630 - කිල්ල, කිලි-කිළි හා විෂබීජ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. දෙවියන් හා සම්බන්ධ පුද පූජා වලට සම්බන්ධ වීමේදී අවමංගල්‍ය වලට සහභාගී වීම හෝ වෙනත් හේතුන් මත කිලි යයි කියා එවැනි අවස්ථා වලට සම්බන්ධ වීම නුසුදුසු ලෙස මා අසා ඇත. බුද්ධ වන්දනා හා බෞද්ධ කටයුතු වලදි මෙය කෙසේ බලපානේද?

A. මානසික අපිරිසිදු භාවය කයටත්, කායික අපිරිසිදු භාවය මනසටත් අන්‍යෝන්‍ය වශයෙන් බලපාන සත්‍යක්; ඒ වගේ ම තමා, පාරිසරික අපිරිසිදු භාවය සිත-කය දෙකට ම බලපානවා. සිතෙන්-කයෙන්-පරිසරයෙන් මේ තුනෙන් ම “විෂ බීජ” ඇතිවෙන්නත් පුළුවන්, ඒවා තමාට / මෙරමාට / සමාජයට බලපාන්නත් පුළුවන්. ඒ නිසා සිත-කය-(වචනය)-පරිසරය පුළුවන් තරං පිරිසිදුව තබා ගන්න එක හැම දේකට ම හොඳයි - විශේෂයෙන් ම ආගමික කටයුතුවල දී.
(අධි පිරිසිදු භාවයක් මින් අපේක්ෂා නොකෙරේ.)

භාවනා සම්බන්ධයෙන් නම් පහත උපදෙස් අනුගමනය කළ හැකිය.
“වතුර නා ශරීරය පිරිසිදු කරගෙන පිරිසිදු වස්ත්‍ර‍යක් හැඳ ගෙන භාවනාවට වාඩිවීම ඉතා හොඳ ය. හැම විට ම එසේ කළ නො හෙන බැවින් ශරීරයේ යම් යම් තැනක් අපිරිසිදු වී ඇති නම් ඒ තැන් පිරිසිදු කර ගෙන භාවනාවට වාඩි වෙනු.”
https://pitaka.lk/books/abhidharma-margaya/10-3.html

“ආධ්‍යාත්මික බාහ්‍ය වස්තූන් පිරිසිදු කර ගැනීම ය යන මෙහි ආධ්‍යාත්මික වස්තූහු නම් හිස මුහුණ අත් පා ආදීහු ය. බාහ්‍යවස්තූහු නම් චීවරාදීහු ය. යෝගාවචරයන් විසින් හිසකේ රැවුල් නිය දික් වූ කල්හි ඒවා කපා දමා ශරීරය පිරිසිදු කර ගත යුතු ය. දත් පිරිසිදුව තබා ගත යුතු ය. අත් පා පිරිසිදුව තබා ගත යුතු ය. දිනපතා හෝ සුදුසු දිනවල හෝ ජලස්නානය කොට සකල ශරීරය ම පිරිසිදු කර ගත යුතු ය. ශරීරයේ පිටපැත්ත පමණක් නොව විරේචනය කිරීම් ආදියෙන් කලින් කල ඇතුළ ද පිරිසිදු කර ගත යුතු ය. පාසිවුරු ආදි තමා ගේ පරිභෝග භාණ්ඩ පිරිසිදු ව තබා ගත යුතු ය. වාසය කරන තැන හා ඒ අවට ද පිරිසිදුව තබා ගත යුතු ය.”
https://pitaka.lk/books/bodhi-pakshika-dharma/8-4.html

“භාවනා කරන තැන පිරිසිදුව තබා ගත යුතුයි. යෝගාවචරයාගේ ශරීරය හා වස්ත්‍ර ද පිරිසිදුව තබා ගත යුතුයි. සිත එකඟ වූ කල්හි අන්‍ය අවස්ථාවන්හි නො දැනෙන ගන්ධයන් දැනෙන්නට වන්නේය. ස්ථානාදිය අපිරිසිදුව තිබෙන කල්හි සිත සමාධි වීමෙන් පසු ඒවායේ ගන්ධයන් දැනෙන්නට වීම යෝගාවචරයාට පීඩාවක් වෙයි. භාවනා කරන තැන සුවඳ වර්ග තිබීම හොඳය. අපිරිසිදු බව සමාධි ප්‍රඥා දෙකේ ම දියුණුවට බාධකය.”
https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/4-1.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll