738. අපාය - දිව්‍ය කියලා තැන් නෑ නේද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අපාය දිව්‍යලෝකවල පැවැත්ම අපි බුදුන්වහන්සේ ගැන ස්‍රද්ධාවෙන් නේ පිලිගන්නේ. ඒක නිරාගමිකයෙකුට තාර්කිකව පැහැදිලි කරන්නේ කෙසේද?

A. පරාමිතිය (දිග-පළල-විස්තර) වෙනස් උණාට / අපේ අදහස ම නොවුණාට, අනිත් ප්‍රධාන ආගම් වලත්, මං දන්නා විදිහට,

1. “නිරය”
2. “අපාය”
3. “දුගතිය”
4. “නපුරු බලවේග”
5. “සාතන් / යක්ෂයා”...

1. “දිව්‍ය ලෝකය”
2. “සුගතිය / ස්වර්ගය”
3. “දෙවියන් / දෙවඟනන් අතරට යාම”
4. “බ්‍රහ්මසහවාසය”
5. “දෙව්මව් තුරුලට යෑම” ...

වැනි අපේ “අපාය / නිරය / දිව්‍ය ලෝක” හා සමගාමීව යන සංකල්ප තියනවා.
(අන්‍ය ආගමික යහළුවන් / යෙහෙළියන් අපේ කණ්ඩායමෙත් ඇති / ඉන්නවා - පොඩ්ඩක් තවදුර හොයලා බලන්න.)

ඒ නිසා (මට නම් හිතෙන්නේ), එක්කෝ අපි එයාලගේ ආගම් ගැන (පොඩ්ඩක් වත්) හරියට දන්නේ නෑ - නැත්තං, එයාලා එයාලගේ ආගම් ගැන (පොඩ්ඩක් වත්) හරියට දන්නේ නෑ කියලා.
ඒ සමගාමී සංකල්ප නිසා තවත් ලේසියි; අමුතුවෙන් ම පැහැදිලි කරන්න දෙයකුත් නෑ, අපිට තියෙන්නේ එයාලගේ ආගම්වල ම තියන, අපේ “අපාය / නිරය / දිව්‍ය ලෝක” හා සමගාමීව යන සංකල්ප වලින් ම එයාලගෙත් දෘෂ්ටිය ඍජු කරවන එක, ඒකට දක්ෂ වෙන එක විතරයි - ඒක ලොකු පිනක් අනික.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll