157. දෙවියන් / බ්‍රහ්මයන් කතාකළේ මොන භාෂාවෙන් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. දෙවියන් බ්‍රහ්මයන් ආදී අමනුෂ්‍ය කොටස් බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවක සංඝයා සමග කතාබස් කිරීමට භාවිතා කල ක්‍රමය/භාෂාව කුමක්ද යන්න ගැන ත්‍රිපිටකයේ හෝ අටුවා ටීකා වල සඳහනක් තිබේ ද?

A. සිතින් සිතට (සිතින් ම) හෝ අදාළ මනුෂ්‍ය භාෂාව මඟින් හෝ සන්නිවේදනය කළා විය හැක. [බුදුහිමියන්ට නම් භාෂා ගැටළුවක් කිසිසේත් ම පැන නො නඟී.]

{කෙසේවෙතත්, මෙම (ඉහත) පිළිතුරට අදාළව තව දුරට හා මූලාශ්‍ර ගවේෂණය කළ යුතු ම ය.}

A. "උන් වහන්සේගේ ධර්ම දේශනය ඉතා ආශ්චර්‍ය්‍යවත් ය. දහම් දෙසන්නා වූ උන් වහන්සේගේ මුහුණ සතර දිශාවෙහිම සිට දහම් අසන සෑම දෙනාට ම නො වෙනස්ව පෙනෙන්නේ ය. උන් වහන්සේ විසින් එක ම භාෂාවකින් කරන දේශනය අසන සැම දෙනාට ම තම තමන්ගේ භාෂාවෙන් තේරෙන්නේ ය. උන් වහන්සේගේ හඬ ඉතා මිහිරි ය. මිනිස් හඬට බිය වී පලා යන වන සත්තු ද උන් වහන්සේගේ මිහිරි හඬ සතුටින් අසා ගෙන සිටිති. උන් වහන්සේගේ හඬ සේ මිහිරි, කටහඬක් තබා තූර්‍ය්‍යනාදයකුදු නැත. උන් වහන්සේ ගේ මේ මධුර ස්වරය බණ අසන පිරිසෙන් පිටතට ද නො පැතිරෙන්නේ ය. බණ අසන්නවුන් ලොව පුරා සිටියත්, සැමට ම ඇසෙන්නේ ය. උන් වහන්සේ යමක් ප්‍ර‍කාශ කෙළේ නම් එය එසේ ම ය. උන් වහන්සේට වැරදීම් නැත."


A / S. “සා ¶ මාගධී මූලභාසා;
නරා යායාදිකප්පිකා;
බ්‍රහ්මානො ¶ චාස්සුතාලාපා;
සම්බුද්ධා චාපි භාසරෙ”ති.

ලොව මුල්ම බස ද, කලින් කිසිදු හඬක් කන නොවැටුණ අය ද, බ්‍රහ්මයෝ ද, බුදුවරු ද, මාගධී (පාළි) බසින් කතා කරන බව දැක්වේ.


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll