168. ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදය කියන්නේ මොකක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Qඉදංපච්චතා පටිච්ච සමුප්පාදය පහද දෙන්න.

A. ඉදප්පච්චයතා = (මෙම) ඵලයන්ගේ ප්‍රත්‍ය ධර්මයෝ. ...[වැඩි විස්තර සඳහා විශුද්ධිමාර්ගයෙහි 17 වන පරිච්ඡේදය බලන්න.]

{විශුද්ධිමාර්ගය - https://pitaka.lk/books/vishuddhi-margaya/19.html | http://www.mediafire.com/.../mfaaf17.../Visuddhi_Margaya.pdf | http://www.ogatharana.org/functions.php...}

R. "යථොක්ත ජරා - මරණාදී ධර්‍මයන්ට ප්‍ර‍ත්‍යය බව හෝ ප්‍ර‍ත්‍යය සමූහ බව හෝ ඉදප්පච්චයතා යැයි කියන ලදී. ඒ මේ පටිච්චසමුප්පාදය යැ.

ඉදප්පච්චයතා, යන්නෙහි වචනාර්‍ථ මෙසේ යි:- මේ ජරා මරණාදීන් ගේ ප්‍ර‍ත්‍යයෝ ඉදප්පච්චයෝ යි, ජාත්‍යාදීයයි ඉදප්පච්චයම ඉදප්පච්චයතා යැ. ඉදප්පච්චයන් ගේ සමූහය හෝ ඉදප්පච්චයතා යි.

මේ ඉදප්පච්චය ශබ්දය ජාත්‍යාදීන්හි නිරූඪ යැ. හෙත්‍වර්‍ථ හෙයිනි.

“ඉමෙසං පච්චයා ඉදප්පච්චයා ඉදප්පච්චයා එව ඉදප්පච්චයතා” “ඉදප්පච්චයානං සමුහො වා ඉදප්පච්චයතා” මේ ප්‍ර‍ථම අර්‍ථ විකල්පයෙහි ස්වර්‍ථයෙහි ද, ද්විතීය අර්‍ථ විකල්පයෙහි සමූහාර්‍තයෙහි ද තා ප්‍ර‍ත්‍යය වී.

..... තවද මතයෙකි:- “ ඉමෙසං පච්චයා ඉදප්පච්චයා” යී ‘මේ සංස්කාරාදීන්ට ප්‍ර‍ත්‍ය වූ අවිද්‍යාදිය ‘ඉදප්පච්චය’ නමි. ඒ ඉදප්පච්ච යන්ගේ භාවය ඉදප්පච්චයතා නම. මෙසේ තා ප්‍ර‍ත්‍යය භාවාර්‍ථයෙහි වේ. ‘යම් ආකාරයකින් අවිද්‍යාදීය සංස්කාරාදීන් ගේ පහළවීමට හේතුවේ නම් එ අවිද්‍යාදීන්ගේ ප්‍ර‍ත්‍යය ආකාර විශේෂයෙහි පටිච්චසමුප්පාද යන නාමය වේ’ යයි කියා යි. එද නොයෙදේ. අවිද්‍යාදීන් ගේ හේතුභාවය කී හෙයිනි.

ධම්මට්ඨිතතා ධම්මනියාමතා ඉදප්පච්චයතා - පටිච්චසමුප්පාදය විස්තර කිරීමට මෙම ගුණ පද තුන ම බොහෝකොට එකට ම භාවිතාකරන බව ද පෙනේ."

පටිච්චසමුප්පාද = http://pitaka.lk/221010/cs,aps

[පාළි කොටස් හා සමගාමීව ගැළපෙන සිංහල පරිවර්තන හා සසඳමින් හෝ (සියලුම) සූත්‍ර/සූත්‍ර කොටස් මැනවින්/විමර්ශනශීලීව අධ්‍යනය කරන්න.]

“… ධම්මට්ඨිතතා ධම්මනියාමතා ඉදප්පච්චයතා. …” ; “... ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදො / ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො ...”

http://pitaka.lk/221029/cs,aps
(http://pitaka.lk/21153/cs,aps -
http://pitaka.lk/18126/281/cs,aps …)

‘‘තත්‍ර, භික්ඛවෙ, සුතවා අරියසාවකො පටිච්චසමුප්පාදංයෙව සාධුකං යොනිසො මනසි කරොති - ‘ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති; ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති …”

http://pitaka.lk/221070/cs,aps
(http://pitaka.lk/221071/cs,aps
http://pitaka.lk/221046/cs,aps …)

‘ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති; ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති’

[දැන් ඔබට සෑම අතින් ම පුර්ණ පිළිතුරු ලැබී තිබෙණු ඇත.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll