897. බඹ ලොව ස්ත්‍රීහු උපදින්නේ ම නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මගේ දැනුමේ හැටියට, දිව්‍ය තල වල උපත ලබන විට ස්ත්‍රී පුරුෂ  වශයෙන්, දෙවියෙක් හෝ දේවතාවියක් ලෙස කර්මානුරූපව ඉපදීමට ඉඩක් ඇත.මගේ ගැටළුව තමයි කෙනෙක් අනාගාමී තත්ත්වයට පත් වෙලා මරණින් මතු බඹ ලොව උත්පත්තියක් ඇති වුනොත් රූපාවචර බ්‍රහ්ම ලෝකයක, එතනදිත් මේ වගේ ස්ත්‍රී පුරුෂ වශයෙන් දෙවිදිහකට උපත සිද්ධ වෙනවාද? හිතෙන්නෙම බඹ ලොව ස්ත්‍රී උපතකට ඉඩක් නැහැ කියලයි. කරුණාවෙන් පහදා දෙන්න.ස්තුතියි..

A. “යම් කරුණෙකින් මාගමක් ශක්‍ර බව ... මාර බව ... බ්‍රහ්ම බව කෙරේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් පිරිම්නියෙක් බ්‍රහ්ම බව කෙරේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.”


මහණෙනි, ස්ත්‍රියක්තොම බ්‍රහ්ම ආත්මය ලබන්නීය යන මේ කාරණය හේතු රහිතයි ප්‍රත්‍යය රහිතයි. ඒ කාරණය විද්‍යමාන නොවේ. “මහණෙනි, මේ කාරණය නම් දක්නටලැබේ (එනම්) යම් හෙයකින් පුරුෂයෙක් බ්‍රහ්ම ආත්මය ලබන්නීය, යන මේ කාරණය නම් විද්‍යමානවේ”


“යම්හෙයකින් ස්ත්‍රියක් තොමෝ මාර බව කරන්නී නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පුරුෂයෙක්තෙම මාර බව කරන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් ස්ත්‍රියක් තොමෝ බ්‍රහ්මබව කරන්නී නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පුරුෂයෙක් තෙම බ්‍රහ්ම බව කරන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll