874. දෙමාපියන් නොමරා නිවන් දැකිය ("රහත්" විය) නොහැක!

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. තෙරුවන් සරනයි! අම්මා හා තාත්තා මරා (උපමාව) නිවන් දැකිය යුතු බව දැක්වෙන සූත්ත්‍ර විග්‍රහය කුමක්ද?

A. “මවද (තෘෂ්ණාව) පියාද (අස්මිමානය) බ්‍රාහ්මණ රජුන් දෙදෙනාද නසා විචිකිච්ඡා නීවරණය (සැකය) පස් වනුකොට ඇති (නීවරණ) පස නසා ක්‍ෂීණාශ්‍රව තෙම නිදුක්ව නිවන් පුරයට යන්නේය.

[මාතරං පිතරං හන්ත්වා, රාජානො ද්වෙ ච සොත්ථියෙ;
වෙයග්ඝපඤ්චමං හන්ත්වා, අනීඝො යාති බ්‍රාහ්මණො.”]

https://pitaka.lk/main?n=38300&p=295

S. "තත්ථ ¶ සානුචරන්ති ආයසාධකෙන ආයුත්තකෙන සහිතං. එත්ථ හි “තණ්හා ජනෙති පුරිස”න්ති (සං· නි· 1.55-57) වචනතො තීසු භවෙසු සත්තානං ජනනතො තණ්හා මාතා නාම. “අහං අසුකස්ස නාම රඤ්ඤො වා රාජමහාමත්තස්ස වා පුත්තො”ති පිතරං නිස්සාය අස්මිමානස්ස උප්පජ්ජනතො අස්මිමානො පිතා නාම. ලොකො විය රාජානං යස්මා සබ්බදිට්ඨිගතානි ද්වෙ සස්සතුච්ඡෙදදිට්ඨියො භජන්ති, තස්මා ද්වෙ සස්සතුච්ඡෙදදිට්ඨියො ද්වෙ ඛත්තියරාජානො නාම. ද්වාදසායතනානි විත්ථතට්ඨෙන රට්ඨදිසත්තා රට්ඨං නාම. ආයසාධකො ¶ ආයුත්තකපුරිසො විය තන්නිස්සිතො නන්දිරාගො අනුචරො නාම. අනීඝොති නිද්දුක්ඛො. බ්‍රාහ්මණොති ඛීණාසවො. එතෙසං තණ්හාදීනං අරහත්තමග්ගඤාණාසිනා හතත්තා ඛීණාසවො නිද්දුක්ඛො හුත්වා යාතීති අයමෙත්ථත්ථො."

https://tipitaka.app/?a=jb21-45-si

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll