819. කෑවත් වැරදි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආහාරපාන කුසගින්නක් නැතිවේලාවෙ අනුභව කිරීම අකුසලයක්ද? ධර්මයට අනුව පහදා දෙන්න. තෙරැවන් සරණයි!!

A. කාලයේ හෝ විකාලයේ වුවත් තෘෂ්ණාධ්‍යාශයෙන් යුක්තව ආහාර ගන්නේ නම් ඇති වන්නේ ලෝභ මූල (කාමාවචර ) අකුශල් සිත්මයි. නිරතුරු ප්‍රත්‍යවේක්ෂාවෙන්ම ආහාර ගැනීමට පුරුදු විය හැකි නම් නිවනට එයම උපකාරයි.

A. ආහාරය කෙරෙහි ඇති වන තෘෂ්ණාව සතියෙන් ආහාරය දකින තුරු දුරු කළ නොහැකි යයි සිතනවා.
ධාතු මාත්‍ර වශයෙන්, දැනීම් මාත්‍රයක් වශයෙන්, බාහිර සතරමහා ධාතුවත් අභ්‍යන්තර සතරමහා ධාතුවත් හැර ආහාරය රස විඳින්නෙක් නැති බවත් දනිමින් ආහාර වැළඳීම සුදුසු යයි සිතමි. ආහාර ප්‍රත්‍යවේක්ෂා පාඨය මෙනෙහි කර එහි අර්ථය වටහා ගනිමින් ආහාර ගැනීම උපකාර වේවි.

කුසගින්නක් නැත්නම් ආහාර ගන්නේ කුමක් ආසන්න හේතුව කරගෙනද යන්න සළකා බැළිය යුතු වෙනවා. වෙනත් කෙනෙකුගේ ඉල්ලීම පරිදි ආහාර ගන්නා අවස්ථාවක හැර බොහෝ විට එවැනි ආහාරයක් ගන්නේ තෘෂ්ණාවක් මුල් කරගෙනමයි.

ඔබ අකමැති ආහාරයක් ඔබට කුසගින්නක් නැති අවස්ථාවක ලැබුණොත් ඔබ එය නොගෙන සිටීවි නේද? "කැමති ආහාරයක් නම් පමණක් එය ගන්නවා" යන්න තුළම පිළිතුර ලෙස තෘෂ්ණාව තිබෙනවා. තෙරුවන් සරණයි!

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll