Q. ඉතා මහළු අන්ධ ස්ත්‍රියක් රාගය නිසා තමන්ට උපස්ථාන කල පුත්‍රයා ඝාතණය කිරීමට උත්සාහ දරණ සිදුවීම ඇති ජාතක කතාව මොකද්ද?
A. "61. ලෝකයෙහි ස්ත්‍රීහු නම් ලාමකයහ. නොහොත් තමන් කෙරෙහි ඇලුණවුනට දුක් දෙන්නාහු ය. ඔවුනට (ක්ලෙශොත්පත්ති නිවාරණයට) මර්යාදාවෙක් නැත. සංරක්තයහ, ප්‍රගල්භයහ, සියල්ල කාදමන ගින්න මෙන් පුරුෂයන් විශෙෂයෙන් සෙවුණාහ. (එසේ වූ) ඔවුන් හැරැ විවෙකය වඩන්නෙම් පැවිදි වෙමි."
http://www.thripitakaya.org/tipitakaya/Index/855?s=22524
"61. අසාතමන්ත ජාතකය.
“ලෝකයෙහි ස්ත්‍රීහු නම් ලාමකයහ. (නොහොත්) සාතයයි කියනලද සැපය මොවුන් කෙරෙහි නැත්දැයි අසාත නම් වෙත්. ඒ ස්ත්‍රීන්ගේ ක්ලේෂොත්පත්ති නිවාරණයට සීමාවක් නැත. ඔව්හු විශෙෂයෙන් ඇළුනාහුද, හික්මීමක් නැත්තාහුද හොඳ, නරක සියල්ල අනුභවකරණ ගිනි වැන්නාහ. ඔවුන් හැර විවේකය වඩන්නෙම පැවිදි වන්නෙමියි” කීයේය."
https://suttacentral.net/ja61/si/zoysa
"71 අසාත මන්ත ජාතකය. ...
මේ ලෝකයෙහි ස්ත්‍රීහු නම් අසත්පුරුෂයෝය. දුක්ඛයට වස්තූහුය. ලාමක යෝය. පශ්චිමයෝය. එබඳූවූ වයසෙහි සිට පවා රාගසිත් උපදවා කෙල්ශ වසඟවන්නී මෙසේ උපකාරී වූ පුත්‍රයා මරණු කැමැතිවුව එසේහෙයින් ස්ත්‍රීහූ නම් අසත්පුරුෂයෝමය. ඉක්බිත්තෙන් මාණවකයා ඒ සියළු කථා බෝධි සත්වයන්ට කීයේය. එබස් ඇසූ මහබෝසතානෝ මානවකය ඒ සියළු ප්‍රවෘත්තිය මට කියන්නාවූ තා විසින් කලද ඉතා යහපත් වන්නේයයි කියා මෑණියන්ගේ ආයුසංස්කාරය බලන තැනැත්තෝ අදම මියෙතියි දැන මානවකය මෙසේ උන්වහන්සේගේ අභිප්‍රාය පරීක්ෂාකරම්හයි එක් දිඹුල් දණ්ඩක් ගෙන්වාගෙණ සැස මහබෝසතානෝ තමන්ගේ ප්‍රමාණයෙන් කාෂ්ටරූපයක් කොට ඉස හා සමග පොරොව තමන් වැදහොත් තැන උත්තැනිකොට හොවා රෑනක් බැඳ අතවැස්සාට කියන්නාහු දරුව පොරවක්ගෙණ ගොස් මාගේ මෑනියන්වහන්සේට මාමෙතන වැදහොත් නියාව හඟවාලවයි කිවුය. එබස් ඇසූ මාණවකයා ගොස් ආර්යයන් වහන්ස ආචාරීන් වහන්සේ පන්සල තමන් වහන්සේ වැදහොනාතැන වැදහොත්සේක මා විසින් වැදහොත් තැන දැනගන්නා සඳහා රෑනක් බැඳ තබනලද, මේ පොරව ඇරගෙණ උයනින් රෑනසනින් ගොස් ඉඳින් පිළිවන්වී නම් පුතනුවන් වහන්සේ මරාපුව මැනැවයි කිය. එබස් ඇසූ බෝධිසත්ව මාතාවෝ මා නොහරණාව දැයි කිවුය. කවර කාරණයකින් මම නුඹවහන්සේ හැරපියම්දැයි කීය. එකල බෝධිසත්ව මාතාවෝ පොරව ඇරගෙණ වෙවුල වෙවුලා නැගීසිට රෑන සංඥාවෙන් ගොස් අතින් අල්වා බලා මේ තෙම මාගේ පුතනුවෝයයි යන සංඥාවෙන් කාෂ්ටරූපයෙහි මුහුනින් වස්ත්‍රය ඉවත්කොට පොරොව ඇරගෙණ එකපහරින්ම මරමි සිතා බොටුවෙහිම පොරොව හෙලා ටැකැයි යන අනුකරණ ශබ්දය උපන්කල්හි දඬුරුවකැයි දත්තුය. ඉක්බිත්තෙන් මහබෝසතානන් විසින් ඉවතට මෑනියන් වහන්ස කුමක් කරණසේක්දැයි කී කල්හි වඤාකරණ ලද්දෙම් වෙමියි සිතා එතැන්හිම මිය ගියේය. තමන්ගේ පන්සල වැදහොත් නමුත් ඒ වෙලාවට උන් විසින් මළයුතුමයි එසේ හෙයින් මහබෝසතානෝ මෑනියන් මළ නියාව දැන ආදාහණ කොට සොහොනෙහි ගිණි නිවා වනපස මලින් පුජාකොට මාණවකයා කැඳවා ගෙණ පන්සල් දොර හිඳ කියන්නෝ දරුව වෙන අසාත මන්ත්‍ර නම් දෙයක් නැත. ස්ත්‍රීහු නම් අසත්පුරුෂයෝය. අසාතයෝය තොපගේ මෑනියෝ අසාත මන්ත්‍රය ඉගෙණගෙණ එවයි මා සමීපයට එවන නැත්තෝ ස්ත්‍රීන්ගේ දෝෂ දැනගන්නා පිණිස එවුය. දැන් වූකලී තොප විසින් ප්‍රත්‍යක්‍ෂයෙන්ම මාගේ මෑනියන්වහන්සේගේම දෝෂ දක්නාවේද මේ කාරණයෙන් ස්ත්‍රීහුනම් සැපදුරු කොට දුක්ඵලවනහෙයින් අසාතයෝය. දුක්ඛවස්තුහුය අසත්පුරුෂයෝය. ලාමකයෝය. අන්තිමයෝය. දැනගනුවයි ඒ මානවකයාට අවවාද කොට යැවුය. ඒ මාණවකයාත් ආචාරීන් වැඳ දෙමාපියන් සමීපයට ගියේය. එකල්හි මෑනියෝ කියන්නෝ පුත තෙපි අසාතමන්ත්‍රය ඉගෙණ ගතුදැයි ඔහු අතින් විචාළෝය. එසේය මෑනියන් වහන්සැයි කී කල්හි දැන් කුමක් කරව්දැයි මහණව ගිණිදෙවියාට පුදපුජා කරව්ද නොහොත් ගිහිගෙයි වසව්දැයි කිවුය. එබස් ඇසූ මාණවකයා කියන්නේ මෑණියන් වහන්ස මා විසින් ප්‍රත්‍යක්‍ෂ කොට ස්ත්‍රීන්ගේ දෝෂ දක්නා ලද එසේහෙයින් මට ගිහිගෙයින් ප්‍රයෝජන නැත මම තපස්ප්‍රවෘජ්ජාවෙන් පැවිදීවෙමි තමන්ගේ අභිප්‍රාව ප්‍රකාශකෙරෙමින් මෙසේ කීව්ය. මේ ලොකයෙහි ස්ත්‍රීහූ නම් දුක්ඛයට වස්තුහෙයින් අසාත නම්වෙති අසත්පුරුෂ නම් වෙති ඔවුන් කේල්ශ වසඟවීමට හිමෙක් නම් මරියාදාවෙක්නම් නැත්තේය. යම්සේ වහ්නිය තමා කෙරෙහි ළූ යම් යම් කාෂ්ටයෙක් ඇත්නම් මුළුල්ලෙම ද්වාභසමකරමුත් මෙතෙක් සැහෙයි යන තෘප්තිවාරණයෙක් නැත්තේද එපරිද්දෙන්ම ස්ත්‍රීහු නම් කෙතෙක් දවස් කෙලෙස් වසඟවූ නමුත් මෙතෙක් සෑහෙයි යන තෘප්තියක් ඔවුන්ට නැත්තේය. එසේ හෙයින් ගර්භිත වූ කෙලෙස් වසඟවන්නාවූ ස්ත්‍රීන් හැර කාය විවේකචිත්‍රවිවේක වර්ධනය කෙරෙමින් මහණවෙයි පැවිදිව කිසුණු පිරියම් කොට බ්‍රහ්මලෝක පරායන වෙමියි කිය තවද මෙසේ කියා තෘපස ප්‍රවෘජ්ජාවෙන් පැවිදිව කිසුණුපිරියම්කොට පඤ්ඤාභිඥ අෂ්ටසමාපත්ති උපදවා ගණයාකෙරෙන් කාය හා කෙලෙසුන් කෙරෙන් විත්ත විවේකකොට මේ විවිධ විවේකය වඩමින් බ්‍රහ්මලෝකොත්පත්තිය කෙරෙමි මට ගිහිතෙන් ප්‍රයෝජන නැතැයි මෙසේ ස්ත්‍රීන්ට නින්දාකොට දෙමාපියන් වැඳ පැවිදිව කියනලද ප්‍රකාර ඇති විවේකය වඩමින් බ්‍රහ්මලෝකයෙහි උපන්නාහුය.ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මහණෙනි ස්ත්‍රීහූ නම් දුකට වස්තුහුය. අසත් පුරුෂයෝය. ලාමකයෝය. දුක්දෙන්නහුයයි කියා මෙසේ ස්ත්‍රීන්ගේ නුගුණ කියා චතුස්සත්‍යය ප්‍රකාශ කොට වදාළසේක. චතුස්සත්‍යය ධර්මදේශනාවගේ කෙළවර ඒ ශාසනයෙහි උකටලීව ඇළුම් නැතිවූ භික්ෂූන් වහන්සේ සෝවාන් පෙලෙහි පිහිටිසේක. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ පූර්වාපර සන්ධිගලපා මේ අසාත්මන්ත්‍ර ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි මෑනියෝනම් දැන් භද්‍රකාපීලානිය පියානෝ නම් මහා කාශ්‍යප ස්ථවිරයෝය, අන්තේවාසිකනම් දැන් ආනන්දස්ථිවරයෝය. එසමයෙහි දිසාපාමොක් ආචාරීවූයෙම් තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක."