ජන පුද්ගලයන් ඔවුනට අප්‍රිය ය. ඒ උත්තම පුද්ගලයන්ගේ අනුශාසනය ද ඔවුනට අප්‍රිය ය. එබැවින් පාපකාරීහු ඒ උත්තම පුද්ගලයන් වෙත යාමට ඔවුන් තමන් වෙත පැමිණීමට ඔවුන් හා එක්ව විසීමට මිත්‍රත්වයක් පැවැත්වීමට නො කැමතියහ. මෙහි ආර්‍ය්‍යයන් නො දකිනු කැමති බවය යි කියන ලදුයේ එයට ය. සත්පුරුෂයන්ට ආර්‍ය්‍යයන් ප්‍රිය ය."]
{“දුවෙ පුථුජ්ජනා වුත්තා, බුද්ධෙනාදිච්චබන්ධුනා;
අන්ධො පුථුජ්ජනො එකො, කල්‍යාණෙකො පුථුජ්ජනො”ති. (දී· නි· අට්ඨ· 1.7; අ· නි· අට්ඨ· 1.1.51; පටි· ම· අට්ඨ· 2.1.130; චූළනි· අට්ඨ· 88);"
"යෙන ¶ පුථුජ්ජනොති, එත්ථ –
“දුවෙ පුථුජ්ජනා වුත්තා, බුද්ධෙනාදිච්චබන්ධුනා;
අන්ධො පුථුජ්ජනො එකො, කල්‍යාණෙකො පුථුජ්ජනො”ති.
තත්ථ ¶ යස්ස ඛන්ධධාතුආයතනාදීසු උග්ගහපරිපුච්ඡාසවනධාරණපච්චවෙක්ඛණානි නත්ථි, අයං අන්ධපුථුජ්ජනො. යස්ස තානි අත්ථි, සො කල්‍යාණපුථුජ්ජනො. දුවිධොපි පනෙස –
“පුථූනං ජනනාදීහි, කාරණෙහි පුථුජ්ජනො;
පුථුජ්ජනන්තොගධත්තා, පුථුවායං ජනො ඉති”.
සො හි පුථූනං නානප්පකාරානං කිලෙසාදීනං ජනනාදීහි කාරණෙහි පුථුජ්ජනො. යථාහ –
“පුථු කිලෙසෙ ජනෙන්තීති පුථුජ්ජනා, පුථු අවිහතසක්කායදිට්ඨිකාති පුථුජ්ජනා, පුථු සත්ථාරානං මුඛුල්ලොකිකාති පුථුජ්ජනා, පුථු සබ්බගතීහි අවුට්ඨිතාති පුථුජ්ජනා, පුථු නානාභිසඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්තීති පුථුජ්ජනා, පුථු නානාඔඝෙහි වුය්හන්ති, පුථු සන්තාපෙහි සන්තප්පන්ති, පුථු පරිළාහෙහි පරිඩය්හන්ති, පුථු පඤ්චසු කාමගුණෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා ලග්ගා ලග්ගිතා පලිබුද්ධාති පුථුජ්ජනා, පුථු පඤ්චහි නීවරණෙහි ආවුතා නිවුතා ඔවුතා පිහිතා පටිච්ඡන්නා පටිකුජ්ජිතාති පුථුජ්ජනා”ති. පුථූනං ගණනපථමතීතානං අරියධම්මපරම්මුඛානං නීචධම්මසමාචාරානං ජනානං අන්තොගධත්තාපි පුථුජ්ජනො, පුථුවායං විසුංයෙව සඞ්ඛ්‍යං ගතො විසංසට්ඨො සීලසුතාදිගුණයුත්තෙහි අරියෙහි ජනෙහීති පුථුජ්ජනොති."}