937. පිට සක්වල බුදුරජාණන්වහන්සේලා වැඩ සිටිත් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මේ වන විට විශ්වයේ වෙන කොතන හරි බුදුවරයෙක් පහලවී සිටින්නට බැරිද?


A. … “මේ ක්‍ෂෙත්‍රයන් තුනෙහි මෙම සක්වළ හැර අන් සක්වලෙක බුදුවරු උපදිත්යයි සූත්‍රයක් නැත. නොඋපදිතැයි (සූත්‍රයක්) ඇත. විනය පිටකය සූත්‍රාන්තපිටකය, අභිධර්‍මපිටකයයි පිටක තුනකි. මහාකාශ්‍යපස්ථවරයන්ගේ සංගීතියයයි සංගීති තුනකි. මේ සංගීති තුනට නැඟුණු ත්‍රිපිටක බුද්ධවචනයෙහි මේ සක්වළ හැර අන් තැනක බුදුවරු උපදිතැයි සූත්‍රයක් නැත. නොපදිතැයි ඇත.” …

["එකිස්සා ලොකධාතුයා යනු දස සහස්සී ලොකධාතුවෙහිය. ජාතික්‍ෂෙත්‍රය, ආඥා ක්‍ෂෙත්‍රය, විෂය ක්‍ෂෙත්‍රයයි ක්‍ෂෙත්‍ර තුනකි. එහි ජාතික්‍ෂෙත්‍රය නම් යමක් තථාගතයන්වහන්සේගේ මව්කුස පිළිසිඳගන්නාකල්හි උපදිනකල්හි බුදුවනකල්හි, දම්සක් පවත්වනකල්හි ආයුසංස්කාරය හරිනකල්හි පිරිනිවන් පානාකල්හි කම්පා වෙයිද ඒ දහ සහස්‍රී ලෝකධාතුවයි. කෝටි ලක්‍ෂයක්වූ චකුවාලය ආඥා ක්‍ෂෙත්‍රයයි. ආටානාටිය මෝරපරිත්ත, ධජග්ගපරිත්ත, රතනපරිත්ත ආදී පිරිත්වල ආඥාව මෙහි පවතියි, බුදුවරුන්ගේ වනාහි විෂයක්‍ෂෙත්‍රයාගේ පරිමාණයක් නැත. ඥානය යම්‍තාක්ද ඥෙය (දතයුතුදෙය) ද එපමණෙකි. ඥෙය යම්තාක්ද ඥානය එපමණකි. ඥෙය ඥානය සීමා කොට ඇත. ඥානය ඥෙය්‍යය සීමා කොට ඇතයි යන වචනයෙන් අවිෂයවන්නාවූ දෙයක් නම් නැත."]


ඉමෙසු පන තීසු ඛෙත්තෙසු, ඨපෙත්වා ඉමං චක්කවාළං, අඤ්ඤස්මිං චක්කවාළෙ බුද්ධා උප්පජ්ජන්තීති සුත්තං නත්ථි, න උප්පජ්ජන්තීති පන අත්ථි. තීණි පිටකානි – විනයපිටකං, සුත්තන්තපිටකං, අභිධම්මපිටකන්ති. තිස්සො සඞ්ගීතියො – මහාකස්සපත්ථෙරස්ස සඞ්ගීති, යසත්ථෙරස්ස සඞ්ගීති, මොග්ගලිපුත්තතිස්සත්ථෙරස්ස සඞ්ගීතීති. ඉමා තිස්සො සඞ්ගීතියො ආරුළ්හෙ තෙපිටකෙ බුද්ධවචනෙ ඉමං චක්කවාළං මුඤ්චිත්වා අඤ්ඤත්ථ බුද්ධා උප්පජ්ජන්තීති සුත්තං නත්ථි, නුප්පජ්ජන්තීති පන අත්ථි.



"එකිස්සා ලොකධාතුයාති දස දහසක් ලෝක ධාතූන්ය. තීනි හි ඛෙත්තානීති ජාති ක්‍ෂේත්‍ර, ආඥා ක්‍ෂේත්‍ර, විෂය ක්ෂේත්‍ර යනුයි. එහි ජාති ක්ෂේත්‍රය නම් දස දහසක් ලෝක ධාතූන්මය. යමක් වනාහි බුදුරදුන් මව්කුස පිළිසිඳ ගන්නා වේලාවෙහි, බිහිවන වේලාවෙහි, බුදුවන වේලාවෙහි, දම්සක් පවත්වන වේලාවෙහි, ආයුසංස්කාරය හළ වේලාවෙහි පිරිනිවන්පාන වේලාවෙහි කම්පා වන්නේ එයය. කෝටි දස දහසක් සක්වළ ආඥා ක්‍ෂේත්‍රය නම් වේ. ආටානාටිය. මෝර පිරිත, ධජග්ග පිරිත, රතන පිරිත ආදීන්ගේ එහි අණ පැවැත්මය. විෂය ක්ෂේත්‍රයෙහි ප්‍රමාණයක් නැත. බුදුවරුන්ගේ ඤාණය යම් පමණක ද අවබෝධය ද එපමණය. අවබෝධය යම් පමණක ද ඤාණය ද එපමණය. ඤාණය කෙළවර කොට ඇති අවබෝධය ය. අවබෝධය කෙළවර කර ඇති ඤාණය යන වචනයෙන් අවිෂය වූවක් නම් නැත.


මේ ත්‍රිවිධ විෂය ක්ෂේත්‍රයන් හැර මේ සක්වළෙන් අන්‍ය වූ සක්වළක බුදුවරු උපදිත්ය යන කීමක් නැත. නූපදිත් යනුවෙන් ම ඇත. තීනිපිටකානීති විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය යනුයි. තිස්සො සංගීතියොති මහකසුප් තෙරුන්ගේ සංගීතිය, යස තෙරුන්ගේ සංගීතිය, මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගේ සංගීතිය යන ත්‍රිවිධ සංගීතීන්ය. ආරූඪ වූ ත්‍රිපිටක බුද්ධ වචනයෙහි මේ සක්වළ හැර අන්තැනක බුදුවරු උපදිත්ය යැයි කීමක් නැත. නූපදිත්ය යනුවෙන් ම ඇත."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll