213. තුනුරුවන් සහිත සියලු ධාතූන් වහන්සේලා?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. තුනුරුවණ සහිත සියලු ධාතු වන්දනාව.

බුද්ධං ධම්මංච සංඝ සුගත තනු භවා-ධාතුය‍ෝ ධාතු ගබ්භ‍ේ
ලංකායං ජම්බු දීප‍ේ තිදස පුරවරේ-නාග ල‍ොක‍ේච ථූප‍ේ
සබ්බ්‍ෙ බුද්ධස්ස බිම්බ්‍ෙ සකල දසදිස‍ේ-ක‍ේස ල‍ෝමාදි ධාතුං
වන්ද‍ේ සබ්බ්‍ෙපි බුද්ධං දසබල තනුජං-බ‍ෝධි ච්‍ෙතිං නමාමි.

ඉහත ගාථාවේ අදහස කියන්න.

A / R. “බුද්ධං ධම්මංච සංඝං සුගත තනුභවා
ධාතූයො ධාතුගබ්බෙ
ලංකායං ජම්බුදීපෙ තිදස පුරවරෙ
නාගලෝකෙ ච ථුපෙ
සබ්බෙ බුද්ධස්ස බිම්බෙ සකල දසදිසෙ
කේස ලෝමාදි ධාතුං
වන්දේ සබ්බෙපි බුද්ධං දසබල තනුජං
බෝධි චේත්‍යං නමාමි...

බුද්ධ ධම්ම සංඝ නම් වූ ත්‍රිවිධ රත්නයටද
සුගතයන් වහන්සේගේ බුද්ධ ශරීරයේ
හටගත් ධාතූන්වහන්සේලාටද ලක්දිව
දඹදිව දෙව්ලොව නාලොව තිබෙන්නාවූ
සියලු චෛත්‍යයන්ටද බුද්ධ ප්‍රතිමා
වහන්සේලාටද දශදිසාවන්හි පිහිටා තිබෙන
සුගතයන් වහන්සේගේ බෝධි චෛත්‍යයටද
මම නමස්කාර කරමි...”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll