395. භාවනා නොකර සෝවහන් වෙමු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

QNo photo description available.
ඉහත පින්තූරයේ දක්වා ඇති වැරදි පැහැදිලි කිරීම් / වැරදි අර්ථ විවරණ හා සමාන ම තවත් (විකෘති) පින්තූර ද දක්නා ලදී.

A / R. දස්සනා පහාතබ්බා = දර්ශනයෙන් පහකළ යුතු = සොවාන් මාර්ගයෙන් පහකළ යුතු = සොවාන් මාර්ග දර්ශනයෙන් පහකළ යුතු.
මේ (පහත පින්තූරයේ) දක්වා ඇති පැහැදිලි කිරීම / අර්ථ විවරණය සම්පූර්ණයෙන් ම සාවද්‍ය (වැරදිය) ය. සොවාන්වීමට “භාවනා නො කළ යුතුබවක්” ඉන් (අර්ථයෙන්) අදහස් නොකරේ.

“මහණෙනි, සෝවාන් මගින් පහකළයුතු වූ කෙලෙස් නම් කවරහුද? ....”

මහණෙනි, මම දන්නහුගේ දක්නහුගේ කාමාදී කෙලෙස් නැතිකිරීම කියමි. නොදන්නහුගේ නොදක්නහුගේ (කෙලෙස් නැතිකිරීම) නොකියමි.

“මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආශ්‍රවයන් නැතිවීම වේද? නුවණින් මෙනෙහිකිරීමත් නුනුවණින් මෙනෙහි කිරීමත් යන දෙකය. මහණෙනි, නුනුවණින් සිතන්නාවූ පුද්ගලයාට නූපන්නාවූ ආශ්‍රවයෝද උපදිත්. උපන්නාවූ ආශ්‍රවයෝද වැඩෙත්. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නූපන්නාවූ ආශ්‍රවයෝද නූපදිත්. උපන්නාවූ ආශ්‍රවයෝද දුරුවෙත්. ....

“හෙතෙම මේ දුකයයි නුවණින් කල්පනා කරයි, මේ දුක් ඉපදීමට හේතුවයයි නුවණින් කල්පනා කරයි. මේ දුක් නැතිකිරීමයයි නුවණින් කල්පනාකරයි. මේ දුක් නැති කිරීමේ මාර්ගයයි නුවණින් කල්පනා කරයි. මෙසේ මෙනෙහි කරන්නාවූ ඕහට දිට්ඨිසංයොජන (විසිආකාර ආත්මදෘෂ්ටිය) ද විචිකිච්ඡා සංයෝජනය (සැකය) සීලබ්බත පරාමාස සංයෝජනයද, මේ ශාසනයෙන් පිටත සිල් හා වත් සෙවීමද යන සංයෝජන (කෙලෙස් බැමි) තුන (සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසො) නැති වෙත්.

“මහණෙනි, මේ ආශ්‍රවයෝ පළමුකොට නිවන්දැකීම් වන සෝවාන් මාර්ගයෙන් නැතිකළ යුත්තාහුයයි කියනු ලැබෙත්.”

https://pitaka.lk/main?n=18102&p=17
https://pitaka.lk/main?n=18102&p=21
https://pitaka.lk/main?n=18102&p=15

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll