387. අභිධර්ම පිටකයේ තියනව ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අභිධර්ම පිටකයේ කොතැන ද ඔව්වා තියෙන්නේ?

A / R. ලොව ඕනෑම ප්‍රශ්නයක් ඉතා ම පහසුවෙන් විසඳාගත හැකි ක්‍රමය නම් අභිධර්ම පිටකය යි. එය (විශේෂයෙන් ම ධම්මසංගණි ප්‍රකරණය) හකුළුවා කැටිකොට බොහෝ දෙනාට තේරුම් ගත හැකිවන පරිදි සරලව එකල ලියන ලද්ද “අභිධර්මාර්ථ සංග්‍රහය” යි.

එය ද ගුරු කොටගෙන සෑම දෙනාට ම තේරුම් ගත හැකිවන පරිදි සරලව ම මෙකල ලියන ලද ග්‍රන්ථ “රේරුකානේ හිමියන්ගේ අභිධර්ම ග්‍රන්ථ” බව මාගේත් හැඟීමයි.

තවද, “අභිධර්මාර්ථ ප්‍රදීපිකා” ග්‍රන්ථ පෙළ ද ඉතා අගනේ ය.

මූලාශ්‍ර ගැන සොයා සොයා නොසිට, ධර්මය ගැන සැක-සංකා ඇතිවෙන පරිදි කල්පනා නොකොට - එසේ මෙහෙයවෙන සිත හඳුනාගෙන, පරක්-තෙරක් නොමැති අභිධර්ම පිටකය හා සසඳමින් ම හෝ එසේ නොමැතිව ම හෝ ඉහත කී පොත් පරිහරණය ද ඉතා ම ඥානාන්විත බව බරකොට (සියල්ලන්ට ම) මතක්කරනු කැමැත්තෙමු.

(https://pitaka.lk/books/) තෙරුවන් සරණයි!

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll