Q. මෙහි එන වැසුනු ඉන්ද්‍රිය ඇති (ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරතං) වීමට වැඩිය යුතු භාවනාව කුමක්දැයි පහදා දෙන්න.
("ඉන්ද්‍රියෙසු අගුත්තද්වාරතං = ඉන්‍ද්‍රියයන්හි නොවසන ලද දොරටු ඇති බව")
A / R. සතිපට්ඨාන භාවනාවේ කුමන කොටසක් හෝ වැඩිය හැක / එක් පදයක් හෝ වැඩිය හැක. උදාහරණයක් ලෙස “සත්ත්වයෙක් නොවේ” ලෙස (හෝ “අනිත්‍යයි” හෝ “දුකයි” හෝ “අනාත්මයි” ආදී ලෙසින් කමටහන් සිය දහස් ගණනක්) වැඩිය හැකි යැයි සිතේ.
වචනය පමණක් නොව වචනාර්ථය ද සිතට හොඳින් හසුවීම සාර්ථක ම ක්‍රමය යි - උදාහරණයක් ලෙස “අනාත්මයි” ලෙස වඩන්නේ නම්,
1. වසගයේ පැවැත්විය නොහැකි බව අර්ථග්‍රාහී විය යුතු ය.
හෝ
2. “සත්ත්වයෙක් නොවේ”, “පුද්ගලයෙකු නොවේ” “මම නොවේ”
යන්න අර්ථග්‍රාහී විය යුතු ය.
නමුත් මෙහි දී ගනු ලබන්නේ දෙවැන්න යි (දිට්ඨි විශුද්ධිය අරමුණු කොට ඇත) - “සත්ත්වයෙක් නොවේ”, “පුද්ගලයෙකු නොවේ” “මම නොවේ” යන්නයි.
පළමු පියවර හුදු වචනයෙන් ම පටන් ගන්න.
දෙවන පියවර අර්ථග්‍රාහී වෙන්න.
තුන්වන පියවර සහේතුකව (හේතු සහිතව) අර්ථය තමන් ම ප්‍රත්‍යක්ෂ වන තුරු ම වඩන්න.
[සහේතුකව (හේතු සහිතව) අර්ථය තමන්ට ම ප්‍රත්‍යක්ෂ වීමට (අභි)ධර්ම ඥානය (දහම් දැනුම) බෙහෙවින් ම ඉවහල් වේ.]
{පහත “විශුද්ධි මාර්ග” මාර්ගෝපදේශනය මැනවින් විශ්ලේෂණය කරන්න.}
https://pitaka.lk/books/vishuddhi-margaya/3-10.html
{"2. ඉන්ද්‍රිය සංවර ශීලය
“සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හෙති නානුබ්‍යඤ්ජනග්ගාහී. යත්‍වාධිකරණමෙතං චක්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍වාස්සවෙය්‍යුං තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්‍වා, ඝාණෙන ගන්‍ධං ඝායිත්‍වා, ජිව්හාය රසං සායිත්‍වා, කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්‍වා, මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති......පෙ.... මන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති”[1] යනු ඉන්‍ද්‍රිය සංවර සඳහා විභඞ්ගයෙහි වදාළ පාළියි. මෙහි අභිප්‍රාය පද පිළිවෙළින් දක්වනු ලැබේ.
සා= ඒ ප්‍රාතිමොක්ෂ සංවර ශීලයෙන් යුක්ත වූ භික්‍ෂු.
චක්ඛුනාරූපං දිස්වා= චක්‍ෂුර්විඥානයෙන් රූප දැකැ(මෙහි චක්ඛු ශබ්දයෙන් රූපදර්‍ශනයට සමර්‍ථ වූ චක්ෂුර්විඥානය වදාළ බැව් දතයුතු.)
මේ පිළිබඳ පුරාණචාර්‍ය්‍යවරයන් ගේ මතය මෙසේ ය.
“ඇසට රූප නොදැක්ක හැකි ය. ඇස සිත නොවන හෙයිනි. සිතට ද රූප නො දැක්ක හැකි ය. සිත ඇස නොවන හෙයිනි. එසේ නම් ‘ඇසින් රූප දක්නේ ය’ යනු කෙසේ වන්නේ ද යත්? චක්‍ෂුර්ද්වාරයෙහි රූපාරම්මණය ගැටුණු විට ඒ චක්‍ෂුඃප්‍රාසාදය වස්තු කොට ඇති සිතින් රූප දක්නේ ය. ‘දුන්නෙන් විදියි’ කීකල දුන්න හේතු කොට ගෙන ඊතලයෙන් විදින්නාක් මෙනි. එහෙයින් “චක්ඛුනා රූපං දිස්වා” යූ තැන චක්‍ෂුර්විඥානයෙන් රූප යන අර්‍ථය දත යුතු ය” යනුයි.
න නිමිත්තග්ගාහි= පියොවුර ආදි ස්ත්‍රී නිමිති හෝ දැළි රැවුලු ආදි පුරුෂ නිමිති හෝ කෙලෙස් උපදීමට හේතු වන අන්‍ය නිමිති හෝ නොගන්නේ ය. හුදෙක් දුටු දෙය දුටු සැටියෙකින් මැ සලකා ගන්නේ ය යි සේයි.
න අනුබ්‍යඤ්ජනග්ගාහි= අනුබ්‍යඤ්ජන නොගන්නේ ය. අනුබ්‍යඤ්ජන නම්, කෙලෙස් ප්‍රකට භාවයට පමුණුවන අත් පා සිනා කියුම් බැලුම් ආදිය පිළිබඳ ආකාරයි. එබඳු ආකාර ශුභ වශයෙන් නොගෙන ඇති සැටියේ අසුභ වශයෙන් මැ ගන්නේ යයි සේයි. සෑගිරියෙහි විසු මහාතිස්ස තෙරුන්නාන්සේ මෙනි.
මහාතිස්ස තෙරුනාන්සේගේ කථාව
සෑගිරියෙහි (මිහින්තලේ) විසූ මහාතිස්ස තෙරුන්නාන්සේ එක් දවසක් අනුරාධපුරයට පිඬු පිණිස වඩිමින් සිටිසේක. අනුරාධපුරයෙහි විසූ එක් කුලඟනක් සිය සැමියා කලහ කොට ගෙන ‘මේ වද විඳුවන දීගයට වඩා හුදෙකලාව ගෙයි රැඳුම යෙහෙකැ’යි සලකා ඇති මට්ටමින් හැඳ පැලඳ දෙවඟනක් මෙන් සැරසී උදෑසන මැ මිහින්තලේ දිසාවට යනු පිණිස මඟට බැස්සා ය. මාර්‍ගයෙන් ගමන් ගත් ඕ තොමෝ සන්සුන් පියොවින් මඟ වඩින වන්‍දනීය වූ තෙරුන් වහන්සේ දැක නින්‍දනීය අදහසක් උපදවා උන්වහන්සේ ලවා තමා දිසා බලනු පිණිස ශබ්ද නඟා කොමල සිනාවක් සීපුය. මූල කර්‍මස්ථානය මෙනෙහි කරමින් වඩින තෙරුන්වහන්සේ ඒ කුමක්දැයි බලන සේක් ඇයගේ විලිත්තු දත් ඇට පෙළ දැක ස්වකීය අසථික කර්‍මස්ථානය සිතට ආවිර්භුත වූයෙන් විදසුන් වඩා එහි දීම අර්‍හත් ඵලයට පැමිණි සේක.
ඇයගේ දත් ඇට දැක - සිහිකෙළෙ මුල් කමටහන
එහි මැ සිට ඒ තෙරණුවො - රහත් බවට පැමිණියෝ.[2]
ඇයගේ හිමියා ඇය සොයා එන්නේ තෙරුන්නාන්සේ දැක “ස්වාමීනි! මෙහි ගැහැණියක් ගියා දුටුදැ”යි විචාළේය.
එවිට තෙරුන්නාන්සේ
ගැහැණි ද පිරිමි දැයි - නො දනිමි දැන් මින් ගියේ
මහමඟ ඇට ගොඩක් නම් - ගමන් කරනු දුටුයෙමි[3]
යි කී සේක.
“යත්‍වාධිකරණ මෙතං චක්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍වාස්ස වෙය්‍යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්‍ද්‍රියං චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති”[4]
‘යම් චක්‍ෂුරින්‍ද්‍රියයක් සංවර කොට නො ගෙන වාසය කරන පුද්ගලයා කරා රාග ද්වේෂාදි ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබැඳ එත් නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියය සංවර කරගැන්ම පිණිස පිළිපදනේ ය. ඒ චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරය ට පැමිණෙන්නේ යි.’
සංවර අසංවර ස්ථාන විභාගය
ප්‍රශ්න:- චක්‍ෂුඃප්‍රසාදය නිසා ස්මෘතියක් හෝ විස්මෘතියක් හෝ නූපදනා බැවින් චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයක් හෝ අසංවරයෙක් හෝ නැත්තේ නොවේ ද කුමක් හෙයින් “චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙන්නේ ය”යි වදාළ සේක් ද පරිහාර මෙසේ ය.
චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයක් හෝ අසංවරයක් හෝ නැති බව සැබෑ ය. එතකුදු වුවත් රූපාරම්මණය චක්‍ෂුඃප්‍රසාදයෙහි ගැටුණු විට භවාඞ්ග චිත්තය භවාඞ්ගචලන - භවාඞ්ග උපච්ඡෙද නමින් දෙවරක් ඉපදී නිරුද්‍ධ වූ කල්හි ඒ රූපය ම අරමුණු කරමින් පංචද්‍වාරාවජ්ජන චිත්තය එක වරක් උපදනේ ය. එය නිරුද්‍ධ වූ කල්හි දර්‍ශන කෘත්‍යය සිද්‍ධ කරමින් චක්ඛුවිඤ්ඤාණ චිත්තය උපදනේ ය. එය නිරුද්‍ධ වූ කල්හි සම්පටිච්ඡව කෘත්‍යය සිද්‍ධ කරමින් සන්තීරණ චිත්තය ද, එය නිරුද්‍ධ වූ කල්හි ජවන් සිත් උපදනේ ය. මේ සිත් අතුරෙන් භවංග - පංචද්‍වාරාවජ්ජන චක්ඛුවිඤ්ඤාණ - සම්පටිච්ඡන - සන්තීරණ - වොත්‍ථපන යන සිත්හි සංවර හෝ අසංවර හෝ නො වෙයි. ජවනක්‍ෂණයෙහි මැ දුස්සීල භාවය හෝ මුළාසිහිය හෝ අඥාන භාවය හෝ නොඉවසීම හෝ කුසිත භාවය හෝ වුණි නම් අසංවර වෙයි. මෙසේ අසංවරය ජවන් අවස්ථාවෙහි වුව ද චක්ඛුන්‍ද්‍රිය අසංවර යයි කියනු ලැබේ. කුමක් හෙයින් ද ජවන් සිත් හි අසංවරය වූ කල්හි චක්ඛුද්වාරය ද, භාවාඞ්ග ආවර්‍ජනාදි වීථි සිත් ද, අසංවර වන බැවිනි. නගරයෙහි ප්‍රධාන දොර සතර නොපියූ කල්හි ඇතුල්හි සුලු ද්වාර පියූවත් නගරය ආරක්‍ෂා සහිත නොවෙයි. ප්‍රධාන ද්වාරයන්ගෙන් සොරු ඇතුල් වැ නුවර බඩු පැහැර ගන්නා බැවිනි. එමෙන් ජවන් අසංවර වූ කල්හි චක්‍ෂුර්ද්වාරය ද, භවාඞ්ග ආවර්‍ජනාදි සිත් ද අසංවර මැ යි. ජවන සංවර වූ කල්හි චක්ඛුද්වාර භවංග ආවර්‍ජනාදිය ද සංවරය. ප්‍රධාන ද්වාර සංවර කල්හි මුළු නගරය ම ආරක්‍ෂා සහිත වන්නාක් මෙනි. මෙසෙයින් ජවනක්‍ෂණයෙන් වන සංවරය “චක්ඛුන්‍ද්‍රිය සංවර” යයි වදාළ සේකැ යි දතයුතු.
“සොතෙන සද්දං සුත්‍වා”.....පෙ.... ‘ශ්‍රොත්‍ර විඥානයෙන් ශබ්ද අසා’ යනාදිය ද යට කියන ලද පරිදි මැ වන්නේ ය.
මෙසේ රූපාදිය නිමිති කොට සිත්හි කෙලෙස් ඉපැදීම වළකන්නේ ඉන්‍ද්‍රිය සංවර ශීලය යි දතයුතු."}
[https://pitaka.lk/main?n=201410&p=454]

{ඉන්ද්‍රිය සංවර සීලය / ඉන්ද්‍රිය සංවරය:
“යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා)
සති තෙසං නිවාරණං
සොතානං සංවරං බ්රූමි
පඤ්ඤායෙතෙ පිථීයරෙ.”}