555. ආත්මය හා අනාත්මය - ආත්ම ද? අනාත්ම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "ආත්මය" නිර්වචනය කරන්නේ කෙසේ ද?

A. සරලව ම,
[“ආත්මය” යන පදය හොඳින් වටහා ගැනීමට එහි විරුද්ධ පදයවන “අනාත්මය” යන පදය බෙහෙවින් ම ඉවහල් වේ - ඒ අනුව (1. හි මෙන්) ගලපා ගන්න.]

1. “ආත්ම(ය)” යනු, තමාට පාලනය කළ (වසඟයේ පැවැත්විය) හැකි බව යි.
[“අනාත්ම(ය)” යනු, තමාට පාලනය කළ (වසඟයේ පැවැත්විය) නො හැකි බව යි.]
උදාහරණයක් - “අනාත්ම ලක්ඛණ සූත්‍රය” - https://pitaka.lk/main?n=231074

2. “ආත්ම(ය)” යනු, පංචස්කන්ධය ම (හෝ ඉන් එකක් හෝ කිහිපයක් හෝ) ‘මම’ (තමා හෝ සතෙකු / පුද්ගලයෙකු / කෙනෙකු) ලෙස නොයෙක් (උපරිමය විසි) ආකාරයෙන් වැරදියට සිතාගෙන සිටීම (ජීවත්වීම) ය.
උදාහරණයක් - “විසි ආකාර සක්කාය දිට්ඨිය” – https://pitaka.lk/main?n=541060 – (https://pitaka.lk/main?n=541062)

3. “ආත්ම(ය)” යනු, පංචස්කන්ධය (ධාතු / ආයතන / සංඛත පරමාර්ථ / හේතු-ඵල ආදී ක්‍රියාවලි) හැර, වෙනත් (ක්‍රියාකාරී) බලයක් හෝ බලවේගයක් තිබෙන බව වැරදියට සිතාගෙන සිටීම (ජීවත්වීම) ය.
උදාහරණයක් - “දිට්ඨි කතා” – https://pitaka.lk/main?n=54102&p=123
(“සලායතන සංයුක්තය” - https://pitaka.lk/main?n=24100)

සංකීරණව - මෙය කියවන්න.
[නැවත: “ආත්මය” යන පදය හොඳින් වටහා ගැනීමට එහි විරුද්ධ පදයවන “අනාත්මය” යන පදය බෙහෙවින් ම ඉවහල් වේ.]

A / T.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll