203. යෝනිසෝමනසිකාරය කරන්නේ මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. නුවනින් මෙනෙහිකළ යුතු ධර්මයන් මොනවාද?

A / R. “… “ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, සිල්වත් භික්ෂුව විසින් කවර ධර්මයන් නුවණින් මෙනෙහි කළ යුතුද?” “අයුෂ්මත් කොට්ඨිත, සිල්වත් භික්ෂුව විසින් පංච උපාදානස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් ගඩක් වශයෙන් හුලක් වශයෙන් විපතක් වශයෙන් ආබාධ වශයෙන් තමා නොවන්නක් වශයෙන් බිඳෙන්නක් වශයෙන් සූන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතුය.
“ඒ කවර පසක්ද? එනම්:- රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන මොහුයි. …”

A / R“මහණෙනි, බුද්ධාදී ආර්යයන් දුටුවාවූ ආර්යධර්මයෙහි දක්ෂවූ ආර්යධර්මයෙහි මනාව හික්මුණාවූ බුද්ධාදී සත්පුරුෂයන් දුටුවාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂවූ, සත්පුරුෂ ධර්මයෙහි මනාව හික්මුණාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙම මෙනෙහිකළයුතු ධර්මයන් දනියි. මෙනෙහි නොකළයුතු ධර්මයන් දනියි. මෙනෙහි කළයුතු ධර්මයන් දන්නාවූ මෙනෙහි නොකළයුතු ධර්මයන් දන්නාවූ ඒ ආර්ය පුද්ගල තෙම මෙනෙහි නොකළයුතු ධර්ම මෙනෙහි නොකරයි. මෙනෙහි කළයුතු ධර්ම මෙනෙහි කරයි. 

මහණෙනි, මෙනෙහි නොකළයුතු ධර්ම කවරහුද? මහණෙනි, යම් ධර්මයක් මෙනෙහි නොකරන්නහුට නූපන් කාමාශ්‍රවය උපදීද, උපන් කාමාශ්‍රවය වැඬේද, නූපන් භවාශ්‍රවය උපදීද, උපන් භවාශ්‍රවය වැඬේද නූපන් අවිද්‍යාශ්‍රවය උපදීද, උපන් අවිද්‍යාශ්‍රවය වැඬේද, එබඳු ධර්ම මෙනෙහි නොකළ යුත්තාහුය. 

“මහණෙනි, මෙනෙහි කළයුතු ධර්ම කවරහුද? මහණෙනි, යම් ධර්මයක් මෙනෙහි කරන්නහුට නූපන් කාමාශ්‍රවය නූපදීද, උපන් කාමාශ්‍රවය නැතිවේද, නූපන් භවාශ්‍රවය නූපදීද, උපන් භවාශ්‍රවය නැතිවේද, නූපන් අවිද්‍යාශ්‍රවය නූපදීද, උපන් අවිද්‍යාශ්‍රවය නැතිවේද, මෙබඳු ධර්ම මෙනෙහි කළයුත්තාහුය. මෙනෙහි නොකළයුතු ධර්ම මෙනෙහි නොකරන, මෙනෙහි කළයුතු ධර්ම මෙනෙහි කරන ඕහට නූපන් ආශ්‍රවයෝ නූපදීත්, උපන් ආශ්‍රවයෝ නැති වෙත්."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll