[මෙය (ද) කියවන්න.]
A. "උතුරුකුරු දිවයින සෙයින් යහපත් ශස්‍යයන් ඇති,"
"නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ මානුසික වූ ශරිරදෙහයෙන් උතුරුකුරුදිවයිනට හෝ යන්නේ වේ ද, බ්‍රහ්මලොකයට හෝ යන්නේ වේ ද, දෙව්ලොවට හෝ යන්නේ වේ ද, අනික් දීපයකට හෝ යන්නේ වේ ද, එබඳු වූ කිසිවෙක් ඇද් දැ?” යි කීහ. “මහරජානෙනි, යමෙක් මේ සතරමහාභූතික වූ ශරීරයෙන් උතුරුකුරුදිවයිනට යන්නේ වේ ද? බ්‍රහ්මලොකයට යන්නේ වේ ද? දෙව්ලොවට යන්නේ වේද? අනික් දිවයිනකට යන්නේ වේ ද? එබඳු කෙනෙක් ඇතැ”යි කීසේක. ස්වාමීනි, නාගසෙනයන් (88) වහන්ස, මේ සතර මහාභූතික වූ ශරීරයෙන් උතුරුකුරුදිවයිනට හෝ බඹලොවට හෝ දෙව්ලොවට හෝ අනික් දිවයිනකට හෝ කෙසේ නම් යන්නේ වේ දැ?” යි කීහ. “මහරජානෙනි, තෙපි මේ පෘථිවියෙහි පටන් වියතක් හෝ රියනක් හෝ අහසට ලංඝනය කොට ගියබවක් මනා ව දනු දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, දනිමී. ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මම වනාහි අටරියනක් උස අහසට සැප සේ පනින්නෙමි” යි කීහ. “මහරජානෙනි, තෙපි අට රියනක් තැන් කෙසේ පනින්නහු දැ?” යි විචාළසේක. “ස්වාමීනි, මම වනාහි ‘මෙතැන්හි දී උඩ පනිමි’ යි කියා සිත් උපදවන්නෙමි. චිත්තුප්පාදය හා සමග ම මාගේ ශරීරය සැහැල්ලු ව අහසට යන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම චිත්තයාගේ වශීප්‍රාප්ත වූ සෘද්ධිමත් භික්ෂූන්වහන්සේ කය සිතට නගා ගෙණ අද්‍රව්‍ය වූ සිත වශයෙන් ම ආකාශයට යන්නාහ”යි කීසේක. එකල රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, දක්ෂ වූ සේකැ” යි ස්තුති කළහ."
"උතුරුකුරුදිවයිනට හිරු අස්තංගත වන්නේ ය. අපරගොයානයට අර්ධරාත්‍රිය වන්නේ ය. යම් කලෙක අපරගොයානයට හිරු උදා වේ නම් එකල මේ ජම්බුද්වීපයට හිරු මුදුන් වූ මධ්‍යාහ්න කාලය වන්නේ ය. පූර්වවිදෙහයට හිරු අස්තංගත වන්නේ ය. උතුරුකුරුදිවයිනට අර්ධරාත්‍රිය ව්නනේ ය. එයින් කීහ:-
ඉමම්හි දීපම්හි යද උදෙති-මජ්ඣන්තිකො හොති විදෙහදීපෙ,
කුරූන දීපම්හි ච අත්‍ථමෙති-ගොයානදීපෙ භවතජ්ඣරත්ති.
ගොයානදීපම්හි යදා උදෙති-මජ්ඣන්තිකො හොති ච ජම්බුදීපෙ,
විදෙහදීපම්හි ච අත්‍ථමෙති-කුරූනරට්ඨම්හි ච අඩ්ඪරත්තී.”
{A. එදා මෙදා තුර, අධ්‍යාත්මය, කාලය හා අවකාශය තුළ ද, භූමිය තුළද, නම් ගොත් තුළ ද [ආධ්‍යාත්මික හැකියාවන් ආදිය, දෘෂ්ටි ගෝචර වන හා නොවන තල සහ මාන, කාලය, ක්‍රමික භෞමික විකාශන, ක්‍රමික නාම විකාශන (පැතිරීම්) ...] ආදී නොයෙක් කරුණු, නොයෙක් අකාරයෙන්, නොයෙක් විපර්යාසයන්ට බඳුන් වී ඇති බැවින් ද, ලෝක විෂය (ලෝකචින්තාව = ලෝකය ගැන සිතීම) අචින්ත්‍ය (සිතා නිම කළ නොහැකි) බැවින් හා උමතු බවට (‘පිස්සු’) හා දුකට පත්වීම පමණක් සිදුවිය හැකි බැවින් ද, මෙවැනි කරුණු වලදී, නොයෙක් දේ පැටලිලි සහගත, විෂම සහගත හා නිරර්ථක විය හැකි බවයි, ධර්මානුකූල වූ “මාගේ පෞද්ගලික අදහස” නම්.}