530. ආර්ය තුෂ්ණිම්භූතභාවය යනු?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ආර්ය තුෂ්ණිම්භූතභාවය යනු කුමක්ද?

A / R. “ඇවැත්නි, මෙහි රහසිගතව විවේකව සිටි මට මෙවැනි කල්පනාවක් පහළවිය. (එනම්:-) ‘ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවය, ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයයි කියනු ලැබේ. ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවය වනාහි කවරක්ද?’ කියායි. ඇවැත්නි, ඒ මට මෙසේ අදහස්විය. ‘මේ ශාසනයෙහි මහණතෙම විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇතිකරන්නාවූ, සිතේ එකඟ බව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවෙනිවූ ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මෙය ආර්‍ය්‍යයන්ගේ තූෂ්ණීම්භාවයයි’ කියනු ලැබේ.”

[‘අරියො තුණ්හීභාවො, අරියො තුණ්හීභාවොති වුච්චති. කතමො නු ඛො අරියො තුණ්හීභාවො’ති? තස්ස මය්හං ආවුසො, එතදහොසි - ‘ඉධ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති අරියො තුණ්හීභාවො’ති.]

A / R. “අනාර්‍ය්‍ය තුෂ්ණීම් භාවය, ආර්‍ය්‍ය තුෂ්ණීම් භාවය යි තුෂ්ණීම්භාවය දෙකකි. ඔවුනොවුන් හා කථාවකුත් නැති, යහපත් කල්පනාවකුත් නැති ගවාදි සතුන්ගේ තුෂ්ණීම් භාවයත් කාමවිතර්කාදියෙන් යුත් තුෂ්ණීම් භාවයත් අනාර්‍ය්‍ය තුෂ්ණීම් භාවය ය. එය ද පැවිද්දන්ට අයෝග්‍යය ය. යම්කිසි ධර්මයක් ගැන සිතමින් හෝ ආත්මාර්ථ පරාර්ථ සාධක සත්ක්‍රියාවක් ගැන සිතමින් හෝ තමා පුරුදු කරන කමටහනක් සිහි කරමින් හෝ විසීම ආර්‍ය්‍ය තුෂ්ණීම් භාවය ය. සමාපත්ති ලාභීන්ගේ සමවතට සමවැදී විසීම උසස් ආර්‍ය්‍ය තුෂ්ණීම් භාවය ය.”
https://pitaka.lk/books/shasanavatharanaya/36.html

{“අරියො වා තුණ්හීභාවො නාතිමඤ්ඤිතබ්බොති අරියා තුණ්හී නිසීදන්තා න බාලපුථුජ්ජනා විය නිසීදන්ති. අඤ්ඤතරං කම්මට්ඨානං ගහෙත්වාව නිසීදන්ති. ඉති කම්මට්ඨානමනසිකාරවසෙන තුණ්හීභාවො ¶ අරියො තුණ්හීභාවො නාම, සො නාතිමඤ්ඤිතබ්බො, කිං කම්මට්ඨානානුයොගෙනාති නාවජානිතබ්බො; අත්තනො පතිරූපං කම්මට්ඨානං ගහෙත්වාව නිසීදිතබ්බන්ති අත්ථො.”
https://tipitaka.app/?a=3e10-3-si}

“ධම්මී වා කථාති දසකථාවත්ථුනිස්සිතා වා ධම්මී කථා. අරියො වා තුණ්හීභාවොති එත්ථ පන දුතියජ්ඣානම්පි අරියො තුණ්හීභාවො මූලකම්මට්ඨානම්පි. තස්මා තං ඣානං අප්පෙත්වා නිසින්නොපි, මූලකම්මට්ඨානං ගහෙත්වා නිසින්නොපි භික්ඛු අරියෙන තුණ්හීභාවෙන නිසින්නොති වෙදිතබ්බො.”
https://tipitaka.app/?a=ga3-241-si

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll