Q. විනිපාතය යනු නිරයේ කොටසක්ද?
A. “මේ පින්වත් සත්වයෝ එකාන්තයෙන් කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් කියන්නාහු, මිසදිටු වූවාහු, මිථ්‍යාදෘෂ්ටි කර්මයන් සමාදන් වූවාහු මරණින් මතු සැපයෙන් පහවූ හෙයින් අපාය නම්වූ දුකට පමුණුවන හෙයින් දුර්ගතිනම් වූ, විවසව (හිස යටිකුරුව) වැටෙන හෙයින් විනිපාත නම්වූ, නරකයෙහි උපන්නාහුය”
‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා.”
https://pitaka.lk/main?n=18112
“විනිපාත = අවසඟ ව වැටෙන දුක් බහුල තැන”
A. “අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පන්තා = (මේ සියල්ල නිරය පර්‍ය්‍යාය වචන ය) අය සඞ්ඛ්‍යාත සැපයෙන් පහ වූ දුකට ගති වූ, විවස වැ පතිත වන්නා වූ; (ආසවාද නම්වූ අය නැති හෙයින් නොහොත් ස්වර්‍ග-මොක්‍ෂයට හේතු වූ ප්‍රත්‍යය සම්මත අය යෙන් පහ වූ බැවින් නොහොත් සැපයන් ගේ හට ගැනීමක් නැති හෙයින්) නිරය නම් වූ, දෝස බහුලත්‍වයෙන් දුෂ්ට වූ කර්‍මයෙන් උපන් ගති ඇති හෙයින් දුග්ගති නම් වූ. මෙහි බිඳෙන අඞ්ග ප්‍රත්‍යඞ්ග ඇතිවැ විනාශ වෙමින් වැටෙත්නුයි’ විනිපාත නම් වූ නිරයෙහි උපන්නාහු ය.)
විශේෂ :- මෙහි අපාය ගැනීමෙන් තිරිසන් යෝනිය ගැනේ. එය සුගතියෙන් වෙන් වූ හෙයින් අපාය ය. (මහේශාක්‍ය නාගරාජාදීන් ගේ උත්පත්තිය ඇති හෙයින් දුග්ගති නො වේ) දුග්ගති ග්‍රහණයෙන් ප්‍රේත ලෝකය ගැනේ. එය සුගතියෙන් පහවූ හෙයින් ද, දුකට ගති වූ හෙයින් ද, අපාය දුග්ගති ද වේ. විනිපාත ග්‍රහණයෙන් අසුරකාය ය ගැනේ. එය එකී අර්‍ථයෙන් අපාය ද දුග්ගතිය ද සියලු සම්පත්තීන් පහ වූ හෙයින් විනිපාත ද වේ. නීරස ග්‍රහණයෙන් අවීචිය තෙක් සියලු අපාය ගැනේ. (මෙයට ප්‍රතිපක්‍ෂ වශයෙන් සොභන පක්‍ෂය දත යුතුයි)”
https://pitaka.lk/books/vishuddhi-margaya/15-4.html