614 - ලොව සිවුම් ම සිනිඳු ම ගැටීම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අභිධර්ම මාර්ගය - 4. චතුර්ථ පරිච්ඡේදය - 6. චිත්ත වීථි ඇති වන සැටි
"චක්ෂුඃප්‍ර‍සාද-රූපාරම්මණ දෙක්හි ගැටීමක් සිදු වුව හොත් චක්ෂුර්ද්වාරික වීථි ඇති වේ."

එනම් චක්ෂුඃප්‍ර‍සාද-රූපාරම්මණ දෙක්හි ගැටීමක් ඇති වූ පසුව ඊට අදාල සිත් ඇතිවේ.
සිතට පලමුව සිදුවන මෙම චක්ෂුඃප්‍ර‍සාද-රූපාරම්මණ දෙක්හි ගැටීම යන්න පැහැදිලි කරන්න.

A. “මුහුණේ ඡායාව කැඩපතට වැටෙන්නාක් මෙන්, දුර තිබෙන්නා වූ රූපයන් ගේ ඡායා ආලෝකය හේතු කොට ගෙන චක්ෂුඃ ප්‍ර‍සාදයට වැටේ. එයින් දැකීමය යි කියනු ලබන රූප දැනීම ඇති වේ. පරතරයක් ඇතිවන (නැතිවන?) සැටියට රූපය ම පැමිණ චක්ෂුඃ ප්‍ර‍සාදය හා ගැටුණ හොත් පෙනීමක් නොවේ. එබඳු ගැටීමක් වුව හොත් රූපයේ භූතයන් ඇසෙහි වූ කාය ප්‍ර‍සාදය හා ගැටී කාය විඥානය උපදී. කාය ප්‍ර‍සාදය මුළු සිරුරෙහි පැතිර පවත්නා බැවින් චක්ෂුඃ ප්‍ර‍සාදය පවත්නා උකුණු හිසක් පමණ තැන ද එය ඇත්තේය. එහෙත් කාය දසක කලාපයන් ගේ හා චක්ඛු දසක කලාපයන් ගේ මිශ්‍ර‍ණයක් නො වේ. ඡායාව පමණක් ගැටීමෙන් දුර තිබෙන අරමුණ ගන්නා බැවින් චක්ෂුඃ ප්‍ර‍සාදය අසම්ප්‍රාප්ත විෂය ග්‍රාහක නම් වේ.”
https://pitaka.lk/books/abhidharmaye-mulika-karunu/9-3.html

{“ඇසෙහි පිහිටියා වූ රූප දැකීමට උපකාර වන ඔපය චක්ෂුඃ ප්‍ර‍සාදය ය.”
“ඇස ඉදිරියට පැමිණෙන වස්තූන්ගේ ඡායා එතැනට වැටුණා ම එහි චක්ඛුවිඤ්ඤාණ චිත්තය උපදී.”
“ප්‍ර‍සාද රූපයන්ගෙන් චක්ෂුඃ ශ්‍රෝත්‍ර‍ දෙක දුර තිබෙන අරමුණු පමණක් ගන්නා බැවින් අසම්ප්‍රාප්තග්‍රාහක නම් වේ. ඇසට පෙනෙන්නේ එහි සැපී දුර තිබෙන දෙයක් පමණෙකි. යමක් ඇසේ ම සැපී සිටිය හොත් එය ඇසට නො පෙනේ.”
https://pitaka.lk/books/abhidharma-margaya/}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

[Watch in 4K — Recommended Resolution.]

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.

[Watch in 4K — Recommended Resolution.]

෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll