950. 'ආර්ය විනය' යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q / S. පහත දැක්වෙන දේශනාවේ "ආර්‍ය්‍යවිනයෙහි" යන්නෙන් අදහස් වන්නේ කුමක්ද ?
"මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි ගීතය නම් හැඬීමෙකි. මහණෙනි, ආර්‍ය්‍යවිනයෙහි නෘත්‍යය නම් උමතු ක්‍රියායෙකි."

A / R. සාමාන්‍යයෙන් “ආර්ය විනයෙහි” කියල යොදන්නේ, වෙනත් ශාසනවලින් වෙන්කරලා බුදුහිමියන්ගේ ශාසනය (“බුද්ධ-ශාසනය” | “බුද්ධ-සාසනය”) හදුන්වන්න යොදන නමක් විදිහට.

"සදෙවකෙන ලොකෙන නිස්සරණන්ති අරණීයතො අරියො, තථාගතොති ආහ “අරියස්ස විනයෙති බුද්ධස්ස භගවතො සාසනෙ”ති.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll