715. ධර්ම දානයේ ආනිශංස?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ධර්ම දානයේ ආනිශංස සදහන් සූත්‍රයක් තිබෙනවා නම් කරුණාවෙන් මෙහි දක්වන්න.

A. “… එහි සබ්බදානං ධම්ම දානන්ති - ඉදින් සක්වල ගැබ බඹලොව දක්වා නිතර වැඩ සිටින බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් දළු සමාන සිවුරු දෙන්නේද එම සමාගමයේ දී සතර පද ගාථාවකින් කරන ලද අනුශාසනයම ශ්‍රේෂ්ඨ වේ. එම දානය එම ගාථාවේ දහසයෙන් කොටසක් හෝ නොවටී. මෙලෙස ධර්ම දේශනයම වචනයෙන්ද ඇසීමෙන්ද මහත් වේ. යම් පුද්ගලයෙක් බොහෝ අයට ඒ ධර්ම ශ්‍රවණය කරන ලද්දේ නම් එහිම අනුසස් මහත්ය. මෙබඳු පිරිසකට ප්‍රණීත පිණ්ඩපාත පාත්‍රයේ පුරවා දෙන ලද දානයට වඩා ගිතෙල් පාත්‍රය පුරවා දෙන ලද දානයටද වඩා මහාවිහාරය වැනි මහවෙහෙරවල් ලෝහ මහා ප්‍රාසාද වැනි ප්‍රාසාද සියදහස් ගණනක් කරවා දුන්නේද අනේපිඬු සිටුවරයා ආදීන් විසින් විහාර වෙනුවෙන් කළ පරිත්‍යාගවලට ද වඩා පිරිසයෙන් සතර පද ගාථාවකින් කරන ලද අනුශාසනය වශයෙන් කරන ලද ධර්ම දානයම අගනේය. ශ්‍රේෂ්ඨ වන්නේය. කුමක් නිසාද එබඳු පිං කරන්නේ මෙබඳු ධර්ම දේශනා ඇසීම නිසාය. …”
https://pitaka.lk/dhammapada/katha-251.html

“මහණෙනි, ආමිෂදානයද ධර්මදානයද (යන) මේ දාන දෙකකි. මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් මේ ධර්මදානයක් වේද, මේ ධර්මදානය උතුමි. මහණෙනි, තමා ලද සිව් පසය අනුන්ට බෙදා දීමද ධර්ම සංවිභාග (බණ කීම කියවීම උගැන්වීම් ආදිය) යන සංවිභාග දෙකෙකි. මහණෙනි, මේ බෙදීම් දෙක අතුරින් යම් මේ ධර්ම සංවිභාගයෙක් වේද, මේ ධර්ම සංවිභාගය ශ්‍රේෂ්ඨය.
“මහණෙනි; මේ අනුග්‍රහ දෙකෙකි. ආමිෂානුග්‍රහය ධර්මානුග්‍රහය යන දෙකය. මහණෙනි, මේ අනුකම්පාවන් දෙක අතුරින් යම් මේ ධර්මානුග්‍රහයෙක් වේද, මෙය අග්‍රය.
“මහණෙනි, යාග (මහාදාන) දෙකෙකි. ආමිෂ යාගය ධර්ම යාගය (යන දෙකය) මහණෙනි, මේ මහාදාන දෙක අතුරෙන් යම් මේ ධර්ම යාගයෙක් වේද, මේ ධර්ම යාගය, උතුමියි.”
https://pitaka.lk/main?n=40131&p=100

“මහණෙනි, දානයන් අතුරෙන් යම් මේ ධර්ම දානයක් වෙයිද, එය අග්‍රයි.”
https://pitaka.lk/main?n=34105

“මහණෙනි, මේ දාන දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, සිවුපස දානයද, ධර්‍ම දානයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි දානයෝ වෙත්. මහණෙනි, මේ දාන දෙක අතුරින් යම් මේ ධර්‍ම දානයක් වේද, මෙය අග්‍ර වෙයි.”
143
යාග සූත්‍රය.
“මහණෙනි, මේ යාගයෝ (පිදීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස යාගයද, ධර්‍ම යාගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි යාගයෝ වෙත්. මහණෙනි, මේ පිදීම් දෙක අතුරින් යම් මේ ධර්‍මයෙන් පිදීමක් වේද, මෙය අග්‍රය.”
144
චාග සූත්‍රය.
“මහණෙනි, මේ තෑගි දෙකක් වෙත්. කවර දෙකක්ද යත්, ආමිස තෑග්ගද, ධර්‍ම තෑග්ගද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි තෑගි වෙත්. මහණෙනි, මේ තෑගි දෙක අතුරෙන් යම් මේ ධර්‍මයෙන් කරණ තෑග්ගක් වේද, මෙය අග්‍රය.”
145
පරිච්චාග සූත්‍රය.
“මහණෙනි, මේ පරිත්‍යාගයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස පරිත්‍යාගයද, ධර්‍ම පරිත්‍යාගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි පරිත්‍යාගයෝ වෙත්. මහණෙනි, මේ පරිත්‍යාග දෙක අතුරෙන් යම් මේ ධර්‍ම පරිත්‍යාගයක් වේද, මෙය අග්‍රය.”
146
භොග සූත්‍රය.
“මහණෙනි, මේ භෝගයෝ (වැළඳීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස භෝගයද, ධර්‍ම භෝගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි භෝගයෝ වෙත්. මහණෙනි, මේ වැළඳීම් දෙක අතුරෙන් යම් මේ ධර්‍ම භෝගයක් වේද, මෙය අග්‍රය.”
147
සම්භොග සූත්‍රය.
“මහණෙනි, මේ සම්භෝගයෝ (මනා බුදීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස සම්භෝගයද, ධර්‍ම සම්භෝගයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සම්භෝගයෝ වෙත්. මහණෙනි, මේ සම්භෝග (සමගිව වැළඳීම්) දෙක අතුරෙන් යම් මේ ධර්‍ම සම්භෝගයක් වේද, මෙය අග්‍රය.”
148
සංවිභාග සූත්‍රය.
“මහණෙනි, මේ සංවිභාගයෝ (බෙදාඳීම්) දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස බෙදාදීමද, ධර්‍ම බෙදාදීමද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි බෙදාදීම් වෙත්. මහණෙනි, මේ බෙදාදීම් දෙක අතුරෙන් යම් මේ ධර්‍ම බෙදාදීමක් වේද, මෙය අග්‍රය.”
149
සඞ්ගහ සූත්‍රය.
“මහණෙනි, මේ සංග්‍රහයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස සංග්‍රහයද, ධර්‍ම සංග්‍රහයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි සංග්‍රහයෝ වෙත්. මහණෙනි, මේ සංග්‍රහ දෙක අතුරෙන් යම් මේ ධර්‍මයෙන් සංග්‍රහ කිරීමක් වේද, මෙය අග්‍රය.”
150
අනුග්ගහ සූත්‍රය.
“මහණෙනි, මේ අනුග්‍රහයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස අනුග්‍රහයද, ධර්‍ම අනුග්‍රහයද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි අනුග්‍රහයෝ වෙත්. මහණෙනි, මේ අනුග්‍රහ දෙක අතුරෙන් යම් මේ ධර්‍ම අනුග්‍රහයක් වේද, මෙය අග්‍රය.”
151
අනුකම්පා සූත්‍රය.
“මහණෙනි, මේ අනුකම්පාවෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්, ආමිස අනුකම්පාවද, ධර්‍ම අනුකම්පාවද (යන දෙකයි.) මහණෙනි, මේ දෙක වනාහි අනුකම්පාවෝ වෙත්. මහණෙනි, මේ අනුකම්පා දෙක අතුරෙන් යම් මේ ධර්‍මයෙන් අනුකම්පා කිරීමක් වේද, මෙය අග්‍රය.”
https://pitaka.lk/main?n=27220

"... යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ.”
https://pitaka.lk/main?n=211050

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll