315. මනෝමය අත්තපටිලාභය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මෙහි මනෝමය අත්ථපටිලාභය තුළ සතර මහා ධාතු කයක් නොලැබේද?
(තයො ඛො මෙ, පොට්ඨපාද, අත්තපටිලාභා - ඔළාරිකො අත්තපටිලාභො, මනොමයො අත්තපටිලාභො, අරූපො අත්තපටිලාභො. කතමො ච, පොට්ඨපාද, ඔළාරිකො අත්තපටිලාභො? රූපී චාතුමහාභූතිකො කබළීකාරාහාරභක්ඛො(කබළීකාරභක්ඛො (ස්‍යා. ක.)), අයං ඔළාරිකො අත්තපටිලාභො. කතමො මනොමයො අත්තපටිලාභො? රූපී මනොමයො සබ්බඞ්ගපච්චඞ්ගී අහීනින්ද්‍රියො, අයං මනොමයො අත්තපටිලාභො. කතමො අරූපො අත්තපටිලාභො? අරූපී සඤ්ඤාමයො, අයං අරූපො අත්තපටිලාභො.)

A / R. (සතර මහා ධාතු කයක්) ලැබේ.
[අපට දෙවියන් නොපෙනෙන්නා සේ, දෙවියන්ට ද රූපී බ්‍රහ්මයන් නොපෙනෙන තරමේ අතිශය සියුම් සතරමහා ධාතු කයක් ඇති බව කියැවේ/පෙනේ.]

රූපී චාතුමහාභූතිකො කබළීකාරාහාරභක්ඛො = ඔළාරිකො අත්තපටිලාභො = කාම සත්ත්වයා = අවිචියේ සිට පරනිම්මිතවසවත්තිය දක්වා ලෝකවල = රූප ස්කන්ධය සහිත, සතර මහා ධාතුන්ගෙන් නිර්මිත, කන-බොන ආහාරයෙන් යැපෙන.

රූපී මනොමයො සබ්බඞ්ගපච්චඞ්ගී අහීනින්ද්‍රියො = මනොමයො අත්තපටිලාභො = රූපී සත්ත්වයා = බ්‍රහ්මපාරිසජ්ජයේ සිට අකනිට්‌ඨය දක්වා ලෝකවල = රූප ස්කන්ධය සහිත, මනෝමය (හිතින් හටගත් - හිතින් කරන ලද), සියලු අංග ප්‍රත්‍යංගයන්ගෙන් පරිපූර්ණ * ඉඳුරන් ඇති.
[*නහය, දිව, කය ඇතත් ගඳ-සුවඳ, රස, පහස නොදැනේ.]

අරූපී සඤ්ඤාමයො = අරූපො අත්තපටිලාභො = ආකාසානඤ්‌චායතනයේ සිට නෙවසඤ්‌ඤානාසඤ්‌ඤායතන දක්වා ලෝකවල = අරූපී සත්ත්වයා = රූප ස්කන්ධය නැත, නාම ස්කන්ධ ඇත.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll