658 - පිළිසිඳ ගැනීමේ ක්‍රම විද්‍යාත්මක ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අනේ සමාවෙන්න ඕන මං මේ අහන්නෙ වැරදි දෙයක් ගැන නම්, ඒත් මේ දේ දැනගන්නම ඕන. දන්න කෙනෙක් කියල දෙන්න ලොකු පිනක්...
සිදුහත් කුමරා යශෝදරා දේවියගේ නාභිය පිරිමැදීම තුලින් ද රාහුල කුමරු පිලිසිඳ ගත්තේ...???
කොහොමද එහෙම උනේ...?
මේ ගැන සඳහන් තැනක් නැද්ද ..?
කායිකව එක්තුවීමක් නැද්ද..?
මට මේක අහන්න තේරෙන්නෙ නෑ බුදුරජාණන් වහන්සේට අගෞරවයක් වෙයි කියල බයයි.
මේ ගැන දන්න කෙනෙක් කරුණු හොයාගන්න පුලුවන් තැනක් ගැන කියාදෙන්න. ගොඩක් පිං...

A. (හාස්‍යජනක වුවත් නැතත්, කවුරුන් පිළිගත්තත් නැතත්,) සාමාන්‍ය විද්‍යාත්මක විග්‍රහයට අමතරව, පිළිසිඳ ගැනීමේ ක්‍රම කිහිපයක් ම ධර්මයෙහි දැක්වේ - එහෙත් “රාහුල” කුමරුන්ගේ උප්පත්තිය සාමාන්‍ය විද්‍යාත්මක එකකි.
https://pitaka.lk/main?n=18138&p=408

[“රාහුල” කුමරුන්ගේ උප්පත්තිය සාමාන්‍ය විද්‍යාත්මක එකක් නොවන බවට “ත්‍රිපිටක සාක්ෂියක්” ඇත්නම්, පාලක මණ්ඩලයේ අප කවුරුන් වෙත හෝ යොමු කරන්න - “ත්‍රිපිටක සාක්ෂියක්” ම පමණි.]

ධර්මයෙහි ඇති අමතර ක්‍රම කිහිපය දැනගන්න මේ සබැඳිවලින් පිවිසෙන්න.
https://pitaka.lk/books/milinda-prashnaya/16.html
https://tipitaka.app/?a=3a2-33-si

{අමතර ප්‍රශ්න පැන නැගුනොත්, ධර්මය පිළිගන්න තැනට ඔබ පැමිණෙන්න, නැතහොත් විද්‍යාත්මක ක්‍රම වේදය පමණක් ම පිළිගන්න.}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll