Q. (සංඛත / සැකසුණු / සංස්කාර) සියල්ල අනිත්‍ය නම්, "රූපං ජිරති නාම ගොත්තං නජීරති" හි නාම ගෝත්‍රය නිත්‍ය වුනේ කෙසේද?
A / R. නම්-ගොත් (නාම-ගෝත්‍ර) ප්‍රඥප්තීහු ය (නාම ප්‍රඥප්තීහු ය). ප්‍රඥප්තීහු සෑම කල්හි ම ඇති, ඇති වීම්-නැති වීම් දෙක ද නැති ධර්මයකි. ඇති වීම්-නැති වීම් දෙක නැති කල්හි දිරීමක් (ජරාවක් / අනිත්‍යයක්) කොහින් ද?
[සූත්‍රය - https://pitaka.lk/main?n=211084
අටුවාව - https://tipitaka.app/?a=ha1-446-si
"... “තිස්සො ජීවති, ඵුස්සො ජීවතී”ති වචනප්පවත්තියා විසයභූතා සන්තානපඤ්ඤත්ති, සා එත්ථ පරමත්ථියා පරමත්ථභූතා. තථා හි වුත්තං “නාමගොත්තං න ජීරතී”ති (සං· නි· 1.76)."
ප්‍රඥප්තිය - https://pitaka.lk/books/rc/Abhidharma_Margaya.htm...
https://pitaka.lk/.../abhidharmaye-mulika-karunu/index.html
https://pitaka.lk/books/abhidharma-margaya/index.html
{“අසන තැනැත්තාගේ සිතට යම් කිසි අර්ථයක් මතු කර දෙන වස්ත්‍රය මේසය පුටුව ගස ගල ආදි නාමයෝ නාම ප්‍රඥප්තීහු ය. ශබ්දයේත් නාමයේත් වෙනස දත යුතු ය. ශබ්දය පරමාර්ථ ධර්මයකි. නාමය ප්‍රඥප්තියකි. ඒ නිසා ශබ්දය නාමය නො වන බව දත යුතු ය. නූල් සමූහය නිසා සත්‍යය වශයෙන් නැති වස්ත්‍රය කියා දයෙක් දක්නා තැනැත්තාගේ සිතට හැඟෙන්නාක් මෙන් ශබ්ද සමූහය නිසා අනේකප්‍රකාර නාම ප්‍රඥප්ති අසන තැනැත්තාගේ සිත හැඟෙන්නේ ය. මේසය යන මෙහි “මේ-ස-ය” කියා ශබ්ද තුනක් ඇත්තේ ය. ඒ ශබ්දවලින් එක එකක් හෝ සියල්ල හෝ නාමය නො වේ. “මේ-ස-ය” යන ශබ්ද පිළිවෙළින් ඇසුණු කල්හි ඒ ශබ්ද තුන නිසා අසන්නාගේ සිතට හැඟෙන දෙයකි, මේසය යන නාම ප්‍රඥප්තිය. ඒ නාමය නිසා ඔහුට මේසය නමැති අර්ථ ප්‍රඥප්තිය සිතට නැඟී එන්නේ ය. මේසය යන නාම ප්‍රඥප්තිය එක් දෙයකි. එය මේ-ස-ය යන ශබ්ද තුන නිසා සිතට දැනෙන දෙයකි. කියන ලද කරුණු නුවණින් සලකා, ශබ්දයේත් නාම ප්‍රඥප්තියේත් වෙනස තේරුම් ගත යුතු ය. මෙය සමහරුන්ට අවුල් විය හැකි තැනකි.
අතීතය - අනාගතය - වර්තමානය - කාලමුක්තය කියා අරමුණු සතර කොටසකි. ඉපද අභාවප්‍රාප්ත දෙය “අතීතාරම්මණ” නම් වේ. මතු ඇති වන දේ “අනාගතාරම්මණ” නම් වේ. පවත්නා දෙය “වත්තමානාරම්මණ” නම් වේ. මේ කාල භේදය, ඇති වීම් නැති වීම් දෙක ඇත්තා වූ දේවලට ය. නිර්වාණ-ප්‍රඥප්ති දෙක්හි ඇති වීම්-නැති වීම් දෙක නැත. එබැවින් ඒවා තුන්කාලයෙන් එකකටවත් ඇතුළත් නො වේ. ඒවාට “කාල විමුක්තය” යි කියනු ලැබේ. (මෙය ගැඹුරු කරුණෙකි. වැඩි දුරටත් ගුරුන්ගෙන් අසා දැනගන්න.)”}