975. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා මිස දස පුණ්‍යක්‍රියා නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. පුණ්‍යක්‍රියා තුනයි ද? දහයය් ද?

A. “මහණෙනි, මේ පින්කිරියවත් තුනෙකි, කවර තුනෙක යත්:
දානමය පුණ්‍යක්‍රියාවස්තු ය, ශීලමය පුණ්‍යක්‍රියාවස්තු ය, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තු යි.”


“මුලින් කී දානමය ආදී පුණ්‍යක්‍රියා වස්තු තුනෙහි මේ පුණ්‍යක්‍රියා වස්තු හත ඇතුළත් කරන ලදී. එහි අපචායන - වෙය්‍යාවච්ච දෙක සීලමය පුණ්‍යක්‍රියා වස්තුවෙහි ඇතුළත් කරන ලදී. පත්ති අනුප්පදාන - අබ්භනුමෝදනා (පින් දීම - පින් අනුමෝදන් වීම) යන දෙක දානමය පුණ්‍යක්‍රියා වස්තුවෙහි ඇතුළත් කරන ලදී. ධර්මදේශනා කිරීම - ධර්මශ්‍රවණය කිරීම, භාවනාමය පුණ්‍යක්‍රියා වස්තුවෙහි ඇතුළත් කරන ලදී. දෘෂ්ටිය ඍජුකිරිම වනාහි (දාන-සීල-භාවනා) යන මේ පුණ්‍ය ක්‍රියා වස්තු තුනෙහිම ඇතුළත් කරන ලදී. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ -
‘තීනිමානි භික්‍ඛවෙ පුඤ්ඤකිරියවත්‍ථූනි. කතමානි තීනි? දානමයං -පෙ භාවනාමයං පුඤ්ඤකිරිය වත්‍ථු’ යනුවෙන් වදාළහ.”


T. ["දස කුසලකම‍්මපථා හි සීලං, - දශකුශල කර්මපථයෝ ශීලය ය."

“… දානාදීහි දසහි පුඤ්ඤකිරියවත්ථූහි, දසහි කුසලකම්මපථෙහි වා යුත්තොති අත්ථො.”

"අපිච චෙතනා සීලං නාම පාණාතිපාතාදීනි පජහන්තස්ස සත්ත කම්මපථචෙතනා. චෙතසිකං සීලං නාම “අභිජ්ඣං පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරතී”ති"]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll