Q. “ලෝකෝත්තර සම්‌මාදිට්‌ඨියට සාපේක්ෂව, ලෞකික සම්‌මාදිට්‌ඨිය මිත්‍යාදෘෂ්ටියක් ද?”
A / R. ලෞකික හෝ ලෝකෝත්තර “සම්‌මාදිට්‌ඨිය” කියල කියන්නේ ***“ප්‍රඥාව”ට (අමෝහයට) කියන තවත් නමක්; ඒක “කුසල”(ශෝභන) චෛතසික ධර්මයක්.
“මිච්ඡා දිට්ඨිය” කියල කියන්නේ “දිට්ඨිය”ට කියන තවත් නමක්; ඒක “අකුසල” චෛතසික ධර්මයක්. ඒ දිට්ඨිය, දිට්ඨි සම්පයුත්ත (ලෝභ) අකුසල් සිත් හතරෙහි විතරමයි යෙදෙන්නේ.
ලෞකික (කුසල්) සිත් 39** යෙදෙන “ප්‍රඥාව”ට “ලෞකික සම්මා දිට්ඨිය” කියල කියනවා.
ලෝකෝත්තර කුසල් සිත් අටෙහි** යෙදෙන “ප්‍රඥාව”ට “ලෝකෝත්තර සම්මා දිට්ඨිය” කියල කියනවා.
ඉතිං සාපේක්ෂව හරි නිරපේක්ෂව හරි, මොනම දෘෂ්ටි කෝණයකින් බැලුවත් “ලෞකික සම්‌මාදිට්‌ඨිය” “මිත්‍යා දෘෂ්ටියක්” නොවේ. වෙනස තියෙන්නේ ඒ සම්‌මාදිට්‌ඨිය තුළින් නිවන් දකින්න බැරි එක විතර ම යි. ඒත් එකත් නිවනට දුරින් උපකාර යි.
ලෝක ව්‍යවහාරය කුමක් වුවත්, ධර්මානුකූලව නම් - “දර්ශනය” “විද්‍යාව” කියල කියන්නෙත් ඒ ලෝකෝත්තර කුසල් සිත් අටෙහි යෙදෙන “ප්‍රඥාව”ට ම(ප්‍රඥා චෛතසිකයට ම) බව කිව යුතු ය. (“ප්‍රඥාව” තුළ ද ප්‍රභේද ඇත.)
{[***“ප්‍රඥා චෛතසිකය ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර සිත් දොළොස ය, රූපාවචර සිත් පසළොස ය, අරූපාවචර සිත් දොළොස ය, ලෝකෝත්තර සිත් අට ය යන සිත් සතළිස් සතෙහි යෙදේ.”]
[“767. (1) **තීසු භූමීසු කුසලාබ්‍යාකතෙ පඤ්‌ඤා ලොකියා පඤ්‌ඤා, චතූසු මග්‌ගෙසු චතූසු ඵලෙසු පඤ්‌ඤා ලොකුත්‌තරා පඤ්‌ඤා.”]}

{“සා චායං සම්‌මාදිට්‌ඨි දුවිධා හොති ලොකියා ලොකුත්‌තරාති. තත්‌ථ කම්‌මස්‌සකතාඤාණං සච්‌චානුලොමිකඤාණඤ්‌ච ලොකියා සම්‌මාදිට්‌ඨි, සඞ්‌ඛෙපතො වා සබ්‌බාපි සාසවා පඤ්‌ඤා. අරියමග්‌ගඵලසම්‌පයුත්‌තා පඤ්‌ඤා ලොකුත්‌තරා සම්‌මාදිට්‌ඨි. පුග්‌ගලො පන තිවිධො හොති පුථුජ්‌ජනො සෙක්‌ඛො අසෙක්‌ඛො ච. තත්‌ථ පුථුජ්‌ජනො දුවිධො හොති බාහිරකො සාසනිකො ච. තත්‌ථ බාහිරකො කම්‌මවාදී කම්‌මස්‌සකතාදිට්‌ඨියා සම්‌මාදිට්‌ඨි හොති, නො සච්‌චානුලොමිකාය අත්‌තදිට්‌ඨිපරාමාසකත්‌තා. සාසනිකො ද්‌වීහිපි. සෙක්‌ඛො නියතාය සම්‌මාදිට්‌ඨියා සම්‌මාදිට්‌ඨි. අසෙක්‌ඛො අසෙක්‌ඛාය. ඉධ පන නියතාය නිය්‍යානිකාය ලොකුත්‌තරකුසලසම්‌මාදිට්‌ඨියා සමන්‌නාගතො ‘‘සම්‌මාදිට්‌ඨී’’ති අධිප්‌පෙතො. තෙනෙවාහ ‘‘උජුගතාස්‌ස දිට්‌ඨි ධම්‌මෙ අවෙච්‌චප්‌පසාදෙන සමන්‌නාගතො ආගතො ඉමං සද්‌ධම්‌ම’’න්‌ති, ලොකුත්‌තරකුසලසම්‌මාදිට්‌ඨියෙව හි අන්‌තද්‌වයමනුපගම්‌ම උජුභාවෙන ගතත්‌තා, කායවඞ්‌කාදීනි ච සබ්‌බවඞ්‌කානි සමුච්‌ඡින්‌දිත්‌වා ගතත්‌තා උජුගතා හොති, තායෙව ච දිට්‌ඨියා සමන්‌නාගතො නවප්‌පකාරෙපි ලොකුත්‌තරධම්‌මෙ අවෙච්‌චප්‌පසාදෙන අචලප්‌පසාදෙන සමන්‌නාගතො හොති, සබ්‌බදිට්‌ඨිගහනානි ච විනිබ්‌බෙඨෙන්‌තො සබ්‌බකිලෙසෙ පජහන්‌තො ජාතිසංසාරා නික්‌ඛමන්‌තො පටිපත්‌තිං පරිනිට්‌ඨපෙන්‌තො අරියෙන මග්‌ගෙන ආගතො ඉමං සම්‌බුද්‌ධප්‌පවෙදිතං අමතොගධං නිබ්‌බානසඞ්‌ඛාතං සද්‌ධම්‌මන්‌ති වුච්‌චති.
‘‘තත්‌ථ කතමං කම්‌මස්‌සකතඤ්‌ඤාණං? ‘අත්‌ථි දින්‌නං, අත්‌ථි යිට්‌ඨං, අත්‌ථි හුතං, අත්‌ථි සුකතදුක්‌කටානං කම්‌මානං ඵලං විපාකො, අත්‌ථි අයං ලොකො, අත්‌ථි පරො ලොකො, අත්‌ථි මාතා, අත්‌ථි පිතා, අත්‌ථි සත්‌තා ඔපපාතිකා, අත්‌ථි ලොකෙ සමණබ්‍රාහ්‌මණා සම්‌මග්‌ගතා සම්‌මා පටිපන්‌නා, යෙ ඉමඤ්‌ච ලොකං පරඤ්‌ච ලොකං සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවෙදෙන්‌තී’ති යා එවරූපා පඤ්‌ඤා පජානනා…පෙ.… අමොහො ධම්‌මවිචයො සම්‌මාදිට්‌ඨි, ඉදං වුච්‌චති කම්‌මස්‌සකතඤ්‌ඤාණං. ඨපෙත්‌වා සච්‌චානුලොමිකං ඤාණං සබ්‌බාපි සාසවා කුසලා පඤ්‌ඤා කම්‌මස්‌සකතඤ්‌ඤාණ’’න්‌ති (විභ. 793)}