156. බ්‍රහ්මයන්ට රස දැනුණේ කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බ්‍රහ්මයන්ට රස දැනුණේ කෙසේ ද?
(‘අග්ගඤ්ඤ සූත්‍රය’ ඇසුරින් අසන ලද පැනයකි - http://pitaka.lk/17132/119/cs,aps - http://pitaka.lk/17133/120/cs,aps)

A. “ආභස්සර” බඹ ලොවෙන් චුතව මෙහි පහළ වූ සත්වයෝ බ්‍රහ්මයින් නොවන අතර, ඔවුන්ට (ඒ ප්‍රථම කාල්පික ඕපපාතික මනුෂ්‍යයන්ට) නැත්තේ ලිංග භේදය (භාව දශක) පමණි.
[පැහැදිළි කිරීම: ඉහත “(භාව දශක)” ලෙස ‘භාව දශක’ නොතිබූ බව නොගත යුතුය; ප්‍රකටව/ක්‍රියාකාරීව නොතිබූ බව ගත යුතුය.]
එමෙන් ම (මෙහි දී වැදගත් ම කරුණ වන්නේ) විපාක ජිව්හා විඤ්ඤාණ (සිත්) 2 ද තිබෙන බැවින්, රස දැන ගැනීමේ කිසිදු ගැටළුවක් පැන නොනඟී.

A. (අසඤ්ඤ තලයේ බ්‍රහ්මයින්ට) අසඤ්ඤී සත්ත්වයන්ට ඇත්තේ රුපස්කන්ධය පමණක් බැවින්, පංචේන්ද්‍රියන් ම ඇතත් (නාමස්කන්ධ 4 නොමැති බැවින්) ක්‍රියාකාරී නැත; නාමස්කන්ධ නොමැති බැවින් මනේන්ද්‍රිය ද නැත.
අනෙක් රූපී බ්‍රහ්මයින්ට (පන්චස්කන්ධයෝ ම ඇති බැවින්) ඉන්ද්‍රීය 6 ම ඇත. (එහෙත් නාසය, දිව, හා කය යන ඉන්ද්‍රීයයන් ක්‍රියාකාරී නැත - ඝාන, ජිව්හා, කාය විපාක සිත් 6 නැති බැවිණි).
අරූපී සත්ත්වයන්ට රුපස්කන්ධය පමණක් නොමැති (නාමස්කන්ධ 4 පමණක් ම ඇති) බැවින්, මනේන්ද්‍රිය පමණක් ඇත.

R. "ඇතැම් දුර්ගති අහේතුක ඕපපාතිකයනට චක්ෂුශ්-ශ්‍රෝත්‍ර‍-භාව දශකයෝ නො ලැබෙති. ඝ්‍රාණ දශකය නො ලැබෙන ඕපපාතිකයන් නැති බව කියා තිබේ. ආදිකල්පික ඕපපාතික මිනිසුන්ට භාව දශකය නො ලැබීම හැර, සුගතියෙහි ඕපපාතිකයනට දශක හානියක් නැත. සංස්වේදජ සත්ත්වයෝ ඉපද ක්‍ර‍මයෙන් වැඩෙති. ඕපපාතික සත්ත්වයෝ සම්පූර්ණ ශරීර ඇති ව ම උපදිති. ඉපදීමෙන් පසු ඔවුන්ගේ වැඩීමක් නැත."

 T. "කාම ලෝකයේ ඉන්ද්‍රිය සම්පූර්ණ සත්ත්වයන්ට වස්තු සය ම ඇත්තේ ය. රූපලෝකයේ බ්‍ර‍හ්මයනට ඝාන - ජිව්හා - කාය වස්තු නැත්තේ ය. අරූපී සත්ත්වයනට එක වස්තුවකුදු නැත්තේ ය.

රූප ලෝකයේ ඝ්‍රාණ - ජිහ්වා - කාය වස්තූන් නැතය යි කීමෙන් රූපාවචර බ්‍ර‍හ්මයනට නාසය - දිව හා කය නැතය යි නො ගත යුතු යි. ඔවුනට නැත්තේ සිත්වලට නිඃශ්‍ර‍ය වන ඝ්‍රාණ - ජිහ්වා - කාය ප්‍ර‍සාදයන් ය. බුද්ධ දර්ශන - ධර්ම ශ්‍ර‍වණාදි විශුද්ධියට උපකාර වන කරුණුවලට චක්ෂු වස්තුව හා ශ්‍රෝත්‍ර‍ වස්තුව ප්‍රයෝජන ය. ඝ්‍රාණාදි වස්තු තුනෙන් කාම රසාස්වාදයට මිස අනිකකට ප්‍රයෝජන නැත. කාම විරාග භාවනා කුශල බලයෙන් උපන් බ්‍ර‍හ්මයනට ඝ්‍රාණාදි වස්තු තුන ඇති නොවේ. බුද්ධ දර්ශන - ධර්ම ශ්‍ර‍වණාදිය පිණිස චක්ෂු - ශ්‍රෝත්‍ර‍ වස්තු දෙක ඇති වේ.

වස්තුවක් ඇසුරු කර ම උපදනා සිත් ය, වස්තුවක් ඇසුරු කොටත් නො කොටත් උපදනා සිත් ය, වස්තුවක් ඇසුරු නො කර ම උපදනා සිත් ය කියා සිත් තුන් කොටසක් ඇත්තේ ය.

චක්ඛු විඤ්ඤාණ දෙක චක්ෂු වස්තුව ඇසුරු කොට ම උපදී. සෝත - ඝාන - ජිව්හා - කාය විඤ්ඤාණයෝ ද ඒ වස්තූන් ඇසුරු කර ම උපදිති.

පඤ්චද්වාරාවජ්ජනය ය, සම්පටිච්ඡන දෙක ය, සන්තීරණ තුන ය, මහාවිපාක අට ය, ද්වේෂ මූල දෙසිත ය, සෝවාන් මාර්ග චිත්තය, හසිතුප්පාදය ය, රූපාවචර සිත් පසළොස ය යන සිත් තිස් තුන හෘදය වස්තුව ඇසුරු කොට ම උපදී.

කාමාවචර කුසල් සිත් අටය, අරූප කුසල් සතරය, ලෝභ මූල සිත් අටය, මෝහ මූල සිත් දෙක ය, මනෝද්වාරාවජ්ජනය ය, මහා ක්‍රියා අටය, අරූප ක්‍රියා සතරය, ප්‍ර‍ථම මාර්ගය හැර ලෝකෝත්තර සිත් සතය යන සිත් සතළිස් දෙක: කාම - රූප ලෝක දෙක්හි උපදනා කල්හි හෘදය වස්තු රූපය ඇසුරු කොටත්, අරූප ලෝකයෙහි උපදනා කල්හි වස්තුවක් ඇසුරු නො කොටත් උපදී.

අරූප විපාක සතර, වස්තුවක් ඇසුරු නො කොට ම උපදී."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll