120. "පහළවෙනවා" හරි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුදුන්වහන්සේ "පහළවෙනවා" කියන්නේ ඇයි? “පහළ වෙනවා” කියලා කියන්නෙ “ඉබේ පහළ වෙනවා”ට නේද?

A. “පහළ වෙනවා” කියලා කියන්නෙ “ඉබේ පහළ වෙනවා”ට විතරක්ම නෙවෙයි, “උපදිනවා”ටත් “පහළ වෙනවා” කියලා කියනවා; (පහත) “උපදිනවා” කියන එකටත් / ඉපදීමටත් සමාන තේරුම් ගණනාවක්ම තියනවා. “ගෞරවාර්ථයේ” හෝ “විශ්මයාර්ථයේ” දී ඉපදීමට ම, “පහළ වෙනවා” කියලත් යෙදෙනවා.

පහළ වෙනවා / උපදිනවා = " be born, arise, awake, awaken, be begotten, be illegitimate, be incarnated, become, break out, burst forth, come alive, come forth, come into being, come into existence, come out, come to, come to be, come to life, crop up, erupt, get to be, hatch, have birth, have origin, irrupt, issue, issue forth, live again, originate, quicken, reanimate, resurge, resuscitate, return to life, revive, rise, rise again, see the light, spring up, take birth, take rise. ”

ඉබේ පහළ වෙනවා = “ be become visible, appear, meet the eye, present itself, manifest itself, reveal itself, expose itself, stand out, materialize, show, arise. ”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll