216. සතුටුවෙන එක පිං ද පව් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අපි සාමාන්‍යයෙන් අපගේ සිතට ප්‍රීතියක් දැනෙන යමක් සිතුවොත් හෝ ප්‍රීතියෙන් යම්කිසි මිහිරි ගීතයක් හෝ ශ්‍ර්වණය කිරීමේ දී හෝ අපගේ කර්මය කෙසේ සකස් වේද?

A / R / T. “ප්‍රීතිය” යනු පව්-පිං (කුසලාකුසල) දෙකම කරන අවස්ථාවන්හී දී සිතේ ඇතිවිය හැකි සිතුවිල්ලකි (චෛතසිකයකි).
“ප්‍රීතිය” යනුවෙන් වරදවා “ලෝභ” චෛතසිකය ම ගන්නා අවස්ථා ද ඇත. “ලෝභ”ය නම් අකුසලයක් ම බව කිව යුතු නොවේ.
එබැවින් ඉහත කාරණා අනුව සිතා බලන්න. කර්මය සකස් වීමද ඒ අනුව ම සිදු වේ.
වැඩිදුර - http://pitaka.lk/36111/cs,aps
http://pitaka.lk/36112/cs,aps

"බුදු ගුණ නැවත නැවැත සිහි කිරීමෙන් පස්වණක් ප්‍රීති ඇති වේ. පස්වණක් ප්‍රීති නම්:-

1. බුද්දකපීති - කුඩා ප්‍රීතිය, සුළු වශයෙන් ඇතිවන ප්‍රීතිය
2. බණිකපීති -විදුලිය කොටන්නාක් මෙන් ක්ෂණික හටගන්නා වූ ප්‍රීතිය
3. ඔක්කන්තිකපීති - ශර්‍රීරය තුළට බැසගත් ප්‍රීතිය
4. උබ්බෙගපීති - ශරීරය ඔසොවා ගෙන යා හැකි තරම් බලවත් ප්‍රීතිය
4. ඵරණපීති - ශරීරය පුම්බවන්නාක් මෙන් ඇතිවන බලවත් ප්‍රීතිය

අංගුත්තර නිකාය ඒකාදසත නිපාතයෙහි මහානාම සූත්‍රයෙහි වදාළ පරිදි බුද්ධානූස්සති වඩත්ම ප්‍රාමෝද්‍යය ඇතිවේ.

ප්‍රමුදිතයාට ප්‍රීතිය ඇතිවේ.

ප්‍රීතිමනස් ඇත්තහූ ගේ කය සංසිඳෙයි.. සංසුන් කයැත්තාහූ මානසික සුව විඳියි. .

සුවත්තාගේ සිත එකඟ වේ.

ආර්යශ්‍රාවකයා රාග - ද්වේශ - මෝහ විසින් විෂමතාවයාට ගිය ප්‍රජායෙහි සමත්වයට - ව්ෂමනැති බවට පැමිණ වෙසෙයි

දුක් සහිත ජනතාව අතර නිදුක් ව වෙසෙයි."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll