796. කේන්දරේ අඵල තියෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. යමෙකුට කේන්දර ය අනුව ඔහුට මෙම ආත්මය තුළ ගිය ආත්මයka ඔහු කළ අකුසල කර්මයක් නිසා මෙම ආත්මයye ඔහුට සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට නොහැකි බව කිව්වොත් සහ යම්කිසි කෙනෙක් මෙම ආත්මය තුළ දෙදෙනකු ekathuwima වැළැක්වීමට wacrawa ho කෙළින්ම සයෝගය දී ඇතොත් ඔහුට එම අකුසල කර්මයේn මිදීමට කළයුතු දේවල් මොනවාද ?

A. කළ අකුසල්/පව් ගැන පසුතැවිලි නොවන ගමන්, කළ කුසල්/පිං නිතර නිතර සිහි කරන්න. එසේම, වක්‍රව හෝ ඍජුව කළ/සම්බන්ධ වූ අකුසල්/පව්වලට ප්‍රතිවිරුද්ධ කුසල්/පින් වක්‍රව හෝ ඍජුව බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම කරන්න. (බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) පස්පව්, දස අකුසල් ආදී සෑම පවක්ම/අකුසලයක්ම දිවිහිමියෙන් දුරු කරන්න. (බලවත්ව, සතුටින් හා කර්ම ඵල අදහාගෙන ම) දාන, සීල, භාවනා–ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍යක්‍රියා, දස කුසල් ආදී සෑම පිනක්/කුසලයක් ම දිවිහිමියෙන් පුරුදු කරන්න, නිතර නිතර කරන්න, වඩන්න.

[ඉහත, මෙම ක්‍රමවේදය ඕනෑම අකුසල කර්මයක්/අකුසල කර්ම විපාකයක් (පව්/පව්වල විපාක) මැඬලීමට අදාළ වේ.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll