578. ගිලන් වූ උතුම් ම ලෙඩුන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ගිලනුන් සිටියදී පිළිම වහන්සේට බෙහෙත් පුජා කිරීම කොතරම් දුරය ධර්මයට එකඟද?

A / R. “දක්ෂිණාව යනු කුමක් ද? අනාගතයේ දී ලෞකික වූ ද ලෝකෝත්තර වු ද උසස් ඵල බලාපොරොත්තුවෙන් සැදැහැතියන් විසින් පුදන චීවරාදි ප්‍රත්‍යය දක්ෂිණා නම් වේ. උසස් ඵල බලාපොරොත්තුවෙන් පුජාවක් කරන්නා වූ තැනැත්තාට ඔහු බලාපොරොත්තු වන දෙය ලබා දිමට යමෙක් සමත් වේ නම්, ඒ තැනැත්තාම එය පිළිගැනිමට සුදුසු ය. තථාගතයන් වහන්සේ එසේ උසස් බලාපොරොත්තු වලින් පුජා කරන්නවුන් ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් කර දිමට සමාර්ථ ය. ප්‍රත්‍ය පුජා කළවුන්ට ඵල ලබාදිම සඳහා තථාගතයන් වහන්සේ විසින් යම්කිසි උත්සහයක් කරන්නේ නැත. උන්වහන්සේගේ ගුණ මහත්වය නිසා පුජා කරන්නවුන්ට ඔවුන්ගේ ප්‍රර්ථනා සිඬියට පැමිණේ. එබැවින් තථාගතයන් වහන්සේ ‘අරහං’ නම් වේ. ප්‍රර්ථනා සිඬියට හේතු වන යම් ගුණයක් තථාගතයන් වහන්සේ කෙරෙහි ඇතිනම් ඒ ගුණය අරහං ගුණය ය.”

“ලොව්තුරා බුදුවරුන් වාසනාව සහිතව ක්ලේශප්‍රහාණය කර ඇති බැවින් උන්වහන්සේ පාරිශුද්ධියට රහතුන්ගේ පාරිශුද්ධියට උසස් ය. එබැවින් ලොව්තුරා බුදුහු අග්‍රදක්ෂිණාර්භයන්ට වැඩි දක්ෂිණාර්භයෝ ය. අරහං යන පදයෙන් කියනුයේ ඒ සාතිශය දක්ෂිණාර්භ භාවය යි.”

(පහත සබැඳියෙන් ගොස්, සියල්ල මුල සිට අග දක්වා ම හොඳින් කියවන්න.)

https://pitaka.lk/books/suvisi-gunaya/3.html
https://tipitaka.lk/library/479#_Toc459473081

Q. තථාගතයන් වහන්සේ දේශනා කරනවා යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද හේ මට උපස්ථාන කළා වේ කියා - එසේ නම්, ගිලනුන්ට උපස්ථාන (පුද / පූජා) කිරීමෙන් බුදුන්වහන්සේට උපස්ථාන (පුද / පූජා) කළා වෙනවා නොවේ ද?

A. ඔබ දක්වා ඇත්තේ විකෘති බුද්ධ-වචනය යි; නොහොත්, සැබෑ බුද්ධ-වචනයකට දී ඇති (ද සමාජගත වැ ඇත්තා වූ ද) විකෘති අර්ථ-කථනය යි.

A / R. “මහණෙනි, යමෙක් මාගේ අවවාදය කරන්නේ නම්, හෙ තෙමේ ගිලනහුට උවැටන් කරන්නේ ය.”

(“42. “මහණෙනි, යම් කෙනෙක් තොපට උවැටන් කරන්නාහු ද, තොපට එබඳු මවක් නැත. පියෙක් නැත. මහණෙනි, තෙපි ඔවුනොවුන්ට උවැටන් නො කරන්නහු නම් එකල්හි කවරෙක් උවැටන් කරන්නේ ද? මහණෙනි, යමෙක් මාගේ අවවාදය කරන්නේ නම්, හෙ තෙමේ ගිලනහුට උවැටන් කරන්නේ ය. …”
https://www.thripitakaya.org/tipitakaya/Index/1064?s=24030)

“යො භික්‌ඛවෙ මං උපට්‌ඨහෙය්‍ය, සො ගිලානං උපට්‌ඨහෙය්‍යාති යො මං ඔවාදානුසාසනීකරණෙන උපට්‌ඨහෙය්‍ය, සො ගිලානං උපට්‌ඨහෙය්‍ය”
365. > http://tipitaka.org/sinh/cscd/vin02a2.att7.xml

Q. දැනට නොමැති බුදුහිමි (දෙමාපියන් ආදියට) වැඳුම් පිඳුම් කිරීම අරුත් බර ද? (අර්ථ සම්පන්න ද?)

A / R. “පිරිනිවන් පා වදාළ බුදුන් වහන්සේට පූජා පැවැත්විය යුත්තේ ශාරීරික - පාරිභෝගික - උද්දේශික චෛත්‍යයන්හි ය. එසේ කළ කල්හි බුදුන් වහන්සේට පූජා කළේ වන්නේ ය. චෛත්‍යයක් නො ලබන කල්හි කොතැනක හෝ බුදුන් උදෙසා පූජා පැවැත්වීම සුදුසු ය. සැදැහැයෙන් පිදුවහොත් බුදුන් උදෙසා කොතැනක පිදුවත් පින් සිදු වේ.”

https://pitaka.lk/books/dharma-winishchaya/3.html

[මළ ගියා වූ දෙමාපියන්ගේ ද පිළිම සදා (හෝ වෙනත් ක්‍රමයකින් හෝ) සැදැහැයෙන් වැඳුම්-පිදුම් කර (පින්දිය ද) හැකි නම් එවිට ද (තරමක) පිං සිදු කර ගත හැක.]

Q / T. මේ ප්‍ර‍වෘත්තිය පිටකත්‍ර‍යට අයත් පොතක සඳහන් වී නැත.

A / T. (ව්‍යාජ / අනවශ්‍ය පාණ්ඩිත්‍ය මැඬලීමේ අටියෙනි.)
ඔබ ත්‍රිපිටකධර, ත්‍රිපිටක විශාරද හා ත්‍රිපිටකාචාර්ය වන නමුදු, මාගේ එවැනි දැනුමක් නොමැති බැවින් ද, මා රේරුකානේ නා හිමියන්ගේ දැනුම (විශ්වාස කරන බැවින් ද,) උපුටා දක්වන බව කරුණාවෙන් සමාව භජනය කොට, ගැත්තාට අනුකම්පාවෙන් සලකන සේක්වා!

Q. ද්වේශය ඇතිකර නොගන්න මා උපුටා දැක්වුයේ ඔබේ ලිපියේම සඳහන් කොටසකි. මට දැනගැනීමට අවශ්‍ය වන්නේ බුද්ධ වචනය අනුවයි. ඔබව අපහසු තාවයකට පත් වුවා නම් සමාවන්න.එම ලිපියද ඉතාම වැදගත් ලිපියකි.

A. මාගේ ද්වේශයෙන් මට හෝ ඔබට හෝ වෙනත් පාර්ශවයකට අයහපතක් නොවුණා යැයි සිතමි; සමාව ගැනීම ද අනවශ්‍ය වුව ද, අවංකව ම සමාව ගැනීමෙන් (ද) ඔබට ම පිනක් සිදු වේ. කෙසේ වෙතත්, එම පිළිතුර ලබා දුන්නේ “මේ ප්‍ර‍වෘත්තිය පිටකත්‍ර‍යට අයත් පොතක සඳහන් වී නැත” යන කොටස ඔබගේ ම අදහසක් බව සලකා, ඔබගේ ව්‍යාජ / අනවශ්‍ය පාණ්ඩිත්‍ය මැඬලීමේ අටියෙනි.

එම කොටස ඔබේ නොවන බැවින් හා ඔබ ම පවසන අයුරින් ඒ ලිපිය වටිනා ලිපියක් බැවින් ද, එසේ ම එය බුද්ධ-වචනය අනුසාරයෙන් ම ලියන ලද්දක් බැවින් ද එම සම්පූර්ණ ලිපිය ම කියවා, ඒ අනුව පිළිගැනීම හා පිළිපැදීම ඔබට යහපතක් ම මිස, අයහපතක් නොවන බව විශ්වාසන් ම මට කිව හැකිය.

එම සම්පූර්ණ ලිපිය තුළින් “මේ ප්‍ර‍වෘත්තිය පිටකත්‍ර‍යට අයත් පොතක සඳහන් වී නැත” යන කොටස පමණක් ම ඔබේ නෙත් සිත් පැහැර ගැනීම ම ද පුදුමය එළවන සුළු ය.

[කරුණාකර සම්පූර්ණයෙන් ම ලිපිය (ලිපි) කියවන්න.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll