598. ගරු කර්ම ද? නැද්ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ගරුක කුසල කර්ම නම් රහත් ඵලයෙන් මෙහා ඇති මාර්ගඵල හා ධ්‍යාන ආදියයි ද?

A. ගරුක කුසල කර්මවලට මාර්ග සිත්වත් ඵල සිත්වත් අයිති වෙන්නෙ නෑ.

Q. අයත් වනවා. ඒවා කුසල කර්ම.

A. මං කියන දේ පිළිගන්න; නැත්නම් ඉතිං හොඳට හොයලා බලන්න, කවුද හරියට ම හරි කියලා.
[(මාර්ග සිත් හා ඵල සිත්)  කුසල කර්ම හා කුසල විපාක නං තමා - එත් "ගරුක කර්ම" නං නෙවේ.]

{A / R. "ගරුක කර්මය

දෙවන ජාතියේ ඒකාන්තයෙන් තමාගේ විපාකය ගෙන දෙන බලවත් කුශලාකුශල කර්මය ගරුක කර්ම නම් වේ.

කුශල පක්ෂයෙහි රූපාවචර-අරූපාවචර කුශලයෝ ගරු කර්මයෝ ය. රූපාවචර - අරූපාවචර ධ්‍යාන ලාභියකු යම්කිසි කාම භවයක් ගැන ප්‍රාර්ථනයක් නැති ව ධ්‍යානයෙන් ද නො පිරිහී කාලක්‍රියා කළ හොත් ඒ තැනැත්තා ඒකාන්තයෙන් මහග්ගත කුශලය විපාක දීම් වශයෙන් බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදී. ගරු කර්ම වන කාමාවචර කුසල් නැත්තේ ය.

අකුශල පක්ෂයයෙහි පඤ්චානන්තර්‍ය්‍ය කර්මය හා නියත මිථ්‍යාදෘෂ්ටි කර්මය ගරුක කර්මයෝ ය. මරණයට කලින් දෘෂ්ටිය හළ හොත් නියත මිථ්‍යාදෘෂ්ටිකයා නිදහස් වේ. ආනන්තර්‍ය්‍ය කර්ම කළවුන්ට දෙවන ජාතියේ අපායයෙන් මිදීමට උපක්‍ර‍මයක් නැත්තේ ය.

ගරු කර්මයක විපාකය වැළැක්විය හැක්කේ, ගරු කර්මයකට පමණෙකි. එබැවින් ගරු කර්ම කීපයක් ඇති තැනැත්තා එයින් එක් කර්මයක විපාක වශයෙන් දෙවන ජාතියේ උත්පත්තිය ලබන්නේ ය. ඒ විපාක දෙන කර්මය නිසා ඉතිරි ගරු කර්මයන්ගේ විපාකය වැළකී යන්නේ ය."}



"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll