569. සැබෑ ම වීරයා කවුද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. වීර්යය යනු නිර්වානාවබෝධය පිනිස යන ගමනේ ඉතා වැදගත් අංගයක් බව ශ්‍රි සද්ධර්මයේ දැක්වෙයි.
කුමන ධර්මතා / හෙතු නිසා වීර්යය ඇතිවේද? කුමන ධර්මතා / හෙතු නිසා ඇති වූ වීර්යය තව තවත් වර්ධනය වේද? ත්‍රිපිටක ධර්ම රත්නය ඇසුරෙන් පහදන්න. තෙරුවන් සරණයි!

A. {“භාවනා කිරීමට සතුටක් නැති බව, කය පණ නැති බව, කය ඒ ඒ අතට බර වන බව, නැමෙන බව, ආහාර මත, සිත පසු බස්නා බව යන මේවා පිළිබඳ ව කාරණානුකුලව කල්පනා නො කිරීම ය, කාමච්ඡන්දය ඉපැදීම ය, පමණට වඩා ආහාර වැළඳීම ය, අපථ්‍යාහාර වැළඳීම ය, යැපෙන පමණට ආහාර නො ලැබීම ය, අධික ශීතල ය, අධිකෝෂ්ණය ය, ශරීරය ඉතා ස්ථුල වීම ය, ඉතා කෘෂ වීම ය, රෝගයෝ ය, අලසයන් සේවනය කිරීම ය, පමණට වඩා සුව පහසු ඇති අසුන් වල විසීම ය, අඳුරේ විසීම ය යන මේ ආදි කරුණු ථීන මිද්ධයාගේ ඉපදීමට හා වැඩීමට හේතූහු ය.
ථීන මිද්ධ හේතු දුරු කිරීම ය, වීර්‍ය්‍යයේ අනුසස් කල්පනා කිරීම ය, ශරීරය ආරක්ෂා කර ගැනීම ය, කල්‍යාණ මිත්‍රයන් සේවනය කිරීම ය, වීර්‍ය්‍යය වැඩීමට හේතු වන කථා ඇසීම ය, එළිමහනේ වාසය කිරීම ය, ආලෝකයන් මෙනෙහි කිරීම ය, වරින් වර ඉරියව් වෙනස් කිරීම ය, වීරයන්ගේ චරිත මෙනෙහි කිරීම ය යන ආදිය ථීන මිද්ධය දුරු වීමට හේතු වේ.”
https://pitaka.lk/books/rc/Vidarshana_Bhavana_Kramaya.htm}

A. “මහණෙනි, යම් සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයක් හේතුකොටගෙණ නූපන් කුශලධර්මයෝත් උපදිත්ද, උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද, මහණෙනි, මේ වැනිවූ අනෙක් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තා තුළ නූපන් කුශලධර්මයෝත් උපදිත් උපන්නාවූ අකුශලධර්මයෝත් පිරිහෙත්.” >>> https://pitaka.lk/main?n=26160 >>>

A. සතර සම්‍යක් ප්‍ර‍ධානයෝ - https://pitaka.lk/books/bodhi-pakshika-dharma/4.html

A. “ආරද්ධ වීරියං යනු දැඩිව ගත් වීර්‍ය ඇති, පිරිපුන් වීර්යයයි. තංවෙ යනු එබඳු ආකාර ඇති පුද්ගලයායි. යම්සේ දුබල සුළඟක් සෙමින් වදිමින් ඒකඝන ශෛලපර්වතයක්සොලවන්ට අසමත්වෙයිද, එසේ අභ්‍යන්තරයෙහි උපදනා කෙලෙස් මාරතෙම එබඳු පුද්ගලයා වසඟ කරගන්නට අපොහොසත්වෙයි. කලඹන්ට සොලවන්ට නොහැකිවෙයි.”
https://pitaka.lk/dhammapada/katha-6.html

A. "1. අපායාදි භය ප්‍ර‍ත්‍යවේක්‍ෂාකන බව, 2. වීර්‍ය්‍යයට අයත් ලෞකික ලෝකෝත්තර විශේෂාධිගමයන්ගේ ආනිසංස දන්නා බව, 3. “බුදු-පසේබුදු-මහා ශ්‍රාවකයන් ගිය මඟ මා විසින් යා යුතු ය. කුසීත වැ ඒ මඟ යා හැකි නොවන්නේ ය”යි මෙසේ ගමන් මාර්‍ගය ප්‍ර‍ත්‍යවේක්ෂා කරන බව, 4. ප්‍ර‍ත්‍යය දෙන දායකයන්ගේ ඒ ප්‍ර‍ත්‍යය දානය මහත් ඵල කිරීමෙන් පිණ්ඩපාතයට බුහුමන් කරන බව, 5. “මාගේ ශාස්තෘන් වහන්සේ වීර්‍ය්‍යාරම්භ යෙහි ගුණ වර්‍ණනා කරන සේක. උන්වහන්සේ ඉක්මවා ලිය නො හැකි අනුශාසනා ඇති සේක. අපට බොහෝ උපකාර සේක. ප්‍ර‍තිපත්ති පූජායෙන් පුදන්නේ ම උන්වහන්සේ පිදුයේ නම් වන්නේ ය. අන්‍යාකාරයකින් පිදුයේ නම් නො වන්නේ ය”යි මෙසේ ශාස්තෘන්වහන්සේ ගේ මමත්‍වය ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කරන බව, 6. උන්වහන්සේගෙන් සද්ධර්‍ම සංඛ්‍යාත මහා දායාදය මා විසින් ගත යුතු ය. එය කුසීත වැ ගත නො හැකි ය යි දායාද මහත්ත්‍වය ප්‍ර‍ත්‍යවේක්‍ෂා කරන බව, 7. ආලෝක සංඥාවව මෙනෙහි කිරීම ය, ඉරියව් මාරුකිරීම ය, අභ්‍යවකාශ සේවනය යනාදියෙන් ථීන - මිද්ධ දුරුකරන බව, 8. අලස වූ භාවනායෙහි නාම මාත්‍ර‍ පවා නා දන්නා කායදඩ්ඪි බහුල වූ සෙය්‍යසුඛාදි යෙහි යෙදෙන-තිරිසන් කථායෙහි නිරත - පුද්ගලයන් දුරු කරන බව, 9. භාවනාරම්භ වශයෙන් ආරබ්ධ වූ ද්‍රෘඪ වීර්‍ය්‍ය ඇති පුද්ගලයන් කලින් කල සෙවුනා බව, 10. සතර වැදෑරුම් සම්‍යක් ප්‍ර‍ධාන වීර්‍ය්‍යයාගේ ආනුභාව සිහි කරන බව, 11. ඒ වීර්‍ය්‍ය සමේබාධ්‍යඞ්ගයෙහි ඇම තන්හි නිම්න ප්‍ර‍වණ බව යන මේ එකොළොස් ධර්‍මයෝ විරිය සමේභාධ්‍යඞ්ගය උපදවා ගැන්මට කාරණ වෙත්."
https://pitaka.lk/books/vishuddhi-margaya/6-5-1.html

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll