Q. උපේක්ෂා සහගත ඥාණ සම්ප්‍රයුක්ත සි මීලඟ භවයේ ආරම්භක සිත වූවොත්, ඒ පුද්ගලයා සැමවිටම සතුටින් සිටින පුද්ගයකු වේද? කෙනෙකුගේ ආරම්භක සිත ජීවිතයේ ඉදිරිකාලයේ සිතිවිලි ඇතිවීමේදී පලමු සිත මුල්කරගනීද?
A / R. ත්‍රිහේතුක උත්කෘෂ්ට (සිත් හතරෙන්) සිතකින් ප්‍රතිසන්ධිය ලැබූ විට නම් එසේ සතුටින් හා / හෝ සුව පහසුවෙන්, සැප සම්පත් විඳිමින් බොහෝ කලක් දිවි ගෙවිය හැක.
(කුමන සිතකින් උපන්නත් සත්ත්වයාට දුක-සැප දෙක ම අනිවාර්යයෙන් ම විඳීමට සිදුවේ. නමුත් ඉපදීමට මුල්වූ සිත අතිශයින් ම වැදගත්ය.)
ත්‍රිහේතුක සිත් හතර:
සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත ය.
සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත ය
උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත ය.
උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත ය.
උත්කෘෂ්ට:
“ජනයා අතර තමා උසස් කෙනකු ලෙස පෙනී සිටීමේ බලාපොරොත්තුවෙන් හෝ අනුන් පහත් කිරීමේ අදහසින් හෝ යම් කුශලයක් කෙරේ නම්, අදහස අපිරිසිදු බැවින් ඒ කුශලය හීන වේ. කුශලය කිරීමට සමීප කාලයේ දී හා කුශලය කිරීමෙන් පසු, එයට සමීප කාලයේ දී ද අකුසල් සිත් ඇතිවුව හොත් දෙපස ඇති වූ අකුශලයන් නිසා කුශලය හීන වේ. කුශලය කොට, “මා කළේ මෝඩ කමක්ය” යනාදීන් කළ කුශලය ගැන නොසතුටක් ඇති කර ග්තතේ නම් එයින්ද කුශලය හීන වේ. ඕමක කුශලයයි කියනුයේ හීන කුශලයට ය. අත්තුක්කංසනයෙන් හෝ පරමවම්භනයෙන් හෝ පූර්වාපරභාග දෙක්හි ඇති වන කෙලෙසුන් ගෙන් හෝ කිලිටි නො වූ, කිරීමෙන් පසුත් “මා විසින් යහපතක් කරන ලද්දේය” කියා නැවත නැවත සතුට ඇති කර ගත්තා වූ කුශලය උත්කෘෂ්ට කුශලය වේ.”
ඉපදීමට මුල්වූ සිත = ප්‍රතිසන්ධි සිත = භවාඞ්ග චිත්තය = මූල චිත්තය:
“සත්ත්වයාට මරණාසන්නයේ දී ඔහු කළ කර්මයක් හෝ සිහි වෙයි. කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙයි. මරණාසන්නයේ දී සිතට වැටහුණු දෙය අරමුණු කොට දෙවන ජාතියේ පළමු වන සිත පහළ වේ. එයට “ප්‍රතිසන්ධි චිත්තය” යි කියනු ලැබේ. ස්වභාව ධර්මය පරිදි ඒ ප්‍රතිසන්ධි චිත්තය නිරුද්ධ වූ පසුත් ඒ සන්තානයේ මරණාසන්න චිත්තයට අරමුණු වූ දෙය අරමුණු කරන ප්‍රතිසන්ධි චිත්තයට සමාන සිතක් මරණය තෙක් ම නැවත නැවත ඇති වේ. සිත් පරම්පරාව නො සිඳී සත්ත්වයා ජීවත් වන්නේ ඒ සිත් පරම්පරාව නිසා ය. භවයාගේ පැවැත්මට කාරණය වන බැවින් ඒ සිත්වලට ‘භවාඞ්ග සිත්ය යි කියනු ලැබේ. භවාඞ්ග චිත්තය අන් සිතක් නැති සෑම වේලේ ම සත්ත්වයන් කෙරෙහි ඇති වන නමුත් එබඳු සිතක් ඇති වන බව අපට නොදැනේ. ඒ භවාඞ්ග චිත්තය සත්ත්වයාගේ මූල චිත්තය ය. අලුත් අලුත් අරමුණු ගන්නා වීථි පහළ වන්නේ භවාඞ්ග සිත් පරම්පරාවේ අගිනි.”

[ඉහත මහග්ගත විපාක සිත් නොසලකා හැර ඇති බව කරුණාවෙන් සලකන්න.]