277. මාර පරාජය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පඨවී බල සුන්දරී - සබ්බඤ්ඤු බෝධි මණ්ඩලං
අසංඛෙය්‍යං මාරසේනං - ජයෝ ජයතු මංගලං
කකුසන්ධෝ කෝණාගමණෝ - කස්සපෝ ගෝතමෝ මුනී
මෙත්තෙය්‍යයෝ පංච බුද්ධා තේ (මේ) - සීසේ මේසෙන්තු සබ්බදා
ඒතේසං ආනූභාවේන - යක්කා දේවා මහිද්ධිකා
සබ්බේපි සුඛිතා හොන්තූ - මම මෙත්තා සහායකා
සම්බුද්ධේ අට්ඨ වීසන්ච - ද්වාදසන්ච සහස්සකේ
පංච සත සහස්සානි - නමාමී සිරසාදරං
තේසං ධම්මංච සංඝංච - සාදරේන නමාමහං
නමස්කාරානූභාවේන - සබ්බේ භයා උපද්දවා
අනේකා අන්තරායාපි - විනස්සන්තු අසේසතෝ
මෙම ආරක්ශක පිරිතෙහි තෙරුම දන්න පිංවත් මිත්‍රයෙක් ඉන්නම් මෙහි සදහන් කරන්න.

A / R. තේරුම.
"මහී කාන්තා තොමෝ කම්පා වීමෙන් සර්වඥයන් වහන්සේට බෝමැඩ අයත් වීමෙන් අසංඛ්‍ය අපරිමාන වූ මාර සෙනග පැරද පලා ගියහ. බුදුන්ට ජය අත් විය.ඒ සත්‍යයෙන් මටද ජයමංගල්‍යයක්‌ම වේවා•

කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම, මෛත්‍රී යන පසේ බුදුවරුන් වූ ඔබ වහන්සේලා හැම කල්හි මාගේ සිරසෙහි පිහිටත්වා•

උන්වහන්සේලාගේ ආනුභාවයෙන් මහා සෘද්ධිමත් වූ යක්‍ෂ දේව මනුෂ්‍යාදී සියල්ලෝම සුවපත් වෙත්වා මා ඔබ හැමගේ සහායකයෙකි. මිත්‍රයෙකි. ඔබ හැම මගේ මිත්‍රයෝය, සහායකයෝ ය.

අටවිසි බුදුවරයන් වහන්සේලා ද පන්ලක්‍ෂ දොළොස්‌ දහසක්‌ බුදුවරයන් වහන්සේලාද සිරස නමා ආදරයෙන් වඳිමි.

උන්වහන්සේලාගේ ධර්ම රත්නය, සංඝ රත්නය ද, මම ආදරයෙන් වඳිමි, නමස්‌කාර ආනුභාවයෙන් සියලු භය හා උපද්‍රවයෝ ද, නොයෙකුත් අනතුරුද ඉතිරි නොවී දූරීභූත වෙත්වා.”

කරදර අඩු කරන මාර පරාජය පිරිත - http://www.divaina.com/2016/05/08/naka08.html
http://dharmaparyeshana.org/archives/1176
https://pitaka.lk/?node=211328&coll=cs,aps

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll