767. "විජ්ජා උප්පතතං සෙට්ඨා" අර්ථය කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "විජ්ජා උප්පතතං සෙට්ඨා" මෙහි අර්ථය කුමක්ද?

A / R. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - තේමා පාඨය = “විජ්ජා උප්පත්තං සෙට්ඨා - (උපන්නාවූ සියලු දෙය අතරින් විද්‍යාව ශ්‍රේෂ්ඨ වේ.”

උප්පතතං = “උපන්නාවූ සියලු දෙය” ලෙස ඉහත පරිවර්තන වැරදි බව පෙනේ.
උප්පතතං = පැන නඟින්නා වූ / නැඟෙන්නා වූ / උඩට නඟින්නා වූ / ඉහළ එසවෙන්නා වූ / අහස බලා පැනනැගෙන / ... ලෙස නිවැරදිය විය යුතු ය.

මෙහි “විජ්ජා” (විද්‍යාව) යනු “ශාස්ත්‍රය” යන අර්ථය ද නොවේ - “(මාර්ග) ප්‍රඥාව” යන අරුතයි.
[“තත්ථ විජ්ජාති චතුමග්ගවිජ්ජා.”]

එවිට, “විජ්ජා උප්පත්තං සෙට්ඨා” = පැන නැඟෙන්නා වූ සියල්ල අතරෙන් “මාර්ග ප්‍රඥාව” උතුම් / ශ්‍රේෂ්ඨ ය - මන්දයත්, එකී මාර්ග ප්‍රඥාවෙන් සියලුම අකුසල් සහමුලින් නසන / සමූලඝාතනය කරන බැවිණි.
[“තත්ථ විජ්ජාති චතුමග්ගවිජ්ජා. සා හි උප්පතමානා සබ්බාකුසලධම්මෙ සමුග්ඝාතෙති.”]

{https://pitaka.lk/main?n=211082}
{https://tipitaka.lk/sn-1-1-8-4/sinh}
{https://tipitaka.app/?a=ha1-439-si}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll