[Watch in 4K — Recommended Resolution.]


764. අසත්‍ය වපුරන්න ඉඩ දෙනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මේ වගේ අසත්‍ය පල කරනවට මේ සමූහයෙන් ක්‍රියාමාර්ග ගන්නවද?

A. ධර්මය (සූත්‍ර - අභිධර්මය) හා සසඳන කල මගේ විනය දැනුම ඉතා මඳ බැවින් ද “භික්ෂුණී ශාසනය” හා “භික්ෂුණී උපසම්පදාව” පිළිබඳව බොහෝ මතවාද පවතින බැවින් ද - මා හට මේ පිළිබඳව ප්‍රාමාණික ගවේශනයක් කිරීමට හෝ නිතරම සොයා බැලීමට කාල වෙලා නොමැති බැවින් ද ඍජු තීරණයක් ගැනීමට නොහැකිවීම ගැන මම කණගාටු වෙමි.

කෙසේ වෙතත් යමෙක් මූලාශ්‍ර සමඟ ඔප්පු කරන්නේ නම්, සාවද්‍ය තොරතුරු මකා දැමීමට හෝ අදාළ සාමාජිකයා පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීමට හැකියි.
සාවද්‍ය තොරතුරු මෙන් ම, මූලාශ්‍ර සමඟ ඔප්පු කරන ලද තොරතුරු ද සටහන් (Report හෝ Mention) කිරීමට කාරුණික වෙන්න!

A. “සාවද්‍ය තොරතුරු මෙන් ම, මූලාශ්‍ර සමඟ ඔප්පු කරන ලද තොරතුරු ද සටහන් (Report හෝ Mention) කිරීමට කාරුණික වෙන්න!” ලෙස සියලුම සාමජික / සාමාජිකාවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි!
එසේම මූලාශ්‍ර නොමැතිව ඉදිරිපත් කරනු ලබන කරුණු, කවුරුන් කෙසේ ඉදිරිපත් කළත්, (තරයේ) විශ්වාස නොකරන ලෙස සියලුම සාමජික / සාමාජිකාවන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි!

A. Comments ඉවත් කිරීම, Comments off කිරීම හෝ කෙනෙක්ව Block / Mute / Remove කිරීම ඉතාම පහසු දෙයක් - නමුත් එසේ නොකරන්නේ අපිට කාල වේලා නොමැති නිසා මෙන් ම “අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය” අහුරා දැමීමට නොකැමැත්ත නිසා හා පුද්ගල අදහස් තුළින් (මා ද ඇතුළුව අප නොදන්නා බොහෝ දේ ඇති බැවින් ද) නිවැරදි දේ මතු කර ගැනීමට ඇති ඉඩකඩ නිසා ය.

කෙසේ වෙතත් සියල්ලෝ ම කිසි කලෙක එක මතයකට ඒකරාශී කළ නොහැකි නිසා, අපට කිව හැක්කේ “මූලාශ්‍ර නොමැතිව ඉදිරිපත් කරනු ලබන කරුණු, කවුරුන් කෙසේ ඉදිරිපත් කළත්, විශ්වාස නොකරන ලෙස” ම පමණි.

පෞද්ගලිකව කවරෙක් / කවුරුන් කුමන තත්ත්වයේ සිටියත්, මූලාශ්‍රගත කරුණුවලට ම ප්‍රමුඛත්ත්වය ලැබෙන බැවින්, මූලාශ්‍ර ද ඉදිරිපත් කළ යුතු ම ය - විශ්වසනීයත්වය රඳා පවතිනුයේ ඒ / ඒවා මත ම බැවිණි.

මූලාශ්‍ර 5ක් යෝජනා කරමි.

1. ත්‍රිපිටක පොත් වහන්සේ.
2. අටුවා ...
3. ටීකා ...
4. රේරුකානේ නා හිමියන්ගේ පොත්.
5. නා උයනේ නා හිමියන්ගේ දේශනා / පොත් ආදිය.

මූලාශ්‍ර ඉදිරිපත් කිරීමේදී ද, (පෞද්ගලික මත / අදහස්වලින් හාත්පසින් ම වටලා ඉදිරිපත් නොකොට,) ඍජුව ම බැඳෙන / ඔප්පුවන කොටස (පමණක් ම) ඉදිරිපත් කිරීමට කාරුණික වෙන්න!

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll