503. ධම්මායතනය යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආයතන 12 න් එකක් වන ධම්මායතනය ට ඇතුලත් සූක්ෂ්ම රූප සොළස මොනවාද?

A / R. “මනායතනය යනු එකුන් අනූ චිත්තය ය.”

“ධම්මායතනය යනු චෛතසික දෙපනස ය, සූක්ෂ්ම රූප සොළොසය ය, නිර්වාණය යන මේවා ය.”

“ආපෝ ධාතුව, ස්ත්‍රී භාවය, පුරුෂ භාවය, හෘදය රූපය, ජීවිත රූපය, ආහාර රූපය, පරිච්ඡේද රූපය, විකාර රූප පසය, ලක්ෂණ රූප සතරය, යන මේ රූප සොළොස සූක්ෂ්ම රූප නමුදු වේ.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll