77. සතර වරම් දෙවිවරු කවුරුන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. සතර වරම් (මහා) දෙවිවරු කවුරුන් ද?

A. "සතර වරම් මහ රජවරු සතර දිගින් උන්නාහ. නැගෙනහිර දෙසින් ධෘතරාෂ්ට්‍ර මහරජ තෙමේ බස්නාහිර දෙසට මූණලා දෙවියන් පෙරටුකොට උන්නේය. දකුණුදිග විරූළ්හක මහරජ තෙමේ, උතුරුදිගට මූණලා දෙවියන් පෙරටුකොට උන්නේය. බස්නාහිර දෙසින් විරූපාක්ෂ රජතෙමේ නැගෙනහිර දිගට මූණලා දෙවියන් පෙරටුකොට උන්නේය. උතුරුදිග වෛශ්‍රවණ රජතෙමේ දකුණුදිගට මුහුණ ලා දෙවියන් පෙරටුකොට උන්නේය."
https://pitaka.lk/main?n=16151&p=294

“පෙරදිග්හි රජවූ ධ්‍රතරාෂ්ට්‍ර වරම් රජතෙමේ ඒ පෙර දිගට අනුශාසනා කරයි.
දකුණු දෙසට රජවූ විරූඪ නම් වරම් රජතෙමේද ඒ දිසාවට අනුශාසනා කරයි.
බටහිර දික්හි රජවූ විරූපාක්ෂ නම් වරම් රජතෙමේ ඒ දිශාවට අනුශාසනා කරයි.
උතුරු දිග්හි රජවූ වෛශ්‍රවණ නම් වරම් රජ තෙමේ ඒ දිසාවට අනුසාසනා කරයි."
https://pitaka.lk/main?n=16161&p=336

(https://pitaka.lk/main?n=17180)

{සතරවරම් දෙවිවරු
මුල් යුගයේ සතරවරම් දෙවිවරු
  1. දෘතරාෂ්ට
  2. විරෑඪ
  3. විරූපාක්ෂ
  4. වෛශ්‍රවණ (කුවේර

මධ්‍ය කාලීන සතරවරම් දෙවිවරු
  1. සමන්
  2. කතරගම දෙවියෝ
  3. උපුල්වන්
  4. විභිෂණ}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll