537. පණ්ඩකයා, උභතෝබ්‍යඤ්ජනකයා?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මෙම වචන වල තේරුම පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි.
පණ්ඩකයාය,
උභතෝබ්‍යඤ්ජනකයා ය,
ථෙය්‍ය සංවාසකයා ය,
තිත්ථියපක්කන්තකයා ය,
තිරශ්චීනයාය?

A / R. “පැවිදි කරණු ලැබුව ද කිසිසේත් පැවිද්ද නො පිහිටන සර්වාකාරයෙන්ම අභව්‍ය පුද්ගලයෝ ද සිටිති. පණ්ඩකයා [(විකෘති ලිංගික ආශා/ක්‍රියා ඇති හා/හෝ) (ලිංග විකලත්වය ඇති පුද්ගලයා)], උභතෝඛ්‍යඤ්ජනිකයා (ස්ත්‍රී පුරුෂ නිමිති දෙකම පිහිටි පුද්ගලයා), ථෙය්‍යසංවාසකයා (හොරට තමාම සිවුරු පොරවාගෙන පැවිද්දෙකු ලෙස පෙනී සිටින පුද්ගලයා), තිත්ථිය පක්කන්තකයා (පැවිදිව සිට පසුව තීර්ථකයන් වෙත ගොස් ඔවුන්ගේ ලබ්ධිය ගෙන සිටින පුද්ගලයා), තිරච්ඡානගතයා (තිරිසන්ගතව සිටින පමණක් නොව මනුෂ්‍ය නොවන සියල්ලම), මාතු ඝාතකයා (මව මරා ආනන්තර්ය කර්මය කළ පුද්ගලයා), පිතු ඝාතකයා (එසේම පියා මැරූ පුද්ගලයා), අරහන්ත ඝාතකයා (එසේම මනුෂ්‍ය ජාතියට අයත් රහත් උතුමෙක් මැරූ පුද්ගලයා), ලෝභිතුප්පාදයා (නපුරු සිතින් බුදු සිරුරේ ලේ සෙල වූ පුද්ගලයා), සංඝ භේදකයා (උපසපන්ව සිටිය දී සංඝයා භේද කළ පුද්ගලයා), භික්ඛුණි දූසකයා (භික්ෂුණියක දූෂණය කළ පුද්ගලයා), මෙම එකොළොස් දෙනා උපතින් හා ක්‍රියාවෙන් පාරාජිකා වූවන් සේ පිළිගන්නා බැවින් පැවිදි කිරීම හෝ උපසම්පදා කිරීම අනිවාර්යෙන්ම නො කළ යුතු ය.”

T / R. "පණ්ඩකයාය, උභතෝබ්‍යඤ්ජනකයා ය, ථෙය්‍ය සංවාසකයා ය, තිත්ථියපක්කන්තකයා ය, තිරශ්චීනයාය: මාතෘඝාතකයා ය,  පීතෘඝාතකයා ය, අරහන්තඝාතකයා ය, ලෝහිතුප්පාදකයා ය. සංඝභේදකයා ය, භික්ඛුණී දූෂකයා ය. යන එකොළොස් දෙන පැවිද්ද ලැබීමට සම්පූර්ණයෙන් ම නුසුදුසු අභව්‍ය පුද්ගලයෝ ය. නො දැන ඔවුන් පැවිදි කළත් ඔවුනට මහණකම නො පිහිටන්නේ ය. නොදැනීමකින් ඔවුන් පැවිදි කර ඇති නම් දැනගත් විට සිවුරු හරවා යැවිය යුතුය. යම්කිසි භික්ෂුවක් විසින් දැන ඔවුන් පැවිදි කළහොත් ඒ භික්ෂුවට ඇවැත් වේ.

“න භික්ඛවෙ, හත්ථච්ඡින්නො පබ්බාජෙතබ්බො, න පාදච්ඡින්නො පබ්බාජෙතබ්බො” යනාදීන් තවත් හත්ථච්ඡින්නාදි පුද්ගලයන් දෙතිස් දෙනකු පැවිදි නො කළ යුතු බව වදාරා තිබේ. යම්කිසි භික්ෂුවක් විසින් ඔවුන් ගෙන් එකකු පැවිදි කළ හොත් ඔහුට මහණකම පිහිටයි. එහෙත් පැවිදි කළ භික්ෂුවට ඇවැත් වේ. කියන ලද දෝෂයන්ගෙන් මිදුණු පුද්ගලයකු වුවද “න භික්ඛවෙ අනනුඤ්ඤාතො මාතා පිතූහි පුත්තො පබ්බාජෙතම්බො. යො පබ්බජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යි තථාගතයන් වහන්සේ වදාරා ඇති බැවින් මාපියන්ගෙන් අනු දැනීමක් නැති පුත්‍ර‍යා ද පැවිදි නො කළ යුතුය. පැවිදි කරනු ලැබුවහොත් ඔහුට ද මහණකම පිහිටයි. පැවිදි කළ භික්‍ෂුවට දුකුලා ඇවැත් වේ."

 {https://tipitaka.app/?a=1c0-618-si >>> https://tipitaka.app/?a=3c0-278-si >>>}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll