590. ආනන්තරික සමාධිය යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආනන්තරික සමාධිය යනු කුමක්ද?

A. සෝතාපත්ති මග්ග,
සකදාගාමි මග්ග,
අනාගාමි මග්ග,
අරහත්ත මග්ග, යන මේ මාර්ග හතරෙන් ඕනෑම එකක් සඳහා කියන නමකි ආනන්තරික සමාධිය යන්න.

A / R. "ලෝකෝත්තර විපාකවලට බොහෝ සෙයින් ව්‍යවහාර වී ඇත්තේ "විපාක" යන නාමය නො ව "ඵල" යන නාමය ය. විපාක ඵල යන වචන දෙක්හි අර්ථ වශයෙන් වෙනසක් නැත්තේ ය. ලෝකෝත්තර කුශලය වනාහි ලෞකික කුශලයන් මෙන් කල් පසු කොට, තමා ගේ විපාකය ඇති කරන්නක් නොව එකෙණෙහි ම විපාකය ඇති කරන කුශලයෙකි."
https://pitaka.lk/books/abhidharma-margaya/2-17.html

A / R. “තවද සතර ලෝකෝත්තර කුශල (මාර්‍ග) යන් අනතුරු විපාක ඇති හෙයින් ම “ සමාධිමානන්තරිකඤ්ඤමාහු” [1] මාර්ගය තමා ගේ පැවැත්මට අනතුරුවැ ම ඵල උපදවන හෙයින් ආනන්තරික සමාධිය යි කීහු’ යනු ද, …”
https://pitaka.lk/books/vishuddhi-margaya/24-2.html

A / R. {“සමාධිමානන්තරිකඤ්ඤමාහූති යඤ්ච අත්තනො පවත්තිසමනන්තරං නියමෙනෙව ඵලපදානතො “ආනන්තරිකසමාධී”ති ආහු.”
https://tipitaka.app/?a=ja6-80-si
https://tipitaka.app/?a=je1-61-si

“මග්ගානන්තරං අනුප්පත්තා හි ඵලවිමොක්ඛා ඵලසමාපත්තිකාලෙ පවත්තමානාපි පඨමමග්ගානන්තරමෙව සමුප්පත්තිතො ¶ තං උපාදාය අනන්තරවිමොක්ඛා නාම, යථා මග්ගසමාධි ආනන්තරිකසමාධීති වුච්චති.”
https://tipitaka.app/?a=ji4-363-si

“සමාධිමානන්තරිකඤ්ඤමාහූති යං අත්තනො පවත්තිසමනන්තරං නියමෙනෙව ඵලප්පදානතො ආනන්තරිකසමාධීති ආහූති අත්ථො.”
https://tipitaka.app/?a=pd10-15-si

“බුද්ධශ්‍රෙෂ්ඨතෙම අත්‍යන්ත ශුද්ධවූ යම් සමාධියක් වර්ණනා කෙළේද, අනතුරුවම ඵලදෙන සමාධියයි, යමකට බුද්ධාදීහු කියත්ද, ඒ මාර්ග සමාධිය හා සම අන් කිසිම සමාධියක් නැත. මේ කරුණින්ද ආර්ය මාර්ග ධර්මය උතුම් රත්නයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා!”
https://pitaka.lk/main?n=37150&p=5}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll